IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිමිවරුත් පෙරට එති

මාලබේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලයයට එරෙහිව දින 74 ක් තිස්සේ ගාල්ල වෛද්‍ය පීඨය ඉදිරිපිට අට්ටාලයක පවත්වාගෙන ගිය සත්‍යග්‍රහයට අද (04) අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂූ බලමණ්ඩලයේ හතර නමක් ද එක් වූහ.

රුහුණු විශ්වවිද්‍යායලීය භික්ෂු සංගමයේ සභාපති ගැමුණුපුර ඥානාරතන හිමි ද ඒ අතර වූහ.

4



අදහස් (0)

හිමිවරුත් පෙරට එති

දිල්ශාන් Monday, 04 April 2016 12:07 PM

කුමාර්, ඉන්දියාවේ සමහර වෛද්‍ය විද්‍යාල ලෝකේ කොහෙවත් ගණන් ගන්නේ නැති පිළිගන්නේ නැති ඒවා. ළිඳේ ඉන්න ගෙම්බා තමුන් බව තේරුම් ගන්න.(අ)

:       0       0

උපාලි Monday, 04 April 2016 12:39 PM

රජයේ සංඛ්‍යා ලේඛන අනුවම උසස් පෙළ සමත් 125000 න් රජයේ විශ්ව විද්‍යාල වලට ගන්නේ 40000. නමුත් අනික් සියලු දෙනා මන්ද බුද්ධිකයෝ කියලයි මෙතන සමහරු හිතන්නේ. ඔවුන්ගෙන් සල්ලි තිබෙන අය පිට රට යනවා. බැරි අය බැංකු ණය අරගෙන හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නවා. ඒ පිරිසට දොර වහන්න ඕනද? වෛද්‍ය සභාව කල යුත්තේ ඒ සියලු දෙනා වෙනුවෙනුත් අවශ්‍ය නම් පොදු විභාගයක් තියල හෝ ඔවුන්ගේ අධ්‍යාපනය නියාමනය කරලා හෝ එහි ගුණාත්මක බව තහවුරු කර සුදුස්සන් බිහිවීමට සැලැස්වීම නෙමෙයිද? වෛද්‍යවරුන් රටට හිගයි. එසේ නම් කල යුත්තේ එවැනි ක්‍රමවේද මගින් සුදුස්සන් වැඩි වැඩියෙන් බිහි කිරීම නොවේද? මේ කට්ටිය කරන්නේ අපට ආදරේට ප්‍රවීණ වෛද්‍යවරුන් බිහිකිරීමට ද? රජයේ රෝහලකට ගිහින් බලන්න අපට දක්වන ආදරයේ මහිම. (අ)

:       0       0

විකුම් රංගන Monday, 04 April 2016 12:48 PM

දිල්ශාන්, මේ මොකාටද එන්න යන්නේ? ලෝකේ ඉන්න මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් කියලද හිතන්නේ? ඔබලාට හරියන්නේ වෛද්‍යවරු නෙමේ ,පසු වෛද්‍යවරු. ඒක තමයි තිත්ත ඇත්ත. (බ)

:       0       0

රොකී Tuesday, 05 April 2016 02:54 PM

අද කාලේ සිවුර කියන්නේ නොමිලේ ඉගන ගන්න ලැබෙන ශිෂ්‍යත්වයක්. කොහේ හරි පන්සලක මහණ වෙනවා. පිරිවෙනෙන් ඉගනගන්නව. වෙන වැඩක් නැති හින්ද විභාගෙන් පාස් වෙනවා. විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධිය ගන්නවා. කෙල්ලෙක් අල්ල ගන්නවා. ජොබ් එකක් හොයා ගන්නවා. කසාදයක් බැඳගන නම වෙනස් කරගන්නවා!එහෙමත් නැත් නම් පන්සලක් අල්ලගන බෝධිපූජාව පටන් ගන්නවා!ඔන්න ශාසනික සේවාව (බ)

:       0       0

පුෂ්පකුමාර Monday, 04 April 2016 01:34 PM

බල්ලන්ගේ වැඩේ දැන් බුරුවො කරන්න පටන් අරගෙන වගේ නේද හාමුදුරුවනේ? (බ)

:       0       0

චතුරි Monday, 04 April 2016 01:35 PM

මේ හාමුදුරු වරු නොමිලේ හැම දේම ලබාගෙන උපාධිය අරගෙන සිවුර එපා කියනවා. මම දන්නා කීප දෙනෙක් ඉන්නවා. රැකියා කරනවා. පිටරටවල. ඒ අයයත් මේ වගේ කැගහපු කට්ටිය සිවුර තියන් හරියට වැඩ කරන්නේ කීප දෙනයි ඉස්සර හාමුදුරුවරු. ඔලුව උස්සල බලන්නේ නැහැ. එ්කටත් එක්ක. දැන් කට්ටිය ගසුත් නගිනවා. වර්ජනයට (බ)

:       0       0

ප්‍රියන්කර Tuesday, 05 April 2016 08:43 AM

හමුදුරුවනේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන හිටියානම් නේද හොද?*(හේ)

:       0       0

චන්දි Tuesday, 05 April 2016 08:45 AM

වෙන කරන්න දෙයක් නැද්ද?(හේ)

:       0       0

දියොන්ස් Monday, 04 April 2016 07:16 AM

අනේ හාමුදුරුවරුනේ තමුන්නාන්සේලා කසාවත් පෙරවා ගත්තේ සසර කෙටි කර ගන්න චේතනාවෙන් භික්ෂු සීලය රකින්න නොවේ නම් බුද්ධාහගම හැල්ලුවට පත් කරන්නේ නැතුව, කරුණා කරලා සිවුරු හැරලා යන්න ! (ම)

:       0       0

උපාලි Monday, 04 April 2016 07:20 AM

සම්බුද්ධ සාසනයේ ඉතුරු අවුරුදු 2400 ගෙවා ගන්න බැරිවෙයි වගේ. මොනවා කරන්නද, (හේ)

:       0       0

සුමේධ Monday, 04 April 2016 07:22 AM

මාලඹේ නරකයි පුද්ගලික හොස්පිටල් හොදයි (හේ)

:       0       0

රොෂාන් Monday, 04 April 2016 07:27 AM

හාමුදුරුවනේ..මේ විදියට බුදු හාමුදුරුවන්ටත් ...එන්න හම්බ වෙන්නේ නැහැ...ඔයාල හිටියනම් ඒ කාලේ..(බ)

:       0       0

ගයාන් නිමන්ත Monday, 04 April 2016 07:31 AM

දියොන්ස් කියන්නේ ඔය උපාධි කඩේට කඩේ යන කෙනෙක් වගේ. (බ)

:       0       0

මතුගම මහානාම Monday, 04 April 2016 02:11 PM

දේශපාලනය කිරීම බුදුන්වහන්සේ තහනම් කරලයි තියෙන්නේ (බ)

:       0       0

රොකී Monday, 04 April 2016 02:28 PM

මේ රටේ ඇත්ත වශයෙන්ම සැබෑ බෞද්ධයන් හිග බව අපට පිළිගන්න වෙනවා, මෙහෙ වාර්තා වන අපරාධ වල හැටියට. සාසනේ නැති වුනේ හාමුදුවන් විශ්ව විද්‍යාල වලට ඇතුල් කර ගන්න පටන් ගැනීමත් සමගයි.මේ උන්නාන්සේලාගෙන් කී දෙනෙක් පාලි ඉගෙන ගන්නවද? කී දෙනෙකුට බුද්ධාගම ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙනවද? මේ ඔක්කොම ලෞකික සැප සම්පත් සොයා යන වල්මත් පරපුරක්! (බ)

:       0       0

සුගත් Monday, 04 April 2016 08:17 AM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ඔහොම හරි ඉන්න නිසා තමා අපිට බුද්ධාගම තියෙන්නේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා; අතේ නුලක් බැදන් ඉන්න ජටිලයන්ට දානයක් දුන්නත් එ්ක මහත් පල ගෙන දෙනවා කියල. අප රට හැම දාම බේරාගත්තේ මහා සඟ රත්නය තමයි. ඔබ වහන්සේලා ගිහි අපිට වඩා ගොඩක් ඉස්සරහින් සසරේ ඉන්නේ.(බ)

:       0       0

සිරිල් Monday, 04 April 2016 08:20 AM

දියොන්ස් , හාමුදුරුවන්ට සීලය උගන් වන්න කලින් බුද්ධාගම ඉගෙන ගෙන එන්න (බ)

:       0       0

ගම්පොලගෙදර Monday, 04 April 2016 08:38 AM

ඉගෙන ගන්නෙම නැතුව නිකම්ම උපාධි දෙනවනම් 90%ක්ම කැමතියි. අමාරුවෙන් ඉගෙන ගත්ත කීප දෙනා තමයි කඩෙන් උපාධි දෙනවට විරුද්ධ. ජාතික වැදගත්කමක් තිබුන ගැටලුවලට ජනතාවාදී භික්ෂු පරපුරේ ආශිර්වාදය අවශ්‍යයි. (ර)

:       0       0

ගිහාන් Monday, 04 April 2016 08:41 AM

(මාලඹේ නරකයි පුද්ගලික හොස්පිටල් හොදයි ) එතකොට ඔය කියන්නේ...සල්ලි තියෙන අයට විතරයි ඉගෙන ගන්න ඕන. අනික් එවුන් හැමදාම කම්කරුවෝ වගේ වැඩකරන්න ඕන. එහෙමද? කාහටත් සාධාරන විදියක් තියෙන්න ඕනි. එ්කට තමා උසස් පෙළ කියල විභාගයක් තියෙන්නේ. සුදුස්සාට සුදුසු තැන තියෙන්න ඕනි. නැත්නම් කවුරුත් ජරා වැඩ කරාවී සල්ලි හොයන් කැම්පස් යන්න (බ)

:       0       0

නිමල්කා Monday, 04 April 2016 08:43 AM

අල්ලපු වත්තේ තියෙන ඉස්කෝලෙට යවාගන්න තරම් සල්ලි නැති මිනිස්සු මේ රටේ ඕනි තරම් ඉන්නවා. එහෙවු රටට ප්‍රයිවට් කැම්පස් අවොත් බුදු සරණයි (බ)

:       0       0

සරිනි Monday, 04 April 2016 08:46 AM

අයහපත් දෙයක් නතර කරන්න උන් වහන්සේලා උත්සහ කරන එක වරදක් විදියට මම නම් දකින් නැ. අතීතයේ පටන් අයහපත නතර කිරීමට අපේ හාමුදුරුවන් මැදිහත් වෙලා තියෙනවා. පාට කන්නාඩි ගලවලා පියවි ලෝකෙට ඇවිත් ගැටළු දිහා බැලුව නම් සමහරුන්ගේ මත මිට වඩා වෙනස් වෙන්න තිබුණා. (බ)

:       0       0

රංග Monday, 04 April 2016 08:48 AM

මේකේ කොමෙන්ට්ස් දාන සමහරුන්ට කියන්න තියෙන්නේ අපේ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ගේ ජීවන චරිතයයි, විද්‍යාලංකාර ප්‍රකාශය හොයාගෙන කියවන්න කියල. (බ)

:       0       0

අමිරා Monday, 04 April 2016 08:56 AM

ඔය අන්තරේ ඇතුළු සියලුම විප්ලවවාදීන් විශ්වවිද්‍යාලවලින් පිටවෙලා ඇවිත් රජ්‍යසේවයට බැදිලා අපේ රටේ රාජ්‍ය සේවය ලෝකෙන්ම හොදම සේවය හැටියට වාර්තා පිට වාර්තා තියල තියෙන්නේ . (ර)

:       0       0

කමනි Monday, 04 April 2016 09:08 AM

දියොන්ස්, ඔබ කිවදේ හරියටම හරි. (ර)

:       0       0

ප්‍රියන්ත Monday, 04 April 2016 09:21 AM

සුමේධ ,ඔය පුද්ගලික රෝහල් වල රජයේ විශ්විද්‍යාල වලින් ඉගෙන ගත්ත වෛද්‍යවරු බෙහෙත් දෙනතාක්කල් හොදයි. . (හේ)

:       0       0

කරුණාපාල Monday, 04 April 2016 09:35 AM

දැන් එතකොට, විශ්ව විද්යාල කොමිෂන් සභාව පිළිගත් පිටරට විශ්ව විද්යාල වලින් පිරිනමන වෛද්‍ය සහතිකලබා ගත් වෛද්‍යවරුන්ව අපි පිලි ගන්නවා. එහි තේරුම ඒ රටවල තියන පෞද්ගලික විශ්ව විද්යාල නිසි ප්‍රමිතියෙන් පවතින බව අපි පිලි ගන්නවා කියන එකනේ. (ර)

:       0       0

මුදලිගේ Monday, 04 April 2016 09:48 AM

හමුදුරුවනේ ඔය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා.(හේ)

:       0       0

නිල්මිණි-ජපානය Monday, 04 April 2016 09:57 AM

මාලඹේ වෛද්‍ය පීඨයේ බඳවා ගැනීම, ඉගැන්වීම, පුහුණු කිරීම, සහ උපාධි ප්‍රධානය යන අවස්ථා වල ගුණාත්මක භාවය වෛද්‍ය සංගමයක් හෝ රජයේ වෛද්‍ය පීඨයක් හෝ යටතේ නියාමන කිරීම සිදු විය යුතු නමුත් එය වසා දැමීම අනර්ථකාරී ක්‍රියාවකි. (ර)

:       0       0

ප්‍රයා Monday, 04 April 2016 10:03 AM

කරුණපාල දන්නා දේවල්... වීශ්ව විද්යාල කොමිෂන් සභාවවත් දන්නේ නැහැ. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 04 April 2016 11:05 AM

ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගන්න. ඉන්දියාවේ තියෙන්නේ වැඩියෙන්න්ම පුද්ගලික විශ්ව විද්‍යාල ඒවායින් පිටවෙන සෙනග ලෝකේ පුරා රටවල රැකියා කරනවා, අපි ලිඳේ ඉන්න ගෙම්ම්බෝ වගෙයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site