මාලබේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයයට එරෙහිව දින 74 ක් තිස්සේ ගාල්ල වෛද්‍ය පීඨය ඉදිරිපිට අට්ටාලයක පවත්වාගෙන ගිය සත්‍යග්‍රහයට අද (04) අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂූ බලමණ්ඩලයේ හතර නමක් ද එක් වූහ.
රුහුණු විශ්වවිද්‍යායලීය භික්ෂු සංගමයේ සභාපති ගැමුණුපුර ඥානාරතන හිමි ද ඒ අතර වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර්, ඉන්දියාවේ සමහර වෛද්‍ය විද්‍යාල ලෝකේ කොහෙවත් ගණන් ගන්නේ නැති පිළිගන්නේ නැති ඒවා. ළිඳේ ඉන්න ගෙම්බා තමුන් බව තේරුම් ගන්න.(අ)
රජයේ සංඛ්‍යා ලේඛන අනුවම උසස් පෙළ සමත් 125000 න් රජයේ විශ්ව විද්‍යාල වලට ගන්නේ 40000. නමුත් අනික් සියලු දෙනා මන්ද බුද්ධිකයෝ කියලයි මෙතන සමහරු හිතන්නේ. ඔවුන්ගෙන් සල්ලි තිබෙන අය පිට රට යනවා. බැරි අය බැංකු ණය අරගෙන හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවා. ඒ පිරිසට දොර වහන්න ඕනද? වෛද්‍ය සභාව කල යුත්තේ ඒ සියලු දෙනා වෙනුවෙනුත් අවශ්‍ය නම් පොදු විභාගයක් තියල හෝ ඔවුන්ගේ අධ්‍යාපනය නියාමනය කරලා හෝ එහි ගුණාත්මක බව තහවුරු කර සුදුස්සන් බිහිවීමට සැලැස්වීම නෙමෙයිද? වෛද්‍යවරුන් රටට හිගයි. එසේ නම් කල යුත්තේ එවැනි ක්‍රමවේද මගින් සුදුස්සන් වැඩි වැඩියෙන් බිහි කිරීම නොවේද? මේ කට්ටිය කරන්නේ අපට ආදරේට ප්‍රවීණ වෛද්‍යවරුන් බිහිකිරීමට ද? රජයේ රෝහලකට ගිහින් බලන්න අපට දක්වන ආදරයේ මහිම. (අ)
දිල්ශාන්, මේ මොකාටද එන්න යන්නේ? ලෝකේ ඉන්න මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් කියලද හිතන්නේ? ඔබලාට හරියන්නේ වෛද්‍යවරු නෙමේ ,පසු වෛද්‍යවරු. ඒක තමයි තිත්ත ඇත්ත. (බ)
අද කාලේ සිවුර කියන්නේ නොමිලේ ඉගන ගන්න ලැබෙන ශිෂ්‍යත්වයක්. කොහේ හරි පන්සලක මහණ වෙනවා. පිරිවෙනෙන් ඉගනගන්නව. වෙන වැඩක් නැති හින්ද විභාගෙන් පාස් වෙනවා. විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධිය ගන්නවා. කෙල්ලෙක් අල්ල ගන්නවා. ජොබ් එකක් හොයා ගන්නවා. කසාදයක් බැඳගන නම වෙනස් කරගන්නවා!එහෙමත් නැත් නම් පන්සලක් අල්ලගන බෝධිපූජාව පටන් ගන්නවා!ඔන්න ශාසනික සේවාව (බ)
බල්ලන්ගේ වැඩේ දැන් බුරුවො කරන්න පටන් අරගෙන වගේ නේද හාමුදුරුවනේ? (බ)
මේ හාමුදුරු වරු නොමිලේ හැම දේම ලබාගෙන උපාධිය අරගෙන සිවුර එපා කියනවා. මම දන්නා කීප දෙනෙක් ඉන්නවා. රැකියා කරනවා. පිටරටවල. ඒ අයයත් මේ වගේ කැගහපු කට්ටිය සිවුර තියන් හරියට වැඩ කරන්නේ කීප දෙනයි ඉස්සර හාමුදුරුවරු. ඔලුව උස්සල බලන්නේ නැහැ. එ්කටත් එක්ක. දැන් කට්ටිය ගසුත් නගිනවා. වර්ජනයට (බ)
හමුදුරුවනේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන හිටියානම් නේද හොද?*(හේ)
වෙන කරන්න දෙයක් නැද්ද?(හේ)
අනේ හාමුදුරුවරුනේ තමුන්නාන්සේලා කසාවත් පෙරවා ගත්තේ සසර කෙටි කර ගන්න චේතනාවෙන් භික්ෂු සීලය රකින්න නොවේ නම් බුද්ධාහගම හැල්ලුවට පත් කරන්නේ නැතුව, කරුණා කරලා සිවුරු හැරලා යන්න ! (ම)
සම්බුද්ධ සාසනයේ ඉතුරු අවුරුදු 2400 ගෙවා ගන්න බැරිවෙයි වගේ. මොනවා කරන්නද, (හේ)
මාලඹේ නරකයි පුද්ගලික හොස්පිටල් හොදයි (හේ)
හාමුදුරුවනේ..මේ විදියට බුදු හාමුදුරුවන්ටත් ...එන්න හම්බ වෙන්නේ නැහැ...ඔයාල හිටියනම් ඒ කාලේ..(බ)
දියොන්ස් කියන්නේ ඔය උපාධි කඩේට කඩේ යන කෙනෙක් වගේ. (බ)
දේශපාලනය කිරීම බුදුන්වහන්සේ තහනම් කරලයි තියෙන්නේ (බ)
මේ රටේ ඇත්ත වශයෙන්ම සැබෑ බෞද්ධයන් හිග බව අපට පිළිගන්න වෙනවා, මෙහෙ වාර්තා වන අපරාධ වල හැටියට. සාසනේ නැති වුනේ හාමුදුවන් විශ්ව විද්‍යාල වලට ඇතුල් කර ගන්න පටන් ගැනීමත් සමගයි.මේ උන්නාන්සේලාගෙන් කී දෙනෙක් පාලි ඉගෙන ගන්නවද? කී දෙනෙකුට බුද්ධාගම ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙනවද? මේ ඔක්කොම ලෞකික සැප සම්පත් සොයා යන වල්මත් පරපුරක්! (බ)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ඔහොම හරි ඉන්න නිසා තමා අපිට බුද්ධාගම තියෙන්නේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා; අතේ නුලක් බැදන් ඉන්න ජටිලයන්ට දානයක් දුන්නත් එ්ක මහත් පල ගෙන දෙනවා කියල. අප රට හැම දාම බේරාගත්තේ මහා සඟ රත්නය තමයි. ඔබ වහන්සේලා ගිහි අපිට වඩා ගොඩක් ඉස්සරහින් සසරේ ඉන්නේ.(බ)
දියොන්ස් , හාමුදුරුවන්ට සීලය උගන් වන්න කලින් බුද්ධාගම ඉගෙන ගෙන එන්න (බ)
ඉගෙන ගන්නෙම නැතුව නිකම්ම උපාධි දෙනවනම් 90%ක්ම කැමතියි. අමාරුවෙන් ඉගෙන ගත්ත කීප දෙනා තමයි කඩෙන් උපාධි දෙනවට විරුද්ධ. ජාතික වැදගත්කමක් තිබුන ගැටලුවලට ජනතාවාදී භික්ෂු පරපුරේ ආශිර්වාදය අවශ්‍යයි. (ර)
(මාලඹේ නරකයි පුද්ගලික හොස්පිටල් හොදයි ) එතකොට ඔය කියන්නේ...සල්ලි තියෙන අයට විතරයි ඉගෙන ගන්න ඕන. අනික් එවුන් හැමදාම කම්කරුවෝ වගේ වැඩකරන්න ඕන. එහෙමද? කාහටත් සාධාරන විදියක් තියෙන්න ඕනි. එ්කට තමා උසස් පෙළ කියල විභාගයක් තියෙන්නේ. සුදුස්සාට සුදුසු තැන තියෙන්න ඕනි. නැත්නම් කවුරුත් ජරා වැඩ කරාවී සල්ලි හොයන් කැම්පස් යන්න (බ)
අල්ලපු වත්තේ තියෙන ඉස්කෝලෙට යවාගන්න තරම් සල්ලි නැති මිනිස්සු මේ රටේ ඕනි තරම් ඉන්නවා. එහෙවු රටට ප්‍රයිවට් කැම්පස් අවොත් බුදු සරණයි (බ)
අයහපත් දෙයක් නතර කරන්න උන් වහන්සේලා උත්සහ කරන එක වරදක් විදියට මම නම් දකින් නැ. අතීතයේ පටන් අයහපත නතර කිරීමට අපේ හාමුදුරුවන් මැදිහත් වෙලා තියෙනවා. පාට කන්නාඩි ගලවලා පියවි ලෝකෙට ඇවිත් ගැටළු දිහා බැලුව නම් සමහරුන්ගේ මත මිට වඩා වෙනස් වෙන්න තිබුණා. (බ)
මේකේ කොමෙන්ට්ස් දාන සමහරුන්ට කියන්න තියෙන්නේ අපේ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ගේ ජීවන චරිතයයි, විද්‍යාලංකාර ප්‍රකාශය හොයාගෙන කියවන්න කියල. (බ)
ඔය අන්තරේ ඇතුළු සියලුම විප්ලවවාදීන් විශ්වවිද්‍යාලවලින් පිටවෙලා ඇවිත් රජ්‍යසේවයට බැදිලා අපේ රටේ රාජ්‍ය සේවය ලෝකෙන්ම හොදම සේවය හැටියට වාර්තා පිට වාර්තා තියල තියෙන්නේ . (ර)
දියොන්ස්, ඔබ කිවදේ හරියටම හරි. (ර)
සුමේධ ,ඔය පුද්ගලික රෝහල් වල රජයේ විශ්විද්‍යාල වලින් ඉගෙන ගත්ත වෛද්‍යවරු බෙහෙත් දෙනතාක්කල් හොදයි. . (හේ)
දැන් එතකොට, විශ්ව විද්යාල කොමිෂන් සභාව පිළිගත් පිටරට විශ්ව විද්යාල වලින් පිරිනමන වෛද්‍ය සහතිකලබා ගත් වෛද්‍යවරුන්ව අපි පිලි ගන්නවා. එහි තේරුම ඒ රටවල තියන පෞද්ගලික විශ්ව විද්යාල නිසි ප්‍රමිතියෙන් පවතින බව අපි පිලි ගන්නවා කියන එකනේ. (ර)
හමුදුරුවනේ ඔය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා.(හේ)
මාලඹේ වෛද්‍ය පීඨයේ බඳවා ගැනීම, ඉගැන්වීම, පුහුණු කිරීම, සහ උපාධි ප්‍රධානය යන අවස්ථා වල ගුණාත්මක භාවය වෛද්‍ය සංගමයක් හෝ රජයේ වෛද්‍ය පීඨයක් හෝ යටතේ නියාමන කිරීම සිදු විය යුතු නමුත් එය වසා දැමීම අනර්ථකාරී ක්‍රියාවකි. (ර)
කරුණපාල දන්නා දේවල්... වීශ්ව විද්යාල කොමිෂන් සභාවවත් දන්නේ නැහැ. (ර)
ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගන්න. ඉන්දියාවේ තියෙන්නේ වැඩියෙන්න්ම පුද්ගලික විශ්ව විද්‍යාල ඒවායින් පිටවෙන සෙනග ලෝකේ පුරා රටවල රැකියා කරනවා, අපි ලිඳේ ඉන්න ගෙම්ම්බෝ වගෙයි. (ර)