(සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට නොකඩවා ඇදහැලෙන  මහ වැසි හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාව ඇතුළු අතිරේඛ භෝග වගාවන්ට බරපතල හානී සිදුව ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පි සුමණසේකර මහතා කියයි.

මහ කන්නයේ වගා කර ඇති කුඹුරු වලින් සැලකිය යුතු ප්‍රමානයක් මේ වනවිට ජලයෙන් යටවීම සිදු වි ඇති අතර ගොඩ ගොවිතැන් කර ඇති අතිරේඛ ‍භෝග වගාව්න වන එලවළු , පලතුරු , මිරිස් වගාවන්ටද බරපතල හානී සිදු වී ඇති බවත්, හානිය කොතෙක්ද යන්න තවමත් තක්සේරු කර නොමැති බවද දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කලේය.

තිස්සමහාරාමය ප්‍ර දේශිය ලේකම් කොට්ඨාශයේ වැඩිම හානියක් මේවනවිට වාර් තා වි ඇත. ලුණුගම්වෙහෙර, හම්බන්තොට, විරකැටිය, අම්බලන්තොට, තංගල්ල යන ප්‍ර දේශවලද වගාවන් සඳහා  හානි සිදු වි ඇත.

අධික වැසි හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 200 කට ආසන්න පිරිසක් අවතැන් වි සිටිති. මේ අතර මාර්ගද ජලයෙන් යට වී තිබේ. තිස්ස ප්‍රධාන මාර් ගය වැලිගත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවි ඇති අයුරු ඡායාරූපයේ දැක්වෙයි