පසුගිය මස 29 වැනිදා සිදුවූ කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පසෙකට තල්ලුවී ගොස් තිබූ නිවසේ සිටින මිනිසුන් සොයන බල්ලෙක් සිටියහ.නිවසේ සුන්බුන් අතර ලැග සිටින මේ බල්ලා තම නැතිවූ හාම්පුතුන් එනතුරු බලාගත් අත බලාගෙන සිටීම කාගේත් නෙතට කඳුළු උණන දර්ශනයකි.
කිසිවකු නැති නිවසට වී නිසොල්මන්ව සිටින බල්ලා එහි යන එන අය ගැන තැකීමක් නොකරයි. එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද බල්ලා නොවේ ඉවතට යන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි අයෙක් වේනම් මේ හුරතලාව ගෙදර අරන් ගිහින් බලා ගන්න. මම ලංකාවෙ නෙමෙයි දැන් ජීවත් වෙන්නෙ, නැත්තම් මම මෙයාව හදාගන්නවා ගෙදර ගිහින්.මම පාරෙ අසරණ වෙච්ච බලු පැටව් මේ වෙද්දි 4කට වඩා හදාගෙන තියෙනවා, ආපහු මගෙ රටට ආවම ඉදිරියටත් ඒ දේ කරනවා (මම ගැන වර්ණනා කරගන්නවා නෙමේ, එහෙම කෙනෙක්ට හිතුණොත් මට සමාවෙන්න.)(දිල්)
මෙහෙම ගුණයක් තියෙන්නෙ ඉතින් අසරණ සතෙක් ළඟ විතරයි.(දිල්)
කෑ ගහල කියාගන්න බැරි මොකක්දෝ දෙයක් යටි හිතේ තෙරපවනවා මේ අහිංසක සතාගේ මුහුණේ ඉරියව්වෙන්. (ර)
මේ සත්වයාට කියන 'බල්ලා' කියන නම වෙනස් කරන්න ඕනෑ (නි)
පව්.......ඇසට කඳුළු එනවා (නි)
ජපානයේ බල්ලෙක් තනියම ඉන්න තම හාම්පුතා එක්ක හැමදාම දුම්රියපොළට යන්න පුරුදුවෙලා හිටියා. හේතුව හාම්පුතා වැඩට යන්නේ දුම්රියේ. එහෙම ගිහින් හාම්පුතා නැවත වැඩ ඇරිලා ඇවිත් දුම්රියෙන් බහිනකොටත් බල්ලා දුම්රියපොළට ඇවිත් ඉන්නවා. දවසක් උදේ හාම්පුතා එක්ක දුම්රියපොළට එන බල්ලාට කිසිදවසක නැවත හාම්පුතාව දකින්න ලැබෙන්නේ නෑ. හේතුව හාම්පුතා අතර මගදී හදිසි අනතුරකින් නැතිවෙලා කාත් කවුරුත් නැති නිසා මිනිය නිවසට ගෙනත් නැතුව අදාහන කටයුතු කරලා. මේක නොදත් බල්ලා පුදුම විදියට වියවුල් වෙලා දිනපතා හාම්පුතා වැඩ ඇරිලා දුම්රියපොළට ඇවිත් හාම්පුතාව හොයන්න අරන්. ඉන් පසුව දිගටම දුම්රියපොළේ නැවතී පැමිණෙන හැම දුම්රියකටම නැග හාම්පුතාව හොයන්න අරන්. මේ සියල්ල දන්නා දුම්රියපොළ ස්ථානාධිපති තුමා මේ සිද්දිය පත්තරේට දැනුවත් කිරීමෙන් මෙය මහා පුවතක් බවට ජපානයේ පත් උනා. අන්තිමේට ඒ බලු මහත්තයවම යොදාගෙන චිත්‍රපටියක් බිහිඋනා. සත්‍ය කතාවක්. බල්ලෝ කියන්නේ මහා ලෙන්ගතු සතුන් කොටසක්. මිතුරාට දෙවියන්ට සේ සලකන සතුරාව හපාකන (නදී)
මිනිසත්කම හඳුණන සුනඛයෙක් (දිල්)
කවදත් මිනිසාගේ නියම මිතුර ඔය සතා තමා.(දිල්)
මේ සසරේ කිසිදු බවයක ඔබ තිරිසන් අත්බවයක නුපදීවා ධාර්මික මිනිසකුව ඉපිද මෙත් බුදුන් දවස සසරින් මිදේවා..!ඔබ බලාගත් නිවැසියන්ටද මතු කිසිදු බවයක මෙවන් දුකක් නොවේවා..! (බ)
සත්තුන්ගේ තියෙන හොඳ ගති මිනිස්සු ගාව අද නැහැ (බ)
තමා ගැනම පමණක් හිතන බොහෝ මිනිසුන් ළඟ නොතිබුණ හොඳ ගතිගුණ බල්ලන් අතර තිබුණා. (බ)
අද කාලේ සතුන් ගාවයි. අතලොස්සක් මිනිසුන් ගාවයි විතරයි මනුෂ්‍යත්වය තියෙන්නේ (නදී)
හරිම දුක හිතෙනවා (නි)
ඇතැම් මිනිසුන්ට වඩා කොච්චර හොඳද?(දිල්)
නියම යුතුකම් දන්න,කෙලෙහිගුණ ඇති සතෙක්. කෙසේ හෝ මෙම ජීවිතය බේරා ගැනීම මිනිස් යුතු කමක්.කණගාටු වෙනවා හැර කරන්නට දෙයක් නැහැ.(දිල්)
මිනිස්සු වන අප ළඟ නැති ගොඩක් ගුණ මේ සතුන් ළඟ තියනවා (දිල්)
මේවා පෙර ආත්ම වල සම්බන්දකම්. පුළුවන් කමක් තියෙනවනම් මං ගෙනත් හදා ගන්නවා. (දිල්)
බල්ලා මිනිසාගේ අතිජාත මිතුරාය, මිනිසාට කරදරයක් වූ විට දිවිහිමියෙන් මිතුරා ආරක්ෂා කිරීමට බල්ලා ඉදිරිපත් වෙයි. ඔහු එතනින් ඉවත් කිරීමට උත්සාහ කිරීම අසාර්ථක උත්සාහයකි. මට මගේ ටොම් මතක්වෙනවා.(දිල්)
ඇත්තටම හරිම දුකයි.පව් අසරණ සතුන්ට තියෙන මිනිස්ගුණය ඇයි අපි අතර වාසය කරන්න මිනිසාට නොපිහිටියේ ....?(දිල්)
අද කාලයේ මිනිසුන්ට කොපමණ ගුණ කලත් තමන්ගේ වාසියට ඒ සියලු දේ අමතක කරයි එහෙත් තිරිසන් සතකුට එක දවසක් කෑමට යමක් දුන්නොත් එම සතා අප කොහේදී හමුවුනත් අඳුන ගනී . නැට්ට වනයි මේ හුරතලා මග බලා ඉන්නේ තමා සමග ජීවත් වුන උදවිය කවදා හෝ එතැයි සිතාය. සමහරවිට උගේ ජීවිත කාලයම ඔතනට වී මග බලා හිදීවී (බ)
කලිසන් අදින අය ළඟ නැති ගුණයක් මේ බල්ලා ළඟ තීයෙනවා ?(බ)
අනේ! මට ගිහිල්ලා අරගෙන එන්න හිතෙනවා (නි)
දනිමි මම..හාම්පුතා මෙලොව හැරගොස් බව...එහෙත් මිනිස් බස නොදන්නා මම මගේ දුක කෙලෙස හඩගා කියන්නද...ඔහුගේ සුවඳ අන් කවරකුට නොදැනුනත්....මේ නිවාස පුරාවට මට දැනෙන බව....(දිල්)
මම ළගක හිටියා නම් මම මේ බලු සුරතලා ට රැකවරණය දෙනවා.(දිල්)
මිනිසාට සැමදාම පිහිට වෙන මනුෂ්‍ය ගණයේ නොවුනත් උතුම් ගතිගුණ වලින් පිරුණු සතෙක් (දිල්)
අදහස් දක්වපු සියල්ලන්ම වටිනා යමක් එකතු කරලා තියෙනවා. බොහොම සතුටුයි. (ර)
මෙම දුක්බර සංවේගී දසුණ දකිනකොට මාගේ හැගීම. අද කාලයේ සමහරක් මිනිසුන් ලග නැති ගතිගුණ මේ සත්වයා ලඟ තියෙනවා. මෙයාව හොදින් බලාගන්න කියල අලුත් හාම්පුතාට මම සුභ පතනවා. (ර)
මේ සිව්පාවන්ට බල්ලෙක් කියන එකත් පවක්. තිරිසන උනත් කන්න දුන්න කෙනාව හොයනවා. සල්ලි වලට ගන්න හොද ජාතියේ උන්ට වඩා කෙලෙහෙගුණ මෙයාල ගාව තියෙනවා. (ර)
මෙයා මට බාරදෙන්න (නදී)
මම එයාට ගොඩක් ආදරෙයි. මට එයාව ලැබුනොත් හොඳට බලාගන්නවා. (නදී) මට එයාව ගෙනත් දෙන්න. මම 0773 951679 (නදී)
මට ඔය බල්ලා හොයල දෙනවද ? මම හදා ගන්නම් (නදී)