IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


‘හමුවෙලා සතියෙන් විවාහ වෙන්න තීරණයක් අරන්’

  252

 

පූජා උමාශංඛර් නමැති මේ සුරූපී රංගන ශිල්පිණිය අද ශ්‍රී ලංකාවේ සිනමාවට මෙන්ම රූපවාහිනියට නැතුවම බැරි චරිතයක් වී හමාරය. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන ජැක්සන් ඇන්තනිගේ දස්කොන් නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතයකට දායකව සිටින පූජා, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත‍්‍රපටය වන ”පත්තිනි” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයකට දායකව සිටින්නීය. ඊට අමතරව දෙරණ සිටි ඔෆ් ඩාන්ස් විනිශ්චයට ද එක්වන්නීය. නමුත් මේ සියල්ලට වඩා පූජා ගැන අද වැඩි දෙනෙක් කතා කරන්නේ ”ඇයගේ විවාහයට” තෝරා ගත් දීපාක් නිසාය. පූජාහට මෙලෙසින් දීපාක් හමුවීමට පෙර බොහෝ විවාහ යෝජනා ලැබී තිබිණි. ඒ අතර ඇමෙරිකාවේ වෙසෙන ඉන්දියානු ජාතික ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු ද විය. නමුත් ”පූජා” ඒ කිසිවකට මනාප නොවී ඇයි දීපාක් හට කැමති වුණේ? මේ සියල්ල ගැන දන්නේ ඇයගේ මවය. ඇය මවට නොකියන දෙයක් නැති තරම්ය. පූජාගේ කුඩා කාලයේ ජීවන රටාවේ සිට මේ පෙම්වතා තෝරා ගැනීම දක්වා ආ ගමන ගැන මව සන්ධ්‍යා උමාශංඛර් සැඳැල්ලට පැවසූවේ මෙලෙසිනි.

 


01 කුඩා කාලයේදී පූජා මොනවගේ කෙනෙක්ද?
දඟ ළමයෙක් වුණේ නැහැ. හරිම කීකරු - තමුන්ගේ පාඩුවේ වැඩක් කරගෙන හිටපු දරුවෙක් වුණා.

sGs

01ඒ කාලයේ පාරේදි දුටු බලූ පැටව් ගෙදර ගේන්න  ඕනෑ කියලා හැඬුවාද?
ඒ කාලයේදී විතරක් නොවෙයි, අදටත් එයාගෙ ආසාව තියෙන්නෙ සතුන්ට උපකාර කරන්නයි. පාරේ අතරමං වෙලා සිටින බලූ පැටවකු එහෙම දුටුවාම අම්මෙ ගෙදර ගෙනියමු කියලා ඉල්ලීම් කළා.


01 මේ නිසාද එයාට පශු වෛද්‍යවරියක වීමේ සිහිනයක් තිබුණේ?
ඇත්තටම සත්ත්ව කරුණාව නිසාම වෙන්නත් ඇති. එයාට  ඕනෑ වුණේ පශු වෛද්‍යවරියක වීමට තමයි. සතුනට හරි කරුණාවන්තයි.


01 පාසල් කාලයේදී විෂයට අමතරව එයා සහභාගි වූ වෙනත් අංශ තිබුණාද?
ඔව්. වොලිබෝල් ටීම් එකේ හිටියා. ඊට අමතරව ”කොකෝ” කියන ක‍්‍රීඩාව කළා. නමුත් එයාගෙ ප‍්‍රියතම විෂයය වුණේ සමාජ අධ්‍යයන විෂයයි. නමුත් එයා උපාධිය ලබා ගත්තේ මානව සම්පත් කළමනාකරණ අංශයෙන්.


01 පාසල් කාලයේදී මෙයා සිංදු කියලා නැටුම් එහෙමත් කළාලූ නේද?
නර්තනයට හොඳ හැඩතල තිබුණා. ටීචර්ලා ඒ ගැන අපට කියලා තිබුණා.


01 වෛද්‍යවරියක් වෙන්න සිහින මැව්ව පූජා පසුව, රඟපෑමට ආවේ කොහොමද?
පූජා ඉගෙනීමට දක්ෂ වෙච්ච හන්දා එයාගෙ තාත්තා හිතුවේ දුව සමාගමක ඉහළ තනතුරක් දරාවි කියලයි. නමුත් මෙයා රඟපෑමට යන්න තාත්තාගෙන් ඇහුවාම ”ගියොත් හමගහනවා” කියලා තිබුණා. තාත්තා එච්චරටම විරුද්ධ වුණා. මෙච්චර මහන්සිවෙලා ඉගැන්නුවේ  ඕව කරන්න ද කියලා ඇහුවා.


01 එතකොට පූජා රඟපෑමට ගියේ තාත්තාට හොරෙන්ද?
ඒක ඇත්තටම මම ලංකාවට ඇවිත් හිටපු නිසා වෙච්ච දෙයක්. මම අපේ අම්මට අසනීප වෙලා ලංකාවට ඇවිත් හිටියේ. ඒ අතර වාරයේදී පූජාට චරිතයක් ලැබිලා. පසුව එහි රූගත කිරීම් වලටත් ගිහින් ඇවිත්. පසුව මට මේ ගැන කිව්වා. එයා දැන ගෙන හිටියා මම තාත්තාගෙන් එයාව බේරා ගනීවි කියලා. ඉතින් මම ඉන්දියාවට ගියාට පස්සෙ සැමියට කියලා පිංසෙන්ඩු වුණා. දරුවා කැමති දේ කරන්න, අනෙක එයා ඒකට දක්ෂයිනෙ කිව්වා. කොහොම හරි පූජා තමා කැමති අංශයෙන් ජයග‍්‍රහණය කළා.


01අද පූජාගේ තාත්තා මොනවද කියන්නේ?
අදටත් පූජගේ නාට්‍යයක්, චිත‍්‍රපටියක් විකාශය වෙනවා නම් ටී.වී. එක වහල දානවා. අදටත් එයා විරුද්ධයි.


01 මේ පේ‍්‍රමයටත් තාත්තා විරුද්ධ වුණාද?
පූජා එයාගෙ කලාකටයුතු නිසා විවාහය ගැන හිතුවේ නැහැ. දැන් ඒ තීරණය ගත්ත නිසා එයාට සතුටුයි.

2
01 පූජාට මීට පෙර පේ‍්‍රමයක් තිබිලා නැද්ද?
යාළුවෝ හිටියා. ඒත් එයා එයාට හරියට ගැලපෙන කෙනා ලැබෙන කල් කාටවත් පොරොන්දු දීලා තිබුණේ නැහැ. මම දන්න තරමින් සමීප පේ‍්‍රමයක් තිබිලා නැහැ. තිබුණා නම් එයා මට ඒ ගැන කියනවා.


01 දීපාක්ගෙ යෝජනාවට පෙර, පූජාට තවත් විවාහ යෝජනා ඇවිත් තිබුණාද?
අපොයි ඔව්, ගොඩක් ඇවිත් තිබුණා. ගනින්න බැරි තරමට ගොඩක් තිබුණා.


01 ඒ තරමටම ආ යෝජනා අතරින් ඇයි පූජා දීපාක්ට කැමති වුණේ?
දීපාක්ගෙ හමුවත් අහම්බයක්. පූජාගෙ මිතුරියක් තමයි 2011 මිස් ශ්‍රී ලංකා වූ ස්ටෙෆානි. දීපාක් ස්ටෙෆානිගෙ මිතුරෙක්. කොහොම හරි ස්ටෙෆානි සහ පූජා කතාකර කර සිටි අවස්ථාවක ”ඔයාට ගැලෙපන හොඳ කෙනෙක් ඉන්නවා” කියලා ස්ටෙෆානි පූජාට කියලා. පූජා ඒ ගැන එච්චර හිතලා නැහැ. ඒත් දවසක් මේ යාළුවෝ ටික ? කෑමකට පූජාව එක්කගෙන ගියා. එදා පූජා සහ දීපාක් දෙන්නාට දෙන්නා කතා කරන්න ඇති. කොහොම හරි එදා ගෙදර ආව පූජා වෙනදට වඩා සතුටකින් සිටින වග මට තේරුණා.


01 ඊට පස්සෙ මේ ගැන ඔබට කිව්වද?
දෙන්නා ඒ විදියට හමුවෙලා සතියකින් විවාහ වෙන්නත් තීරණය කරලා. ස්ටෙෆානිලා එහෙම පුදුම වෙලා. කොහොම හරි දීපාක් අපේ පූජාට ගැලපෙන බව එයා දැකපූ මුල්ම දවසේ මම හිතුවා. පුදුමෙ කියන්නෙ පූජාත් මෙච්චර ඉක්මනට කැමති වෙච්ච එකයි.


01 ඇයි පූජා දීපාක්ට කැමති වෙන්න ඇත්තේ?
පූජා වගේම සතුනට ආදරය කරන, බොරු නොකියන, පොඩි දරුවන්ට ආදරය කරන, දෙවියන් අදහන හොඳ දරුවෙක්. පූජාට බොරු කරන්න බැහැ. දීපාක්ගෙ ඒ දේවල් එයාට තේරෙන්න ඇති.


01 මේ දිනවල දීපාක් ලංකාවෙ නැහැ නේද?
ඔව්, එයා විලාසිතා නිරූපණ ශිල්පියකුට අමතරව සංචාරක ක්ෂේත‍්‍රයේ කළමනාකරුවෙක්. ඉතින් නිතර එයාට විදේශ සංචාරක යන්න වෙනවා. හැබැයි අද දෙන්නට-දෙන්නා නොදැක ඉන්න නැතුවම බැරි තරමට සමීපයි. ඇත්තටම දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි. ජීවිතයට අවශ්‍යත් ඒකනේ.

sadun-gamage



අදහස් (0)

‘හමුවෙලා සතියෙන් විවාහ වෙන්න තීරණයක් අරන්’

ලක්මාලි Saturday, 15 November 2014 04:45 AM

මේ පවුලත් ඒ වගේම තියෙයි.(හේ)

:       0       0

ගඟන Thursday, 13 November 2014 01:50 PM

මේ කෙල්ල හරි සුන්දරී. අනේ ඉතින්...(හේ)

:       0       0

උදිත Sunday, 16 November 2014 04:30 AM

වාසනාවන් (දිල්)

:       0       0

ජයශීූ Wednesday, 26 November 2014 04:21 AM

මට නම් තේරෙන්නෙ නෑ මොකක්ද ලංකාවත් එක්ක තියෙන සම්බන්ධය ආච්චි ල‍ංකා‍වෙද දීපක් ල‍ංකාවෙද ටැමිල් නමක් නෙවෙයිනේ (නදී)

:       0       0

සඳුනි Saturday, 15 November 2014 10:54 AM

පූජා ..ඔයා අපේම කෙනෙක් .වාසනාවන්...(අ)

:       0       0

සෙත්මි Tuesday, 18 November 2014 05:20 AM

හරිම ලස්සන නිහතමානි ගතිගුණ තියෙන කෙල්ලෙක්. පූජා, ඔයා අපේමයි.මුළු දිවියම වාසනාවන්ත වේවා! (නි)

:       0       0

ට.අ.ද.ව.ග.ජයතිලක Saturday, 22 November 2014 02:48 AM

සුබපතමි ඔබගේ දිවිගමනට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1803 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site