ලංකා රජය වෙනුවෙන් යුරෝපා රටකට පත්ව ගිය ජාත්‍යන්තර නිලධාරියකු ඒ රටේදී දවසකට වේටර් වරයකු වූ පුවතක් වාර්ථා වේ. යුරෝපයේ පෞරාණික අග නගරයක පිහිටි කාර්යාලයකි. එම කාර්යාලයේ හිටපු නිලධාරියකුගේ ක්‍රියාවන් පිළිබඳව එරටේ ජිවත්වන ශ්‍රී ලාංකිකයෝ හොඳට දනිති.
ඔවුන්ගේ මතය අනුව හිටපු තානාපති මුදලට තරමක් කෑදරය. ලෝකයේ මිල අධිකම තේ කෝප්පය විකිණීමේ ගෞරවය ඔහු සතුය. සමාජ සුබසාධන කටයුත්තකට යැයි කියමින් තම නිල නිවසේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.
එම තේ පැන් සංග්‍රහය සඳහා අග නගරයේ ජිවත්වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූවරුන්ට ආරාධනා ලැබිණි. නිලධරයා ඔහුගේම අතින් පිරිනමන තේ කෝප්පයක රස බැලීමේ නොනිමි ආසාව ඔවුන්ටද තිබිණි.
එක් තේ කෝප්පයක මිල යුරෝ 50කි. එවක මිල අනුපාතය අනුව ලංකා මුදලින් රුපියල් 6000කි. පැමිණි විශාල පිරිස තේ පානයෙන් අනතුරුව තානාපති සමග සුහද සතුටු සාමිචියෙන් අනතුරුව විසිර ගියෝය. සමාජ සුබසාධන කටයුත්ත කුමක්දැයි, එකතු වූ මුදලට සිදුවුයේ කුමක්දැයි ඔවුහු අද වනතුරු නොදනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදී ලංකාවේ සියලුම දෙපාර්තමේන්තුවලටත් අමාත්‍යංශවලටත්, පිටරට සියලු තානාපති කාර්යාලවලටත් රජගෙදර, අගමැති අරලියගහ මැදුරටත් සියලු විශ්ව විද්‍යාලවලටත් අවශ්‍ය සියලුම ඇඳ, පුටු, මේස, ආදී සියලුම දේ සාදා සැපයුවේ කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවෙනි. මේවගේ ඇමති වරුන්ටත්, තානාපති නිලධාරීන්ටත් ඕන ඕන විධියට මුදල් වියදම් කරන්න ඉඩ දුන්නේ නැහැ. නැවතත් ඒවගේ ක්‍රියාවක් සැදුවොත් රටට යහපතක් වේවිය කියා මා හිතනවා. (නදී)
එංගලන්තයේ මුදල් වංචා සහ දූෂණ වලට වැරදිකරුවන් වූ යුවලකට මෙරට රාජකාරි කිරීම තහනම් කිරීමෙන් පසුව එම කාන්තාවට යනඑන මං නැතිවූ මොහොතක පසුගිය රාජපක්ෂ රජය යුරෝපයේ තානාපති කමක් දුන්නේ (නදී)
ඔන්න, ඉතාලි තානාපති කාර්යාලයේ වැඩ (නදී)
මේ අර අපි වෙනුවෙන් අපි අරමුදල් සල්ලි වලට පිල්ලි ගහල දුවගේ මගුල ගත්ත උන්නැහේ නේද ? (බ)
යුරෝපේ නෙවේ මම නම් බිව්වා ලංකාවේ කෝපි එකක් . රුපියල් 1500 යි (නදී)
අප දැකලා තියන විදිහට අපට හිතෙනවා සමහර නිලධාරීන් වැඩ කරන්නේ රජයේ මුදල් මුදල් නොවේ කියලා. මන්ද හිතු හිතූ සම්පත් පහල කරගන්න රජයේ මුදල් තමන්ගේ වාගේ භාවිතා කරනවා. විදේශ තානාපති කාර්යාල වලට එන නිලධාරීන්ට තමන්ගේ පෞද්ගලික මුදලින් තම ගෙදරටවත් නොගන්නා භාණ්ඩ රජයේ මුදල් වියදම් කරමින් නිකරුනේ මිලදී ගන්නට තැත් කිරීම නොහොබිනා වැඩක් බව උගන්වා එවිය යුතුයි. (නදී)