ගෘහ විදුලි උපකරණ අසුරන පෙට්ටි කිහිපයක බහා නීති විරෝධී ලෙස මෙරටට ගෙනා විදේශීය සිගරට් කාටුන් 299 යක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
රූපවාහිනී යන්ත‍්‍ර අසුරන පෙට්ටයක සිගරට් කාටුන් 200 ක්ද, ගෘහස්ත සිනමා අසුරන පෙට්ටියක සිගරට් කාටුන් 99 ක්ද තිබූ බවත් අයිතිකරු හඳුනාගැනීමට නොහැකි ලෙසින් මෙම පෙටිටිවල අලවා තිබූ හඳුනාගැනීමේ සටහන් ඉරා දමා තිබූ බවත් රේගුව කියයි.
ඩුබායි සිට ඊයෙ අළුයම පැමිණි ගුවන්යානයකින් මෙම සිගරට් තොගය මෙරටට ගෙන විත් පසු අවස්ථාවකදී පිටතට ගෙන යාමේ අදහසින් මෙසේ අතහැර දමා යන්නට ඇතැයි රේගුව සැකකරයි.
පසුගිය මාසායේ පමණක් රුපියල් කෝටි ගනනක නීති විරෝධී භාන්ඩ විශාල ප‍්‍රමාණයක් ගුවනින් මෙරටට ගෙන ඒමට උත්සහ කර තිබූ බැවින් ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා විසින් නිරතුරුවම සෝදිසි මෙහෙයුම් කරන ලෙස රේගු නිලධාරීන්ට ලබා දී ඇති උපදෙස් මත කළ සෝදිසි මෙහෙයුමකදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මළු පතය අසල අතහැර දමා ගොස් තිබූ මෙම සිගරට් තොගය සොයාගෙන ඇත.
මෙහි අයිතිකරු සොයා ගැනීම සඳහා රේගුව පරික්ෂන පවත්වයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන හෑටියට මෙතන 299 ට වඩා තිබුනා (ස)
අපරාදේ ත්‍රිත්ව ශතකය මග හැරිලා (ස)
නිලදාරීන්ට අපගේ උපහාරය ! (ස)
මේ වැඩ තනිකර තම්බියෝ කරන වැඩ (නි)
මේ හොර සිගරරට් කියන්නේ කිසිම ප්‍රමිතියක් නැති, හොරට හදන ඒවා.මේවා බීලෙ මිනිස්සු ඉක්මනට මැරෙන එකයි වෙන්නේ. රේගු බලදාරීන්ට මගේ උපහාරය ! (නි)
කාටත් දැන ගන්න මේ කියන්නේ. පිට රට වල සිගරට් ලාබයි, බොන අය වැඩියෙන් ගේනවා. එතකොට අල්ලනවා (නි)
මේක මෝඩයන්ගේ වැඩක්.(නදී)
උදව් කාරයා නොහිටපු නිසා දඩයට බයේ දමලා ගිහින් වගේ. කෙසේ වෙතත් රේගු නිවාරණ අංශයත්, මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයත් මීට අදාල රජයේ බලධාරීන් ද පරීක්ෂා කර බලා පාවිච්චියට සුදුසු නම් ලක්ෂ 6 ක් වටිනා මෙම සිගරේට් තොගය විනාශ නොකර සංචාරක හෝටල්වලට පමණක් විකිණීමෙන් රජයට ලැබෙන ආදායමක් ගෙන හිතුවොත් නම් හොඳා.(නදී)