පිළියන්දල මාකන්දන සුදර්ශනාරායමට අද අලූයම හෙල්මට් පැළඳ ආ කොල්ලකරුවන් දෙදෙනකු විහාරාධිපති වල්ගම රතනසිරි හිමියන් හා සේවකයකු බැඳ දමා පිස්තෝල පෙන්වා මුදල් හා භාණ්ඩ රැසක් කොල්ලකා පලාගිය බව පිළියන්දල පොලිසිය කියයි. රතනසිරි හිමියෝ කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් ඒ පන්සලේම සිටි සිවුරු ඇරිය කෙනෙක් වෙන්න බැරිද?
පන්සල් වල ආරක්ෂාවට ආයුධ සන්නද්ද පොලිසිය හෝ හමුදාව යොදවන්න ඕනි
බලකකොට මොහෝගේ කතාවෙත් ඇත්තක් තියෙනවා
ලංකාවේ හිටියනම් අපිටත් පන්සල පැත්තේ යන්නම වෙනවා...
පන්සල් වලට හොරු පැනලා හිමිවරුන් බැද මංකොල්ල කන තත්වයකට අද රට පත්වෙලා. මේ තත්වය වෙනස් කිරීමට රජයට විශාල වගකීමක් පැවැරී ඇත . රජය මෙය වටහා ගත යුතුයි.මෙයට නිසි විසදුම් දිය යුතුය. බඩුමිල අඩුකර රට සන්වර්ධනය කල යුතුයි. රටේ නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. පාලකයෝ දුෂණ වලින් වැළකී අවංකව, රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. මෙලෙස ක්‍රියා කරන ලෙස ආගමික නායකයින් හා රටේ බුද්ධිමතුන් එක්ව රජයට බල කළ යුතුයි. කෙසේ හෝ පාලකයින්ගේ ක්‍රියා පිළිවෙළ වෙනස් නොකළහොත් රට පිරිහීම වැලක්විය නො හැකිය.
අනේ සාසනේ..............
අනේ සනේ.........
නෑ.. නෑ.. අපරාධ වැඩිවෙලා නැහැ තවම.. හූ... ඇමතිකෙනෙක්ගෙ කතාවට...
මෙහෙම බදු පනවනකොට නිකන් මිනිස්සුත් ඉබේම හොරු වෙනවා
මේක ධර්මද්වීපයක්.දැන් නිධන් විතරක් නෙමෙයි, පන්සල් වල තිබෙන පූජා භාණ්ඩත් සොරා ගන්නා තත්ත්වයකට ඇවිල්ලා
මේ අපගේ ධර්මද්වීපයයි
පුදුමයි, හාමුදුරුවන්වත් අරන් නොගිය එක
පන්සලටත් ආරක්ෂාවට පොලිසියෙන් දමන්න
මේකයි අපේ රටේ තත්ත්වය
පන්සල් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සිත් පහදා ගැනීමට ඇති ස්ථාන මිස වස්තුව ගොඩ ගසා ගැනීමට ඇති ස්ථාන නොවේ. නැති බැරි මිනිහෙක් මිනී නොමරා ඕවා අරන් ගියාට කමක් නැත.
බුදුන් දෙසූ නීතියේ හැටියට නම්, හාමුදුරුවන් සතුව 'මුදල් හා භාණ්ඩ රැසක්' තිබිය නොහැකියි. බහුභාණ්ඩික භික්ෂුව පිළිබඳව බණේ ඇති සඳහන බලන්න. අපේ හාමුදුරුවරු මේ වලඳමින් සිටින්නේ තමතමන් වැපිරූ දේවල අස්වැන්නයි. (යාදිසං වපතේ බීජං- තාදිසං හරතෙ ඵලං..)
මහා භාණ්ඩාලාරෙට වඩා පන්සල් වල සල්ලි තියෙන එකේ හොරු පනින එක අහන්නත් දෙයක්ද?
මොහාන්, නැතිබැරි මිනිහෙක් නම් ඉතිං කමක් නෑ නේද?
මොහාන්, අද කාලේ ඉතිං ඕවා කරන්නේ ඇති හැකි අය නේද?
මංකොල්ලකාරයොයි, ස්ත්‍රී දූෂකයොයි, හොරුයි දැන් රටේ සුලභ දේවල් වෙලා. අනේ රටකට ගිය කල….
අනේ රටකට ගිය කල.... නීති පොත ඉක්මණින් වෙනස් කරන්නම වෙනවා
දැන් පන්සල් වලටත් ආරක්ෂකයෝ දාන්න වෙයි නේද?
පන්සලේ නිධානයක්වත් තිබුණද දන්නෙ නෑ නේද?
හොරු වෙතටයි, දැන් මේ පන්සලට එන්න එපා. දැන් ඒකේ ගන්න දෙය්ක ඉතුරු වෙලා නැහැ
ඒ හාමුදුරුවොත් විවාහකද දන්නෙ නෑ නේද?අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
අයි ඩෝන්ට් නෝ වයි - එහෙම වෙන්නේ ඇයි
බලධාරීනි, අපරාධ රැල්ලක් ඇති වෙලා අවසානයි. කරුණාකර දැන්වත් අවධානය යොමු කරන්න
ෂුවර් එකටම පන්සලේ කඩුවක් තියෙන්න ඇති
කෝ දඹුල්ලට කතා කරපු කට්ටිය
බැඳ පන්සලක් කොල්ල කති හිමිනම
හිමිනම බැන්දා කිවුවම මට හිතුණේ එයා බැදලා දික්කසාද වෙලා ඉන්න ඇති කියලා
දැන් පිංවතුන් ලංකාවේ අඩු නිසා තමයි ඔහොම දේවල් වෙන්නේ...
මෙ පවතින විදියට ගියොත් අපි කාටත් පල්ලි පන්සල් කඩන්න සිදුවෙයි. මම ආණ්ඩුවට බනිනවා නෙමෙයි. පාරවල් වරාය වල්ම හදලා මදි. මිනිස්සුන්ට ජිවත්ව ඉන්න හොද ජිවන රටාවක් හදන්න.
ගමේ අයවත් එකතු වෙලා පන්සල් වෙනුවෙන් ආරක්ෂක වැඩ පිළිවෙළක් හදන්න ඕනි නේද?
බුදු හිමි අනු දැන වදාළ සරල බව අද බොහෝ ස්වාමීන් වහන්සේලා තුල නැත. සිවුරු අඳනකඩ හැරෙන්නට ඔවුන්ට තමාගේ ම කියා තබා ගත යුත්තේ ඉදි කටුවක්, රේ සරයක්, වතුර පෙරනයක් හා දානය වළඳන තැළිය පමණි. අද ද මෙවැනි සරල සිල්වත් ආදර්ශමත් හිමිවරු සොයා ගත හැක. ඔවුන්ට සොර සතුරු බිය නැත.
හොරා පන්සලේ කෙනෙක්මද කියල සැකයි ...
මිනිස්සුනට තන්හාව උපදවන දෙවල් පන්සල්වල තියෙන්න බැහැනේද?
මිනිස්සු ජීවත් වෙන්නත් එපැයි...
මිනිස්සු ජීවත් වෙන්නත් එපායැ.ඒකයි පන්සලට යන්න ඇත්තේ
අද කාලේ ලංකාවේ හොරකම් කරන්න පුලුවන් ලොක්කන්ට විතරයි.
විශේෂ ක්‍රියාමාර්ගයක් අත්‍යාවශ්‍යයි පන්සල් වගේ වටිනා ආගමික ස්ථාන රැක ගැනිමට, සෑම බෞද්ධයෙක්ම අපේ ආගමික ස්ථාන ආරක්ෂාකර ගත යුතුයි.. නැතිනම් භික්ෂූන්‍හට මෙවැනි තර්ජන එල්ලවීමට හැකිය.. රට අගාධයට යාවි ඉතා ඉක්මනින්..