‘හොරා‘ යනුවෙන් අදහස් කරන්නේ ‘හොඳ රාජ්‍ය පාලකයා‘ යැයි පවසමින් සිංහල භාෂාව ද විකෘති කරන අන්දමේ ප්‍රකාශ සිදු කරමින් මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ඡන්දය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමා හොරකු බව තමන්ම පිළිගන්නා නිසා බවත්, කළ හොර වැඩ ඉදිරියටත් කරගෙන යෑමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සඳහා බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන සන්ධානයේ දේශපාලන අනාථයන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ නිරර්ථක උත්සාහයක නිරත වන බව ද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පක්ෂයේ සාමාජිකයෝ, ඒ අයගේ නායකයින්ට හු කියනවා, සමහරු මනාප ගන්ඩ නායකයට වඳිනවා, ගෝලයෝ නායකයාගේ ඇගිල්ල කඩන්න හදනවා, ලොක්ක ගෝලයින්ට ගහන්ඩ හදනවා, වෙනදා නොගෙවු මුදල් ගෙවා නිර්දෝෂී වෙන්ඩ හදනවා. වෙනදාට වඩා බොරු පොරොන්දු දී ජනතාව රවටනා, සිංහල භාෂාවට අලුතින් අර්ථ දෙනවා මහා රජ , ඔබ දිනේවා. (බ)
ප්‍රසන්න උන්නැහේ , හිතට එකඟව කියන්න ඔබ දන්නවද බැඳුම්කරය කියන්නේ මොකක්ද කියල ? ඒවගේම හොඳට හොයල බලල කියන්න කලින් ආණ්ඩුව කාලේදී බැඳුම්කර නිකුත්කරපු විදිය ඔබ දන්නවද කියල ? මේ ප්‍රශ්න දෙකට උත්තර නිවැරදිව දන්නවා නම් පමණක් ඔබට අයිතියක් තියෙනවා මේ රජයේ බැඳුම්කර ගැන අදහසක් ප්‍රකාශ කරන්න . (බ)
දැන් මෙතන ඉන්න කිදෙනෙක් බැදුම්කර නිකුතුව කියන්නේ මොකක්ද කියල දන්නවද, මොනවා වුණත් මේ ආණ්ඩුව මේකෙන් නෑවා හොදටම (ම)
නන්දලාල් !..පැහැදිලි බුද්ධියෙන් සහ මනසෙන් උත්තර දීල තියෙනවා .සන්තෝසයි .(ම)
මහා බැංකු හොරුන්ගේ පූචානං. (නදී)
කෝප් වාර්තාවත් මේකට ඇතුලත්ද ?(නදී)
රාමලිංගම්-ජපානය , ඔබ රටටම ආදර්ශයක් .ඔබගේ අදහසට අපි 100% එකඟ වෙමු. ඔබේ අදහස අපේ සිංහල දෙමල සහෝදරත්වය මනාව පිළිබිඹු කරනවා . (ර)
එතකොට මේක සිංහල රටක් නෙමෙයි කියපු ඔබතුමාට අපි මොකද කරන්න ඕනි...(ම)
දැන් නම් එතුමා වේදිකාවට නැගලා තමන් මොනවා කියනවද කියලා තමන්ම දන්නේ නැහැ . (ම)
දේශපාලනය කරන ඔක්කොම මහජන දේපල හොරා කන බව ජනතාව දන්නවා. ඔයා නිකන් තොත්ත බබා වෙන්න එපා. බැදුම්කර නිකුත් කරන කොටම තමුන්නාන්සේලාගේ අයත් කෝටි ගානකට දුන්නේ වැඩේ, තව දැනගන්න ඕනද. මේ රජයේ හොරා කන්නේ රටත් විනාස කොරල රටට කිසිම වැඩක් නොකර. (නදී)
මොකද කෝප් වාර්තාව කියන්නේ මොකද බැදුම්කර කර කියනේ ඉමල්කා විජේසුන්දෙර ප්‍රසන්න (බ)
මේ වගේ නායකයෙක්නේ අපේ රට පාලනය කලේ... (ම)
තමන් හොරෙකු බව මහින්දම පිළිගෙන ඇති නිසාත්, ඔහු සිංහලයට අලුත් තේරුම් ඇති වචනයකුත් එකතු කර ඇති නිසා, එහි ගෞරවය ඔහුට හිමි විය යුතුය. මේ නිකුත් කර ඇති කෝප් වාර්තාවට පසුගිය කාලයේ කබ්රාල් කරපු දේවලුත් ඇතුලත් කර සියලු හොරුන්ට දඬුවම් දෙන්න. අද මාධ්‍ය සියලු දේ වාර්තා කරන නිසා, ජනතාව සියලු දේ දැනගන්නවා. පහුගිය කාලේ බලෙන් යටපත් කළ සියලු වැරදි වලටත් නියම ආකාරයෙන් දඬුවම් දෙන්න. (බ)
කාල, කාල ඔක්කොම රහටම කාල, කන්න ඉතුරුවෙලා තිබුන සිංහල භාෂාවත් මේ විදියට කන්න මෙයාට උගත්කමක්වත් නැතිබව මේ වාචාල කතාවෙන්ම පේනවා ! දැන් මහින්ද රැස්වීම්වලදී කතා කරන්නෙත් ඉතාම පහත්, හිටපු ජනාධිපති කෙනෙක් කතා කල යුතු විදියේ වචන වලින් නොවෙයි. ලැජ්ජයි !!!! (බ)
කොළඹ පොස්ටේර්වල අර මහා ප්‍රාඥයා කියල දමාගෙන තිබුන එක යන්තම් මකාගෙන. එය තේරුම් ගත්ත එක ඒතුමාට හොඳයි. හැබයි දැන් හොරා කියන වචනයත් දේශපාලන වේදිකාවේ හුලන් බැහැපු පදයක් වෙලා. (බ)
මහින්ද රාජපක්ෂ අදහස් කළේ , ලංකාවේ හොඳ රාජ්‍ය නායකයකු වීමට නම් , ඔහු ලොකු සොරෙකු විය යුතුය කියා, මෙය සමහරුන්ට වැටහෙන්නේ නැහැ (බ)
ඔය භාෂාව උගන්නවන්න ඇත්තේ අර පාර්ලිමේන්තුවේදී පල්ලෙහා කඩේ යාලුවා ගැන කියල ජනතාව විමතියට පත් කල කෙනා වෙන්න ඕන . (ස)
ඔහේට සිංහල කිව්වොත් ජාතිවාදියි කියන්න හොඳයිද? සල්ලිවලට නැමෙන කට! අපිට අප්පිරියයි...(ස)
බලනකොට මේ ඔක්කොම රහත්වෙලා මහජනතාව තමයි වැරදි, මොකද ජන්ද කොලේ අතට ගත්තම මෝඩයිනේ (ම)