ගල්නෑව පන්සලකදී හිමිනමක (38) මත්කොට අස්වාභාවික ලිංගික ක‍්‍රියාවලියකට පොළඔවා එම දර්ශන වීඩියෝගත කර රුපියල් දස ලක්ෂ විසිපන්දහසක කප්පම් මුදලක් ලබාගත්තේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි.
හිමිනම බියගන්නවා පළමුව රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් සැකකරුවන් විසින් ලබාගෙන ඇතැයි කියති. පසුව තවත් දෙවතාවකදි රුපියල් ලක්ෂ නවයක මුදලක් සැකකරුවන් ලබාගෙන ඇති බවත් පසුගිය විසිතුන්වැනිදා තවත් රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාදෙන ලෙසට මෙම සැකකරුවන් හිමිනමට තර්ජනයකර ඇති බවට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝවිට හාමුදුරුවරු පන්සලේ වැඩට එකතුවූ මුදල් ළඟ තියාගෙන ඉන්නවා, බැංකුවක තැන්පත් නොකර. හොඳම දේ තමයි පොඩි මුදලක් වුණත් බැංකු ගිණුමක තැන්පත් කරන එක. (නි)
හාමුදුරුවරු කෙනෙකුට මේසා විශාල මුදලක් කෙසේ ලැබුනාද? (නි)
මේවා බොහොම පහත් වැඩ (නි)
ඉතාමත් පහත තත්වයේ අපරාධයක්. ස්වාමින්වන්සේලා ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියා කරන්ඩ ඕනේ. තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. මෙතරම් ලක්ෂ ගණන් සල්ලි කොහෙන්ද ස්වාමින්වන්සේලාට? (බ)
බුදුන් තුන්වරක් වැඩි මෙි පින් බිමේ දේශපාලුවන් ජනතාවගේ මුදල් මංකොල්ල කමින් සංඝයා වහන්සේගේ මුදල් ජනතාව මංකොල්ලකමින් තිබෙන මෙි පින් බිම කොයිබටද? (බ)
වැඩේනම් වැරදියි තමයි හැබැයි මුලින්ම හොයලා බලන්න හාමුදුරු නමකට මෙච්චර මුදලක් ලැබෙන්න උන් වහන්සේ කරපු රැකියාව මොකක්ද කියලා. අහිංසක බෞද්ධයෝ නිවන් දකින්න හිතාගෙන පන්සලට පූජා කරපු සල්ලි වෙන්න ඇති මේ. (බ)
අවමානයෙන් ගැලවීම සදහා කෙසේ හෝ යහපත් මාර්ගයකින් මේ මුදල සොයා ගන්න ඇති. මෙම පුද්ගලයන් දෙදෙනා කරගෙන ඇත්තේ බරපතල පාපයක්! (හේ)
මාර වැඩ තමයි.(හේ)
සල්ලි දුන්නත් බාරනොගන්නා ගුණවත් ස්වාමීන් වහන්සේලාද මෙරටෙහි ඇත. (ම)
මේ සිද්ධිය ඇත්තටම තහවුරුකර ගතයුතු වෙනවා. බෞද්ධයින්ට සිදුවන ගැහැට දැන් සුලබයි. (නි)
දැන් බලාගෙන ගියාම සල්ලි තියෙන්නේ ගිහියෝ ළඟ නොවෙයි, හාමුදුරුවරු ළඟ. (නි)
කාම රකුසාගේ ගොදුරක්.(හේ)
එහෙම අයට ඔහොම වැඩ වෙනවා තමයි.(හේ)