බ්‍රහස්පතින්දා (17) හයිඩ් පිටියේ ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගනිමින් පැවැත්වූ රැලිය මහජනයා එක්වී කළ ආණ්ඩු විරෝධී රැලියකට වඩා මහින්ද රාජපක්ෂ මහතා අදහන පිරිසකගේ රැස්වීමක් බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර් පෙරේරා පැවසීය.
අද (18) සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වන්නේ හැමවිටම ‘මම, මම විතරයි, මමයි ජයග්‍රහණය කළේ‘ යනුවෙන් බවත් ඒ හේතුව නිසාම ඔහුට විරුද්ධව ජනවාරි 8 වැනිදා ජනතාව පෙළ ගැසුණු බවත් පැවසූ ඔහු කියා සිටියේ ය.
‘මහින්ද රාජපක්ෂ මහතා වන්දනාමාන කරනවානම් ඔහු වටා සිටිනවානම් ඔහුගේ අත පල්ලෙන් වැටෙන යමක් ලබාගෙන ජීවත්වීම මහින්ද පාලන තන්ත්‍රය ලබාදී තිබූ දේ‘ බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මහින්ද මහත්මයාව අදහනවා තමා...ඔබගේ ප්‍රකාශයේ වැරද්දක් නෑ.(බ)
මහින්ද සමග හිටියේ කලගුණ දත් නියම ශ්‍රී ලාංකිකයෝ හොරු දැන් ඉන්නේ රනිල් වටේ බැංකු හොරු කෝ දැන් නියම ජන බලයට කට්ටිය බය වෙලා චන්දෙ තියන් නැත්තේ ඒ නිසයි (රේ)
මහින්ද රාජපක්ෂ අදහන කොටස මේ වාගේනම් , අහන්න දෙයක් නැහැ ලබන ඡන්දයේදී ඔහු බලයට එනවා සිකුරුයි , දැනටම කොටසක් බයවෙලා වාගේ (බ)
අපි කොහොම මිනිස්සු කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
මෝඩ කමට බෙහෙත් නැහැ. (බ)
මුන්ට ඉරිසියාව. සෑමදා ජනතාව මහින්ද සමගයි (බ)
නොදියුණු රටවල මේ විදිහට දේශපාලුවන්ට වන්දනා කිරීමේ වහල් පුරුද්ද පවතිනවා. දකුණු ඉන්දියාවේ නායිකාව රටේ සම්පත් වංචා කළාට දුෂණ චෝදනාවලට අවුරුදු 4 කට හිරේ ගියා. ඒත් ඇය දේවතාවියක් ලෙස සලකා වඳින පුදන ඒ වෙනුවෙන් දිවි නසා ගත්තු මිනිස්සු හිටිය. දියුණු රටවල ජනයා පුද්ගලයා දිහා බලනවට වඩා ප්‍රතිපත්ති, වැඩ පිළිවෙලවල් දිහා බලලයි තීන්දු ගන්නේ.(බ)
අයියෝ කොහෙද යුද්දේ කළේ එහෙම උන්නේ මේගොල්ලෝ (බ)
ඔය වමේ කේන්ද්‍රයේ නිලධාරීන් ඇරෙන්න සාමාජිකයෝ කීදෙනෙක් ඉන්නවද දන්නෙ නැහැ (නි)
නිදහස ලබන විට අපේ රට ආසියාවෙන් දෙවෙනි වුණේ ජපානයට පමණයි. අවුරුදු 68 පාලනය කරපු අයගෙ රඟේ ඇස් තියෙන කෙනෙකුට පේනවා. ඔය කවුරු කවුරුත් මොන සෙල්ලම් දැම්මත් අපේ ඡන්දෙන් තමයි පාර්ළිමේන්තු යන්න වෙන්නේ. එදාට බලමු කොයි කයිවාරුවද දිනන්නේ කියලා.(අ)
මේ "වමේ කේන්ද්‍රය" ගැන අපි මීට කලින් අහලා නැහැ. (නි)
ජනවාරි 8 දා පසුවී මස 2 කට පසු මහින්ද ඉල්ලා පැවැත්වූ නුගේගොඩ රැස්වීමට පැමිණි සෙනගින් කාලක්වත් මෙයට අවේ නැහැ. නුගේගොඩ රැස්වීමට පස්සේ මහා මැතිවරණයේ ප්‍රතිපලය මොකක්ද? මහින්දට හිතවත් පිරිසක් පැමිණීමෙන් ඇඟවෙන්නේ ඒ පැත්තට රැල්ලක් ඇති බව නෙමෙයි. (අ)
බමුණු, සුමිත්‍රා ..අර කතාවට කලින් මාතෘ භූමිය සිපගත්ත, මහින්දගේ ලෙන් දොර කඩාගෙන එන්න හදපු හාදයත්, අර හිටපු ආණ්ඩුවේ ආර්ථික ඝාතකයා ගැන කතා කරපු තුන්මුල්ලේ හාදයත් හිටපු "සමාගමේ" කෙලි ගැන ඒ දවස්වල පතුරුගහුව මතකද .එතකොට දැන් අපි විශ්වාශ කරන්නේ එයාල එදා කියපු ඒවාද දැන් කියන ඒවාද? දන්නැති හින්දයි ඇහුවේ .අනේ මේකටනම් කොහොම හරි උත්තරයක් දෙන්න (බ)
ඒ තමයි නියම මනුෂ්‍යයෝ, රටට ආදරේ ඇති අය (නි)
මෙහෙම දෙයක් වෙන කාටද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම බැතිමතුන් අති විශාල ප්‍රමාණයක් ඉන්නේ ඇයි ? ඔහු වෙන කාටවත් කරන්න බැරී දේවල් කල නිසා නේද ? (ර)
එම් ආර් කල දේ අනිත් අයට කරන්න බැහැ කියල ඔප්පු වෙලා තිබියදී මොනවද මේ හතර බිරි කතා. (ර)
කවදාහරි විමල්ටයි, ගම්මල්පිලටයි, දිනේෂ්ටයි වෙන්නේ "අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා.." කියන සින්දුව කිය කියා ඉන්න (නි)
මේ කොහේ හිටිය කෙනෙක්ද මේ... (ර)
කව්ද අනේ හැබැටම ඔයාලා. ලංකාවේද? (ර)
කව්රුත් රැස්වීම් තිබ්බට ඔයාලා මොකද කලබල වෙලා.? (ර)
ඕන තරම් සෙනග බස් වලින් ගෙන්නන්න පුළුවන්. මම දැක්ක හයි වේ එකේ ආපු බස් ගාන. සේරම දකුණින් ගෙනාවේ. බත් පැකට් එකයි, අරක්කු බෝතලෙයි දැක්කහම මිනිස්සු ඇද ගන්න එක මහා දෙයක් නෙවෙයි. වෙනස උනේ ගිය පාර ලංගම බස් , මේ පාර ප්‍රයිවට් බස්. (ර)
රොකි.ලිබියාවේ අසරණ මිනිසුන්ව කුළු ගෙඩි වලින් ගහල මරන්න නියෝග දුන්නු ගඩාෆිටත් 20% ක ජනතාවක් හිටිය. (බ)
හැබැටම මහින්ද තනියම සටන් කලාද? (ර)
මහින්ද කියන්නේ ඇදහිය යුතු පුද්ගලයෙක් තමා. අද රට බේරිලා තියෙන්නේ එතුමා නිසා (නි)
ඉන්දික කිව්වොත් කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක්මයි (නි)
දැන් කෝ විනය පරීක්ෂණ ? (ර)
මහින්ද මහත්තයා අදහන ලක්ෂ 58 ක් ඉන්නවා. (ර)
අපි නම් අදහනවා. අැයි වැරදිද? එතුමා රට වෙනුවෙන් වැඩ කරපු ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)
පව් කියලත් හිතෙනවා මුහුණු ටික දැක්කහම. කොහෙන්හරි ඩොලර් ගන්න පුළුවන් නම් අටවගන්නවා සංගමයක්. දහ දෙනෙක්වත් නැහැ සංගමේට. මේ අය බෝම්බ පුපුරන කාලේ කොහෙද හිටියේ. (නි)
2015 ජනාධිපතිවරණය සෙනඟ අනුව තීරණය කළා නම්, මහින්ද අත උඩ දිනුම්. (නි)
සෙනඟ ගෙනාපු හැටි අපි දැක්කා. ජනාධිපතිවරණයටත් මෙහෙමම සෙනඟ ගෙනාවා. අන්තිමට ලංගමට තියපු පොල්ල තාම එහෙමමයි (නි)
අපිට ඊර්ෂ්‍යාවේ බැහැ අනේ මේවා පෙනෙනකොට (නි)
ලංකාවේ දැන් විරුද්ධ පක්ෂයක් කියලා එකක් තියනවද කියලාවත් අපිට පෙනෙන්නේ නැහැ (නි)
මේ රටේ මොලය තියෙන අය හයිඩ් පිටියට ගිය ගාන වැඩි බව දැනගත යුතුය. (ර)
මේ පුද්ගලයා මේ කතාවෙන් පිළිගත්තා ලන්කාවේ ජනතාවගෙන් වැඩි පිරිසක් මහින්ද අදහන බව. කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ (නි)
මේ බැතිමතුන් නම් පේ වෙලා ඇවිල්ල සූර් වෙලා ගිහිල්ල. දේශපාලකයන්ට බැතිමතුන් හිටියේ මිනිස්සු අකුරු ඉගෙනගන්න කලින්. (ර)
වෙනත් බලවේග වලට 8 වෙනිදා දුන්නා ඔවුන් දැන් අසමත් පාලකයන් ඒකයි වරද. (ර)
ඉන්දික, ඔයා හිතේ අමාරුවටනේ ඕවා කියන්නේ.මම හිතන්නේ ඔයත් බයවෙලා පැරදුන මිනිහට මේ තරම් සෙනඟක් කොහෙන්ද කියලා නේද...... (නි)
නොදියුණු රටවල මේ විදිහට දේශපාලුවන්ට වන්දනා කිරීමේ වහල් පුරුද්ද පවතිනවා. කිව්වොත් කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක්මයි. (ර)
නිම්මිලා වගේ වහල් චින්තනය තිබෙන මිනිස්සු 90%ක් ඉන්න මේ රට ගොඩගන්න බැහැ. කුවේණියත් ඒ කාලේ එහෙම කියන්න ඇති. මේක ජාතියේ ජාන වල වැරැද්දක්. (නි)
මොකක් හරි නමක් අටවාගෙන මාධ්‍ය සාකච්ඡා තියන්න විතරයි හුඟක් අය දන්නේ. බොරුවට කෑ ගහන්න එපා. මිනිස්සු තවම මහින්ද මහත්තයට ආදරෙයි.. (නි)
හැම පක්ෂයකම තම නායකයන් අදහන අය ඉන්නවා. ඔයගොල්ලතෙහෙමනේ. ඔයගොල්ල අදහන්නෙත් විදේශිකයන්ගේ දෙසපාලනයනේ..(රේ)
ඔබ තුමන්ලාත් රැලියක් තියල බලන්න ඔබතුමන්ලාගෙ මතවාදය අදහන කීදෙනෙක් මේ රටේ ඉන්නවද කියල. ජනතාව අදහන දේශපාලකයො තමයි රටේ නායකත්වයට පත්වෙන්නෙ. එහෙම වෙන්න නම් රට දැයට සේවය කල යුතුයි..(රේ)
වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු කිව්වට කැඳවන්න වමක් තියෙනවද? මේ අයට ඔය කියන වම කැදවල පුලුවන්නම් 100 ක් එකතු කරන්ඩ කියමු බලන්ඩ..(රේ)
ඉන්දික මොකද්ද මේ කේන්දරේ ...දැක්කෙත් අද (රේ)
ඔව් චක්දිම දැක්කද යු.එන්. පී රැළියට ආපු ලංගම බස් හයිවේ එකේ මරැ නේද ??(රේ)
ඔහෙලාගේ රැළිත් ඔහේලව අදහන අයගේ ඒවා ඕක කියන්න තරම් දෙයක්ද? නැතුව රනිල් අදහන මිස්සු මහින්දට රැළි තියවිය.විකාර! (රේ)
මේ යන විදිහටම තවත් කාලයක් ඉදිරියට ගියොත්, මහින්ද රාජපක්ෂ මහත්මයාව මිනිස්සු ඇත්තටම අදහන දවස වැඩි ඈතක නැහැ. ජනතාව ජන වරමක් දුන්නේ කලින් හිටි පාලකයින්ගේ වැරදි කියමින් රුපවාහිනිය ඉස්සරහට ඇවිදින් කයිවාරු ගගහා ඉන්න නෙමේ. වත්මන් ආණ්ඩුව වැඩ කරනවා වෙනුවට, වැඩ අනාගෙන අත ගගා ඉන්නවා කියල තමයි අපිට නම් පෙනෙන්නේ.(රේ)
ලෙස්ලි කව්ද හලෝ තනියම සටන් කොරන්නේ. අනුන්ගේ සටන් අස්සේ පස්ස දොරෙන් රිගපු මිනිස්සු ගැන මොනවද හිතෙන්නේ. (රේ)
ජනබලයට අපි බය නැහැ .නමුත් ඔය හොර නඩයට නැවත බලයට එන්න ජනතාව ඉඩක් තියලා නැහැ. මොනවා කළත් අපි මේ ආණ්ඩුව දිවිහිමියෙන් රැකගන්නවා. ඔය හොර නඩයට දියහැකි දඬුවම් ලබාදෙන ලෙස බලකරන සටන ළඟදීම අරඹන බවත් කියන්න කැමතියි (නි)
මෙහෙම දෙයක් මේ ඇහුවමයි. මෙහෙම කෙනෙක් මේ දැක්කමයි (නි)
චන්දි, එතකොට මේ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම හොඳ අයද? (නි)
කව්ද මේ? මෙයාලත් එක්ක මොනවට පුවත්පත් සාකච්ඡා තියන්න ගියාද? (නි)
චන්දිමා බස් වලින් කාර්වලින් තමයි මිනිස්සු ගමන් බිමන් යන්නේ. අනික මහින්ද ගේ මිනිස්සු විතරද බත් පැකට් එකටයි අරක්කු බෝතලෙටයි රැළිවටල එන්නේ. අැයි අනික් පැත්තේ මිනිස්සු එන්නේ හිස් බඩින් යන්නද? රට ගැන කැකුමක් වැඩිපුර තිබෙන්නේ දකුණේ මිනිස්සුන්ට. නැතුව කොළොඹ අයට නොවෙයි. බොළඳ තර්ක නැතිව හොඳ තර්කයක් ඉදිරිපත් කොරන්න.(රේ)
කව්ද අනේ හැබැටම ඔයාලා. ලංකාවේද කියල ඇහව්වෙ ඇයි මනෝජ් මොකක්ද ප්‍රශ්නය? (රේ)
චන්දි, ඔයා බයට නේද කියවන්නේ සෙනඟ දැකලා? (නි)
කව්ද බොලේ මේ? ඇයි ඔයාලට ඊර්ෂ්‍යාද? මහින්ද මහත්තයා කොහොමත් අදහන්න ඕනෑ තමයි. (නි)
ඉන්දික බඩගාන ඔහෙලට හතර ගාතෙන් යන අය දැක්කම ටිකක් ඉරිසියාවයි නේද?(රේ)
බින්දු - දැන් නම් ඒ ලක්ෂ පනස්අටෙන් දැන් බත් කන උන් විතරයි ඉතුරුවෙලා ඇත්තේ. (රේ)
ඔව් සුමිත්‍රා උතුරේ අයට චන්ද බලය නොතිබුනානම් මනින්ද මහතා උඩින් දිනුම් රටින් කැල්ලක් ගියාම තමයි මහින්ද මහතාගේ අගය තේරෙන්නේ. (රේ)
මේ කව්ද? මොනවද කරන්න හදන්නේ? හීනෙන් බයවෙලාද? සාම, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍ර වල ඉන්න බොහෝදෙනා මොකද මේ බයවෙලා? (නි)
රනිල් මහතා බලයෙන් වැටී ගෙදර ඉන්න කාලේ එතුමාව බලන්න කීදෙනෙක් ඔහුගේ ගෙදරට ගියද? දන්නා කෙනෙක් කියන්න. තව ටික දවසකින් ඔබට දුවන්න පාරත් මදිවෙනවා. (නි)
කොටියාගේ බෝම්බ කෑල්ලක්හරි මෙයාලට වැදිලා තිබුනානම් මෙයාල මහින්ද ලගට යන්නේ බඩගාගෙන. දොහොත් මුදුන් දීගෙන.(රේ)
වමේ කේන්ද්‍රය වගේම ඕකට අරයකුත් ඇතිනේ. අරය සහ කේන්ද්‍රය එක මත පිහිටා ඇති බවයි අපට නම් පෙනෙන්නේ (නි)
කව්ද මේ? බය වෙලාද නැත්නම් ඉරිසියාවද?(රේ)
චන්දිමා, ඔය තරමට සෙනග ගෙන්න පුල්වනි නම් ඊට කලින් ආණ්ඩුවේ පෙලපලියටත් ගෙන්න එපාය? බස් ගෙනල්ලත් හිටියේ කොච්චරද? (ර)
ඔය අහුමුළුවල ඉඳන් කෑගහන්න රටක් ඉතුරු කරගන්ඩ නායකත්වය දුන්නේ කවුද කියන එක අමතක කරන්න එපා. (ර)
මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නු ලක්ෂ 58 කොහොමත් එතුමාව අදහගෙන තාමයි ඉන්නේ, මට නිකමට වගී කියන්නකො අපේ රටේ එහෙම හිතට දැනෙන වෙන නායකයෙක් ඉනවද...? (ර)
කවුද අප්පේ මේ අළුත් කට්ටිය? කලින් දැකලත් නැහැ (නි)
මහින්ද අදහන අය කොහෙද? මේ ආවේ ආණ්ඩු පෙරළිය නිසා පුද්ගලික වාසි නැතිවුණ අයයි. නීතියෙන් දඬුවම් ලැබීමට නියමිත අයයි. දැක්කේ නැද්ද ඉස්සරහින් හිටිය කට්ටිය? (නි)
රැස්වීමට ආපු සෙනග දැකලා බය වෙලාද. (ර)
ඔන්න ඉතින් කඩේ යන්න එනවා. කෙළවරේ එක මහත්තයෙකුට නින්දත් ගිහිල්ලා (නි)
අප සැවොම ඉගෙනගෙන ගෙන තිබෙනවා නියාම,මුලධර්ම ,නිරීක්ෂණ හරහා නිගමන කරා එලබීම වැනි කරුණු .කවුද හරි කොයි කෙනාද හරි කියන එක තර්කානුකුල නැහැ.කුමක්ද නිවැරදි කියල තේරුම් ගැනීමයි මිනිසුන් වශයෙන් අප කලයුත්තේ .අප වසර දහස් ගණනකට පෙර මානව සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද අසත්‍ය දේ පිළිකෙව් කොට සත්‍ය තේරුම් ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින්න.නිදහසින් පසු පාලනය කල සියලුම ආණ්ඩු අද අපේ රට පත්කර ඇති කාලකන්නි තත්ත්වය තේරුම් ගන්න.(අ)
ඔව් ඉතින් අපිත් අදහනවා. මොකක්ද වැරැද්ද? (නි)
කවුද මේ අළුත් අය? අපි නම් අදමයි දැක්කේ (නි)
අශිෂ්ට සමාජයකට හුරුපුරුදු වූ අශ්ලීල මිනිස්සු ශිෂ්ට දේ පිළිකෙව් කරති. අශිෂ්ට දේම වැළඳගනිති. ශිෂ්ට මිනිසුන් සත්‍යය සාධාරණත්වය යහපත වෙනුවෙන් පෙනී හිටිති. හංසයා දියෙන් කිරි වෙන්කර බොන්නා සේ යහපත පමණක් අගය කරති. (නි)
අදමය දැක්කේ. ඉන්න මුළු සාමාජික ඔක්කොම මෙතන ඉන්නවා වගේ . බයවෙච්ච පාර මේකෙන්ම පේනවා. (ර)
කව්ද මේ? රට වෙනුවෙන් මොනවද මේ අය කරලා තියෙන්නේ? (නි)
මහින්දට පක්ෂ සහ විරුද්ධ අයගේ අදහස් හැම එකක් ම බලපුවා මේ කාටත් අමතක වුන දෙයක් සටහන් කරන්න හිතුව. මහින්දට විරුද්ධව පළමු වෙඩිමුරය පත්තු කළේ විමල් වීරවංස. හේතුව ඒගොල්ල මහන්සි වෙලා පත්කරපු නායකයා වැරදි මාර්ගයේ යන නිසානේද? මොහුගේ අතින් ආර්ථික ඝාතක චෝදනාව ආවේ ඇයි? ඒකට කීදෙනෙක් සම්බන්ධ වුනාද කියන එක සහ මුදල් ගැන ඒකාලේ බලය තිබුනේ කාටද කියන එක ඔබගේ හෘද ශාක්ෂියෙන් විමසන්න.(බ)
මෙතුමා කව්ද? නමවත් අහලා පුරුදු නැහැනේ (නි)
රුසියාවට වඩා ලොකුයි ඊර්ෂ්‍යාව. (නි)
එක පිරිසක් මහින්ද අදහනවා. තව පිරිසක් රනිල් අදහනවා. අන්ධ භක්තියෙන් රතු, කොළ, නිල් අදහනවා මිසක් රටට ඔබින වැඩපිළිවෙලක් ගැන හිතන්න, රටේ අනාගතයට සරිලන දෙයක් කරන්න එක්කෙනෙක්වත් නැහැ. රටේ අභාග්‍යක මහත! (නි)
තමන් "රජා " යැයි සිතා මානසික ලෝකයක තම සිතැගි පරිදි වසර ගණනාවක් තිස්සේ මහින්ද රට පාලනය කළා. සමහර අප්‍රිකානු රටවල පාලකයන් මෙන් නීතියට පටහැනි දේවලුත් කරමින්, ජීවිතාන්තය දක්වා "රජ ගෙදර" සුඛවිහරණය" බලාපොරොත්තු වෙමින් සිටි මහින්දට සහ එයාට හතර ගාතෙන් ගොස් වන්දනා කරන චක්ගෝල පිරිස නොසිතු අන්දමට මහින්දගේ පරාජය ඉවසා ගැනීමට බැරිව දැන් වියරු වැටි සිටීම හොඳින්ම පේනවා. (නි)
වැඳිය යුතු අය සහ පිදියයුතු අය ගැන උපදෙස් දෙන මේ අය රටට කරපු විනාශයට වගකියන්නේ කවුද? ගොවියාගේ පොහොර ටික නැති වෙනකොට බදු වැඩි වෙනකොට ඇමතිවරු දීමනා වැඩි කරගන්නකොට ඇරුනේ නැති කට දැන් අරින්නේ ඇයි? (නි)
කවුද අනේ මේ? මහින්දව අදහන්නෙ නැතුව මෙයාලව අදහන්නද කියන්නේ? 8 වෙනිදා කළ වෙනස දැන් සැප ඇති. එ්කනේ දැන් රටම පාරේ. (නි)
ආපු ජනතාව දැකලා බයවෙලාද.? (ර)
මේ ගොල්ලන්ට පුලුවන්නම් 10 දෙනෙක් ගෙන්න ගන්න පුලුවන්ද ? (අ)
කතාව නම් හරි වගේ. හරිදේට අපි හරි කියන්න ඕනෑ (නි)
නියම කතාවක් මේක. මම නම් අගය කරනවා (නි)
අපෝ මෙයාලා මේ ටිකට බයවෙලා තියන තරම. (නි)
ඉරිසියාව සහ නොහැකියාව නිසා කියවන දේවල් අපි ගණන් ගන්නේ නැහැ මහත්තයෝ.. මහින්ද අදහන කට්ටියට පුළුවන් එහෙනම් ආණ්ඩු පෙරලන්න.. දැක්කේ නැද්ද ඇවිල්ල හිටපු ජනතාව. උත්සහ කරන්න ජනතාව එකතු කරගන්න. (ර)
මහින්ද සමග ජනතා මුදල් මංකොල්ල කැ අය තමයි රැස්විමෙි වැඩිපුරම හිටියේ. (අ)
හිට්ලෙර්ට, බෙනිටෝ මුසොලිනිට , මාර්කොස්ට එහෙමත් ඔවුන් බලයෙන් වැටුනට පස්සෙත් අනුගාමිකයෝ හිටිය. ඒ ඔවුන්ගෙන් වාසි ගත් අය සහ අන්ධ භක්තික මෝඩයන් බව අද අපි පිලිගන්නවා. ලංකාවේ වුණත් එහෙම තමයි. අප්පච්ච මලා. දානේ දීල ඉවරයි. දැන් ඉතින් හීන දැකලා පලක් නැහැ!(අ)
කවදත් වමට බර අයගේ රැස්වීම් බලන්න එන ජනතාව වැඩියි.හැබැයි මේ එන ඔක්කොම ඡන්දය නම් දෙන්නේ නැත.එනිසා නිකම් මුල්වන්න එපා . (අ)
ඇත්තටම ආපු සෙනග දැකලා බයවෙලා. දැන් ඉතින් මොකද කරන්නේ කියලා සාකච්ඡා කරනවා ඇති. තව කොහෙන් හරි ට්‍රාන්ස්ෆෝමරයක් කඩලා කියයි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා. (ර)
සුමිත්‍රා බස්නායක ඔය සෙනග පෙන්නලා ඡන්දෙත් ගන්න හැදුව එත් ඡන්දෙ ලේබුනද. ඔය සෙනග පෙන්නුවට බලේ ගන්න බැහැ රටට හොර බොරු නොකර අවංක වෙන්න ඕන. අරක්කු වලට බත් පැකට් එකට එන පිරිසක් ඉන්නවා. (ර)
සුමිත්‍රා බස්නායක, සෙනග ආපු හැටි මේකෙම දාලා තියෙනවා දැක්කේ නැද්ද ඇත්තටම? (ර)
මොකද බයවෙලා.(රේ)
සෙනග දැක්කෙමි. බහුතරයක් හතර ගාතයෙන් යනවද දුටුවෙමි. හතර ගාතෙන් නිකන් යනු නොහැකිය. එයට උවමනා දේ සැපයිය යුතුය. (ර)
අදමයි දැක්කේ කව්ද මේ කට්ටිය. ලංකාවේ කොහෙද ඉන්නේ. (ර)
මේ කවුද මේ? නින්දෙන් ඇහැරිලා වගෙයි. පුළුවන් නම් මං, මං විතරයි කියපු එකක පටිගතකළ විකාශයක් ගෙනවිත් දාන්න ඊළඟ දවසේ. අනිත් එක මෙයාලට මොකක්ද මහින්දගේ රැලියේ අදාළත්වය? (නි)