IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට - කන්ටෙන්ඩර්ස් තේරීම් තරගාවලියේ ශූරතා දිනති

අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ ආසියානු 3 - 3 තරගාවලියට ශ්‍රී ලංකා සංචිය තෝරාගැනීම සඳහා පැවති තරගාවලියේදී පිරිමි අංශයේ ශුරතාව හම්බන්තොට කී‍්‍රඩා සමාජයේ බ්ලැක්ස් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි, කාන්තා අංශයේ ශූරතාව කන්ටෙන්ඩර්ස් කණ්ඩායම දිනාගත්තේය.

අවසන් තරගයේදී හම්බන්තොට බ්ලැක්ස් කණ්ඩායම හමුවේ කොළඹ කී‍්‍රඩා සමාජ කණ්ඩායම පරාජයට පත්වූ අතර කන්ටෙන්ඩර්ස් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්විය.

මේ මස 27 සහ 28 යන දින වලදී කොළඹ හෙන්ද්‍රි පේද්රිස් කී‍්‍රඩාංගණයේදී පැවති මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 20 ක් සහ කාන්තා කණ්ඩායම් 10 සහභාගීවූහ. පිරිමි තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවති අතර කාන්තා තරගාවලිය කාණ්ඩ 2 ක් යටතේ පැවැත්විණ.

තරගාවලිය අවසානයේ තොරාගන්නා ලද සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විත පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක, මේ මස 15, 16, 17 යන දින වල දෝහා කටාර්හිදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ ආසියානු 3 - 3 තරගාවලියට සඳහා සහභාගී වෙයි.

ශී‍්‍ර ලංකා 3 - 3 කණ්ඩායමේ පුහුණුකරු ලෙස ටී. එම්. අමත් මහතා කටයුතු කරයි.

පිරිමි සංචිතය

තරිඳු සංකල්ප (හම්බන්තොට), යොහාන් කෛසර් (හම්බන්තොට), කසුන් උයන්ගොඩ (හම්බන්තොට) ප‍්‍රනීත් උඩුමලගල (කොළඹ), ගයාන් ද සොයිසා (කොළඹ), ඔසඳ උමයංග (ගුවන් හමුදාව), උදයංග පෙරේරා ( ඕල්ඞ් බෙන්ස්), ක්ලින්ටන් ස්ටේලියන් (නේෂන් ට‍්‍රස්ට් බැංකුව)

කාන්තා සංචිතය

උමයංගා ද සොයිසා (කන්ටෙන්ඩර්ස්), එරන්දි ගාල්ලගේ (ගුවන් හමුදාව), ප‍්‍රසාදි ෆොන්සේකා (ගුවන් හමුදාව), ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නාවික හමුදාව), සෝලංගි ගුණවිජය (නාවික හමුදාව), කුමරින් ද සිල්වා (ට‍්‍රැක් මාස්ටර්ස්), බෙනිකා තලගල (ට‍්‍රැක් මාස්ටර්ස්) සහ ඇන්ජලී ඒකනායක (ට‍්‍රැක් මාස්ටර්ස්)

(*)



අදහස් (0)

හම්බන්තොට - කන්ටෙන්ඩර්ස් තේරීම් තරගාවලියේ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site