අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහස කළැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙබරවාරි නව වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවිය අසලට පැමිණ සිටි තවත් භීක්ෂූන් පිරිසක් තමන්ද රිමාන්ඩ් කරන ලෙස කෑකෝ ගසන්නට වූහ.
‘අපිත් රිමාන්ඩ් කරපල්ලා. කොල්ලනේ වරෙල්ලා‘ ආදී ලෙස හිමිවරු කෑ ගැසූහ.
බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට යාමට නොදී හිමිවරු පිරිසක් රථය ඉදිරිපිට නිදා ගත්හ.
තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය ඇතුළට යෑමට උත්සාහ කළත් පොලිසිය ගේට්ටුව වසා එය වැළැක්වීය.
ඉන් පසු හිමිවරු තාප්පයෙන් පැන උසාවි භූමියට ඇතුළු වූහ.
අධිකරණ සංකීර්ණයේ දොරටුව වසා දමා ඇත. හිමිවරු භූමියේ සිට කෑකෝ ගසති. අධිකරණයේ දොරවල් වසා ඇතුළේ අධිකරණ වැඩ කටයතු කරගෙන ගියේය.
මෙම කළඹගෑනියත් සමග පොලිසිය කැරලි මර්දන සහ ජල ප්‍රහාරක රථය කැඳැවීය. අවට පොලිසිවලින් 300ක් පමණ පැමිණ සිටිති.
උද්ඝෝෂණයට ආ භික්ෂුවක් ක්ලාන්ත විය. තවත් භික්ෂුවක් උසාවි තාප්පයෙන් ඇතුළට පැන්නේය. හිමිවරු කණ්ඩායමක් ක්ලාන්ත වූ භික්ෂුව ඔසවාගෙන ප්‍රථමාධාර දීමට ගියහ.
![BILD3273[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32731.jpg)
![BILD3284[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32841.jpg)
![BILD3291[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32911.jpg)
![BILD3293[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32931.jpg)
![BILD3295[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32951.jpg)
![BILD3297[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32971.jpg)
![BILD3300[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD33001.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුනිකාගේ නීතිය හාමුදුරුවන්ට අදාළ නැද්ද ? මාර වෙනස (රේ)
සිංහලක, බෞද්ධකම ගැන තමන්ගේ ඇගේ, කීයෙන් කී දෙනාටද තියෙන්නේ කියලා, (ම)
හාමුදුරුවෝ ගරුත්වය නැතිකරගන්නේ විහින්. බනක් කියාගෙන පන්සලේ ඉන්නවා නම් කොච්චර හොදද හාමුදුරුවෝ ඉන්න ඕන (අ)
මේ කමෙන්ට්ස් දාන ගොඩක් අය සිංහ ලේ තියෙන ඉතිහාසය ගැන දන්නා කියන අය නොවන බව මේ දාන කමෙන්ට්ස් වලින්ම පේනවා.අනේ අපේ සිංහල ජාතියට වෙච්ච දෙයක්. (බ)
අන්තිම පින්තුරේ ඉන්න හිමිනමගේ ඇස් වල තියෙන කෝපය වෛරයක මහාත, (අ)
දෙව්දත් ඔව් එයත් සිවුරක් පොරවා ගෙන හිටියේ ..... (ම)
මේ හාමුදුරුවෝ සුරා අරගෙන වාහනයක් පදවා උසාවි ගෙනියද්දි ඔයගොල්ලෝ කොහෙද හිටියේ. (බ)
1815 උඩරට ගිවිසුම අත්සන් කරන වෙලාවෙ සුමංගල හාමුදුරුවො ඉංග්‍රිසි කොඩිය පාතදාල පාගල සිංහල කොඩිය උස්සපු වෙලාවෙ මෙකෙ ලියන සමහර අය හිටියනම් කියයි සුමංගල හාමුදුරුවන්ගෙ හිස ගසා දාන්න කියල කියයි. පහුගිය දවස්වල හසලක රණවිරු ස්මාරකයත් වෙස වෙනුවෙන් කඩන්න යොජනා කළ සිංහල මිනිස්සු ඉන්න රටක්නෙ මේක (අ)
යහපාලනේ රඟ ඔහොම යන්(රේ)
යටත් විජිත සමයේ සිට විදේශිකයන්ගෙන් පැවත එන පිරිසගේ ජාන ලක්ෂණ මතුවෙන අසිරියක මහත ! (අ)
මේ රස්තියාදු කාරයෝ වගේ හැසිරන සෑම හාමුදුරු නමක්ටම හොද දඩුවමක් දිය යුතුයි . මුළු සිංහල ජාතියටම ලැජ්ජාවක් (බ)
හිතට ආඩම්බරයක් දැනෙනවා සමහරක් නරි ලේ දුවන ඇගවල් ඇතුලේ ජාතිය වෙනුවෙන් සිංහ ලේත් දුවන ඇගවල් ඉන්නවා කියල. ජයවේවා ...(බ)
ප්‍රථමවරරට යහාපාලනය ගැන ඇත්තටම කළකිරුනා. මොනදේ වුණත් අප ඔබවහාන්සේ සමගයි. (අ)
භික්ෂු කතිකාවතක් යනු භික්ෂූන් උදෙසා සකස් කරන ලද විනය නීති මාලාවක් - මේක ඕනද එපාද ?(අ)
රට අස්ථාවර කිරමේ වැයමක් (අ)
මොනවද මෙ විකාර .මේ සංඝයා වහන්සේලාද. නීතිය අතට ගන්න හදන කාට උනත් නීතියෙන් දඩුවම් කරන්න.අපිටනම් අවන්කවම අපේ ආගම පිලිබඳ කලකිරීමක් ඇතිවෙනේව.(කෞ)
සිංහලය වෙනුවෙන් හඬ නගන ඒ හමුදුරුවත් මරල දාපල්ලා . එකරලා සිය දිවි නසා ගත්ත කියලා බොරු කියලා මිනිසුන් ගොනාට අන්දවපල්ලා (කෞ)
බුදුදහම පිරිහි අැති තරම (ම)
හාමුදුරුවනේ, සැළෙන්න එපා. අපි ඔබවහන්සේලාව තනිකරන්නේ නැහැ
අනේ දෙවියනේ! (නි)
අපෙ අවිහිංසක පරමාදර්ශී වු පිවිතුරු බුදු දහම විනාශ කරනවා මදිවට සියල්ලට ඉහලින් තිබෙන නීතියට අභියොග කරනව දැක්කම කලකිරෙනවා (අ)
බුදු දහමේ ඔහොම හැසිරෙන්න කියල මොන පොතේද කියල තියෙන්නේ ? (බ)
මේ සිංහල නම් තියන අදහස් දාලා තිබෙන අය ලියලා තියන දේවල් දැක්කම පුදුම හිතෙනවා. අපේ සිංහල ජාතිය ගැන හරිම කණගාටුවක් තියෙන්නේ. මතක තියාගත්තොත් හොඳයි මේ බුදුන් වැඩිය රට බව. මේ අපේ රටට විරුද්ධව වැඩකළොත් සොබා ධර්මය විසින්ම දඬුවම් දෙයි. (නි)
මේ ටික කරගන්නනේ දැඟලුවේ. යුක්තිය ඉටුවිය. (බ)
යහපාලනය ගැන තීරණයක් ගැනීමට කාලය පැමින ඇත (නි)
දාපියව් ඔයක්කෝම හිරේ. එතකොට ඔය සංඝරත්නයට අපහාස කරන ඔක්කොම පාඩමක් ඉගෙන ගනී. (බ)
ඔබ වහන්සේලා තමා මේ රට කන්නේ (බ)
මම මොනවත් කියන නැහැ.මොකද කියන දේ වැරදියට වටහා ගන්න පුද්ගලයෝ වැඩි නිසා.හැබැයි නුවන්ට කියන්න දෙයක් තියෙනවා.සුමංගල හාමුදුරුවොයි ඥානසාර හාමුදුරුවොයි සංසන්දනය කරන්න එපා.එක සුමංගල හාමුදුරුවන්ට කරන අපහාසයක්. (අ)
වැරදිලා මහණ කරපු කට්ටියක් ද මේ ? (බ)
ඔබ වහන්සේලාට තෙරුවන් සරණ පතමි ජඩ පාලකයන්ට බිය වෙන්න එපා (බ)
.හිරේම දාන්නඕන.ගරුත්වය රැක ගන්නේ නැති අපේ හාමුදුරුවරු. (කෞ)
මේවා මහා සහගහන අපරාධ බොරු කිඅල බලය අරන් කරන අපරාධ අපේ රට ගිය කල (බ)
මොකද මේ කට්ටිය හොල්මන්ද? (බ)
එදත් අදත් මේ වගේ විර ස්වාමින්වන්සේලා සිටියා. ඒ නිසා තමයි අද රට ජාතිය ආරක්ෂා වෙලා තියෙන්නේ. (කෞ)
කිසිවෙක් විනිශ්චය කරන්න කිසිවෙකුට බැහැ, නමුත් නීතිය කාටත් පොදුයි (ම)
මේ ඉන්නේ බෞද්ධ භික්ෂුන් නොවේ. ජාති, ආගම් ,කුලබේද, වර්ණ බේද සහ පක්ෂ බේද යන හා ජරාවෙන් ඔලුව පුරවා ගත් දුසිල්වත් සිවුරු පොරවාගත් දෙව්දත් කුලයේ නොමිනිසුන්ය. අහෝ ඤාණසාර නොදිටි මොක්පුර..(බ)
අනේ හාමුදුරුවනේ, ඉස්සෙල්ලාම රටේ නීතියට ගරු කරන්න (අ)
බුදුන් දෙසු දහමද මේ වපුරන්නේ?............හික්මීමක් නැතිව කොහොමද සැනසෙන්නේ?.............. පිරිහිමක්ද බුදු දහමේ පෙන්වන්නේ? ..........බුදු දහමට අනේ අපහස නොකරන්නේ! (ම)
මේ හාමුදුරුවරු උද්ඝෝෂණය කරන්නේ ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර ඉල්ලලවත් වෙන මොනවත් වරප්‍රසාදයක්වත් ඉල්ලලවත් නෙවෙය්. 30 වසරක යුද්ධය නිම කරන්න දිවි පරදුවට තියා ක්‍රියා කළ බුද්ධි අංශ නිලධාරීන් හිරේ යවන එකට එරෙහිව. (බ)