නකල්ස් රක්ෂිතයේ අතරමංව සිටි ඇල්වින් උර්සුලා (70) ජර්මන් සංචාරක කත සොයා ගත් බව පොලිසිය කියයි.
සිකුරාදා (24) ඇය බසයකින් ලූල්වත්තේ මාර්ගයේ මීමුරේ තෙක් ගමන් කැර ඇතැයි ද දෝතුළුගල කන්දට යද්දී ඈ මගහැරී ගිය බවද කියති.ඇය සෙවීමට හෙලිකොප්ටරයක් ද යුද හමුදා පා බල සේනාංකයක් ද යැවු බව පොලීසිය සඳහන් කරයි.
වැස්සට තෙමී නිරාහාරව සිටි අය කූඩැල්ලන්ගේ ප්‍රහාරයට ද ලක්ව සිටියාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහීපාල මහත්තයෝ, ආගන්තුක සත්කාර ? පෙන්නුවා නේද මේ ලඟදි පිට රටවලින් ආපු ගැහැණු කීප දෙනෙකුටම අපේ ආගන්තුක සත්කාර වල මහිමේ. ඔය මනුස්සයා වනාන්තර ප්‍රදේශයක මංමුලා වෙච්ච හින්දා හොඳයි. ජෙහාන් කියන්නා වගේ තංගල්ල පැත්තේදී අතරමන් වුනා නම් විනාසයි (නදී)
අම්මේ ඇති යන්තම් හම්බ උනා (නදී)
අපේ ගැමියන්ට සහ හමුදා විරුවන්ට ප්‍රණාමය. සංචාරයක් යන්න තරම් සල්ලි එකතු කර ගන්න කොට ඇය මහලු වෙන්න ඇති. දුක හිතෙනවා දැක්කම. කූඩැල්ලෝ කාල (නදී)
මේ නහින දෙහින කාලේ කොහේද ගියේ අම්මපා (නදී)
මනුස්සකම හඳුනන මිනිසුන් සිටින රටක් මේක (නි)
ජර්මන් ජාතිකයෝ පෙර කල සිටම ශ්‍රී ලංකාව ප්‍රියකළ ජාතියක්. මා දන්නා තරමින් වයසට ගිය ජර්මානු ජාතිකයෝ ලංකාවට එන්න හරි ආසයි. ඔහුන් අපි දන්නවාට වඩා සමහර දේවල් ලංකාව ගැන දන්නවා. පැරණි පාලි පොත් ජර්මානු බසට පරිවර්තනය කළෙත් විල්හෙල්ම් ගයිගර් පඬිතුමා. මියුසියස් විද්‍යාලය ආරම්භ කළෙත් මාරි හිගින්ස් මියුසියස් මැතිනිය. ඔහුන් ජර්මානු ජාතිකයෝ.මේ සිදුවීම අපි අතර මිත්‍රකම් වැඩිවෙන්න පමණක් නොව ලංකාව ගැන ඇති වැරදි ආකල්ප ඔවුන් කෙරෙන් තුරන් වන්න හේතුවනු ඇති. ලංකාදීපයට තුති. (නි)
පොලිසියත් යුද හමුදාවත් එකට එක්ව කල සොයා ගැනීම අගය කරනවා. රජයට සෑම දෙයකට ඇඟිල්ල දිගු කිරීමට ඉන්නා අයට මේකත් ඇති සොයා ගත්තේ නැතිනම් (නදී)
මනුස්සකම හඳුනන මිනිසුන් "සිටි" රටක් මේක. තංගල්ල සිද්ධිය සහ තවත් සිදුවීම් වලින් මනුස්සකම හඳුනන මිනිසුන් සිටින රටක් මේක කියන එක පිළිගන්න බැහැ. (නි)
අනේ මෙවන් මහත්තයෝ , ඔයාට පිටරට සවාරි යාමට ඇමරිකන් ඩොලර් 5000ක් දෙන රට කොහෙද කියන්නකෝ. මම ඉන්න ඉසව්වේ නම් එහෙම රටක් නැහැ. (නි)
තව ටිකක් පරක්කුවුණා නම් සොරි තමා (බ)
අපේ ගමේ කෙනෙකුට ඔහොම වුණා නම් ගුවන් යානා ඔය විදියටම එයිද? (නි)
දයා , අපේ රටේ සමහර බවලතුන්ට තමයි යන්තම් වයස 30 පහු වුනා විතරයි ලෙඩ කෝටියක් හැදෙන්නේ. වෙනත් බොහෝ රටවල කාන්තාවන් ක්‍රියාශීලි ජීවිතයක් ගෙවන්නේ. ඉඳහිට මෙහෙම අකරතැබ්බ වෙනවත් ඇති. නමුත් බොහෝ බටහිර රටවල වැඩිහිටියන් විශ්‍රාම යාමෙන් පසුව සංචාරය කිරීම සාමාන්‍ය දෙයක්. (බ)
ජෙහාන්, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනා.(දිල්)
හැට පැන්නත් වඳුරා බිම නොයයි (දිල්)
උණු වතුර ටිකක් නාලා ඉන්න කාලේ මේ ආච්චි අම්මා කොහේ ගියාද (නදී)
තිලක්, දයා අලහකෝන්, "එසැණ පුවත් ප්‍රබුද්ධ පිටුවට " අදහසක් එවන කොට ටිකක් බුද්ධිමත්ව හිතල එවන එක නේද හොඳ? තිලක් දන්නවද ලෝකේ වටේ සංචාරය කරන යුරෝපා ජාතීන් ගෙන් බහුතරය වයස අවුරුදු 50 ට වැඩි බව. මේ අවුරුදු 70 කාන්තාව මනා සෞඛ්‍ය යෙන් ඉන්න බව පේනවද? ඇය අතර මං වී ඇති නිසා තමයි මේ තත්වයට පත් වෙන්නට ඇත්තේ. මැය මීට කලින් ලංකාවට හතර පස් වතාවක් වත් පැහැදිලිවම ඇවිල්ල ඇති. ඒ ගොල්ල ඇත්තෙන්ම විශ්ව පවුලේ යාවජීව සාමාජිකයෝ. තිලක්, ඒ රටවල රැකියා කරන අයට වසරකට වරක් මාසයක නිවාඩුවක් ගත කිරීමට මුදලින් ඇ.ඩො. 5000 ක් පමණ ලැබෙනවා. ඉතින් ඒ ගොල්ල රට රට වල සංචාරය කරන එක තමයි කරන්නේ. ඒ අතින් රට රටවල් ගැන ඔවුන්ට අසීමිත දැනුම් සම්භාරයක් තියනවා. (නදී)
මෙතන ඉන්න සමර පිරිමි හිතාගන ඉන්නේ එයාලගේ ගෙදර කට්ටිය වගේ කියල ලෝකේ ඉන්න හැම ගැහැනියක්ම. දැනීම ගැන දුක හිතෙනවා. (නදී)
ඇය සැබවින්ම නිර්භීතයි (නි)
ස්වාභධර්මයාට ආදරය කරන උදවිය මෙවන් තැන්වලට යනවා. ඒකට වයස් බේදයක් නැ. කොහොම උනත් ඒ අම්මව හොයා ගත්ත ඔබ සැමටම පිං. (නදී)
හිමින් සැරේ මේ මාතාවට හිලිකොප්ටරයට ගිය වියදමේ බිලත් දේවිද දන්නැහැ ලංකාවෙන් පිටවෙන්න කලින්.(බ)
මෙවන්, නිකන් බොරු කියන්න එපා. මට පුළුවන් නම් කියන්න බලන්න අවුරුද්දකට නිවාඩුවකට යන්න ඩොලර් 5000 ක් දෙන රට මොකක්ද කියලා. (නි)
දැන් කාලයේ ව්‍යායාම වල යෙදෙන්න ගමේ නගරයේ දෙපිරිසම ලැජ්ජයි.ඒ නිසා විහින්ම අඩු වයසෙන් අපේ මිනිසුන් මහා පොළවට පස්වෙලා යනවා. මේ මිනිසුන් කාලය වැයකරන්නේ නීරෝගී ජීවිතයක් වෙනුවෙන්...! (නි)
ඇත්තෙන්ම ඇය වීරවරියක් (නි)
එතුමියට හොඳ අත්දැකීමක්. යුරෝපා ජාතිකයන් මෙවැනි ත්‍රාසජනක සිදුවීම් වලට හරි කැමතියි. මෙතුමිය මේ ගැන පොතක් ලියාවි සිය රටට ගියවිට. මේ තුළින් ශ්‍රී ලංකාවේ ජාතිකයන්ගේ ආගන්තුක සත්කාරය මනාව පිළිබිඹු කරනවා (නි)
අනේ වාසනාවන්! (නි)
දයා අලහකෝන්, යුරෝපිය ජාතිකයෝ වයසට ගියාට ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඔයා වගේ හතර වටේ ඕපාදුප හොය හොයා ඉන්නේ නැහැ. වැඩක් නැත්නම් පොතක් හරි කියවනවා.ඒකනේ ඒ අයට දියුණු මනසක්, හරිම ශක්තිමත් හොඳ අවබෝධයක් තියෙන්නේ (නි)
සත්‍යා කාටදෝ කඩේ යන ගමන් මගේ ප්‍රතිචාරය දෙකල , කඩේ ගිනියන මල්ල ඉරා ගෙන (බ)
ජොහාන්, ඔබේ කතාව හරි. එහෙත් අවුරුදු 70 ලොකු දෙයක් නෙමෙයි. (නි)
ජෙහාන්ගේ කතාවට කුමාර් කියනවා වාගේ කටේ මසුරන් දාන්න වටිනවා. නමුත් මසුරන් නැති නිසා සිනී ටිකක්වත් දානවා (නි)
චමිලාට මොකද්ද මෙතන කියවුන දෙයක් සෑහෙන වැදිලා වගේ. ඉතින් ඔයාත් ඩෙක් ෂූස් දෙකක් දාලා රනින් ෂෝට්ස් ඇඳලා වැඩ පෙන්නන්නකො චමිලා. (නි)
මට දැන් වයසයි කියලා හිතන්න නරකයි. ක්‍රියාශිලීව ඉන්න එක හැම අතින්ම හොඳයි. අපේ අම්මාටත් වයස 65ක් . ගුරු සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දැන් ස්වේච්ඡාවෙන් ඉගැන්වීමත් දැන හඳුනන උදවිය සමඟ නොයෙකුත් පළාත් වල සංචාරය කිරීමත් කරනවා. එහෙම නැතුව විශ්‍රාම ගැනීමෙන් පසුව ගෙයි මුල්ලට වෙලා ඉන්න ගියා නම් වෙන වෙන ලෙඩ හැදේවි. මෙහෙම අකරතැබ්බ ඉතින් කලාතුරකින් වෙන්න පුළුවන්. නමුත් කාන්තාවන් හැම තිස්සෙම ගෙදර අස්සට වෙලා ඉන්න ඕනෑ කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)
අනේ මන්දා! මේ කාන්තාව තරුණ පහේ ඇහැට කනට පෙනෙන බවලතෙක් වුණා නම් මුලින්ම බේරාගන්න කඩාගෙන දුවන්නේත් ඔය කඳු නැඟිල්ල ගැන විස්කෝප වුණ කට්ටියම තමයි. (නි)
මෙයට සාත්තු කරන හැමෝම අත් ආවරණ දාන්නේ නැතිව තුවාල අල්ලන්නේ අපේ ියට මොලේ කියන දෙයක් නැද්ද? ඒඩ්ස් වගේ ලෙඩක් තිබුනානම් හැමෝටම බෝවෙන්න තිබ්බ . (ස)
වයස 80 පහුවුණ ආත්තම්මලා සිරීපාද කන්ද නඟින්නේ. අනේ මන්දා සමහරු හිතන විදිය? (නි)
වයස 70 වුවත් ඇයගේ චිත්ත ධෛර්යය තවම තරුණයි (නි)
ලංකාවේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර ගැන මගේ ස්තූතිය! (නි)
මෙයා මේ සිදුවීම ගැන දුක්වන්නේ නැතුව ඇති. මොකද මේ වගේ අත්දැකීම් වලට මෙයාලා කැමති නිසා. දැන් එයාට ජර්මනියට ගිහිල්ලා කියන්න හොඳ සිදුවීමක් මේක. අපේ මිනිස්සු එයාට හොඳට සැළකුවා නම් තවත් ජර්මන්කාරයින් ලංකාවට ඒවි. (නි)
ඔයින් බේරුනා ඇති. (නදී)
අපේ සත්කාරක ක්‍රියා මුළු ලොවටම පෙන්වමු. (නදී)
ජයවේවා !! බුදු සරණයි එතුමියට !! (නදී)
වයස 70 ක් නිසාත් නකල්ස් තිබෙන්නේ තංගල්ලේ නොවන නිසාත් මේ කාන්තාව නිරුපද්‍රිතව සොයා ගන්න ඇති. (බ)
තැන්ක්ස් (බ)
බණ භාවනාවක් කරගෙන ගෙදරටවෙලා ඉන්නේ නැතිව මේ ආච්චි අම්මා කොහේ ගියාද මේ. (බ)
බණ්ඩාර සරත්, අපේ හමුදාවල අය සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ ගැමියන්ගේ ආගන්තුක සත්කාරය හා දුකේදී පිහිටවන ගතිය වෙනත් අයගේ ගිණුමකට දාන්න දුබල උත්සාහයක් දරලා. (නි)