හොරණ කඳන නව හැවිරිදි දරුවකු පැහැරගත් බව කියන සිවුරක් හැඳගත් පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි.
දරුවාගේ නෑයකුගේ ගෙදරට ආ එම තැනැත්තා දරුවාට බයිසිකලයක් මිලට ගෙන දීම සඳහා හොරණ නගරයට පැමිණ ඇති බවත්, දරුවාගේ මව ඇතුළු කිහිප දෙනකු ත්‍රිරෝද රියකින් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.
බැංකුවෙන් මුදල් ගැනීමට කොලයක් පුරවන ලෙස දරුවාගේ මවට කියූ සිවුරක් හැඳගත් එම පුද්ගලයා බුලත් විටක් ගෙන එන බව කියා දරුවා සමග ගිය බවත්, දරුවා සොයා ගැනීමට නැති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හිමිනම‘ දරුවා සමඟ අතුරුදන්
උපාලි Friday, 24 October 2014 12:42 AM
ශාන්, ඔබේ සැකය මටත් තිබෙනවා. මෙතන අපිට හෙළිනොවූ පසුබිම් කතාවක් තිබෙනවා වගේ. (නි)
රොකී Friday, 24 October 2014 12:57 AM
හිමිනමක් කියලා කිවුවට සැබෑ හිමිනමක් විය නොහැකියි නේද? මේ කාලේ මෙහෙම අය බෝවෙන එක සමාජයට බොහොම අහිතකරයි. (නි)
සත්‍යා Friday, 24 October 2014 01:02 AM
ළමයාගේ තාත්තා කොහේද එතකොට? (නි)
චානක. Friday, 24 October 2014 01:40 AM
මම අහල තිබෙනවා. ‘‘ළඟදීම හමනවා සේද සුලන්‘‘ කියා එදා චිත්‍රපටයට අලවපු පෝස්ටර් දැකලා සමහර මිනිසුන් භයට තමන්ගේ ගෙවල් අසල තිබුණු විශාල ගස් කපා හෙලුවා කියලා. මීට වඩා බුද්ධිමත් වන්න බලන්න. (නදී)
චම්පික Friday, 24 October 2014 01:41 AM
මටත් ශාන් කියන දේ හරි කියල හිතෙනවා. මෙහෙම ඥාති ගෙදරට ආව පමණින් දරුවෙක්ව නාදුනන කෙනෙකුට භාර දෙනවද ? දරුවා විතරක් නෙවෙයි ඔය අම්මා නැගල ආව කියන ත්‍රිරෝද රියත් දැන් ආගිය අතක් නැතිව ඇති. (නදී)
සන්තුෂ් Friday, 24 October 2014 02:08 AM
පව් හාමුදුරුවෝ (නදී)
රංජිත් Friday, 24 October 2014 04:58 AM
සිවුරු දරාගත් හොරු එලවන්න කියල බොදු බල සේනාවට කියන්න ඕනේ. ආගමට වින කරන්නේ මිනිස්සු ආගමින් දුරස් වෙන්නේ මේ වගේ උන් නිසා (නදී)
දිනෙල්කා Thursday, 23 October 2014 04:59 PM
ඇත්තටම දෙමාපියන්ට මීට වඩා හිතන්න තිබුණා නේද? (නි)
කුරුවිට Thursday, 23 October 2014 05:04 PM
හඳුනන්නේ නැති අය ළමයින්ට බයිසිකල් අරන් දෙන්නේ මොකටද? (නි)
දීපාල් Thursday, 23 October 2014 06:09 PM
සමහරවිට පන්සලට ගෙනියන්න ඇති (නි)
මානගේ Thursday, 23 October 2014 07:19 PM
මේ මිනිසුන්ට ඔලුවක් කියලා දෙයක් නැද්ද මන්දා? වාසිය දිහා බලමින්, ඇස් අන්ධ කරගෙන, දන්නේ නැති පුද්ගලයින් අතේ දරුවන් යවන්නේ ඇයි? මෝඩකමට ඇස් නැහැනේ .... (නි)
සඳුනි Thursday, 23 October 2014 07:58 PM
නොදන්නා කෙනෙකු සමඟ කුඩා දරුවෙකු යැවුවේ ඇයි? (නි)
ශාන් Thursday, 23 October 2014 08:50 PM
දරුවාගේ මව මොනවද කළේ මේ ටික වෙනතුරු? මේ පුද්ගලයා හා මේ කාන්තාව අතර මොනයම් හෝ සම්බන්ධයක් ඇද්දැයි මට සැකයි (නි)