හොරණ කඳන නව හැවිරිදි දරුවකු පැහැරගත් බව කියන සිවුරක් හැඳගත් පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි.
දරුවාගේ නෑයකුගේ ගෙදරට ආ එම තැනැත්තා දරුවාට බයිසිකලයක් මිලට ගෙන දීම සඳහා හොරණ නගරයට පැමිණ ඇති බවත්, දරුවාගේ මව ඇතුළු කිහිප දෙනකු ත්‍රිරෝද රියකින් පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.
බැංකුවෙන් මුදල් ගැනීමට කොලයක් පුරවන ලෙස දරුවාගේ මවට කියූ සිවුරක් හැඳගත් එම පුද්ගලයා බුලත් විටක් ගෙන එන බව කියා දරුවා සමග ගිය බවත්, දරුවා සොයා ගැනීමට නැති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්, ඔබේ සැකය මටත් තිබෙනවා. මෙතන අපිට හෙළිනොවූ පසුබිම් කතාවක් තිබෙනවා වගේ. (නි)
හිමිනමක් කියලා කිවුවට සැබෑ හිමිනමක් විය නොහැකියි නේද? මේ කාලේ මෙහෙම අය බෝවෙන එක සමාජයට බොහොම අහිතකරයි. (නි)
ළමයාගේ තාත්තා කොහේද එතකොට? (නි)
මම අහල තිබෙනවා. ‘‘ළඟදීම හමනවා සේද සුලන්‘‘ කියා එදා චිත්‍රපටයට අලවපු පෝස්ටර් දැකලා සමහර මිනිසුන් භයට තමන්ගේ ගෙවල් අසල තිබුණු විශාල ගස් කපා හෙලුවා කියලා. මීට වඩා බුද්ධිමත් වන්න බලන්න. (නදී)
මටත් ශාන් කියන දේ හරි කියල හිතෙනවා. මෙහෙම ඥාති ගෙදරට ආව පමණින් දරුවෙක්ව නාදුනන කෙනෙකුට භාර දෙනවද ? දරුවා විතරක් නෙවෙයි ඔය අම්මා නැගල ආව කියන ත්‍රිරෝද රියත් දැන් ආගිය අතක් නැතිව ඇති. (නදී)
පව් හාමුදුරුවෝ (නදී)
සිවුරු දරාගත් හොරු එලවන්න කියල බොදු බල සේනාවට කියන්න ඕනේ. ආගමට වින කරන්නේ මිනිස්සු ආගමින් දුරස් වෙන්නේ මේ වගේ උන් නිසා (නදී)
ඇත්තටම දෙමාපියන්ට මීට වඩා හිතන්න තිබුණා නේද? (නි)
හඳුනන්නේ නැති අය ළමයින්ට බයිසිකල් අරන් දෙන්නේ මොකටද? (නි)
සමහරවිට පන්සලට ගෙනියන්න ඇති (නි)
මේ මිනිසුන්ට ඔලුවක් කියලා දෙයක් නැද්ද මන්දා? වාසිය දිහා බලමින්, ඇස් අන්ධ කරගෙන, දන්නේ නැති පුද්ගලයින් අතේ දරුවන් යවන්නේ ඇයි? මෝඩකමට ඇස් නැහැනේ .... (නි)
නොදන්නා කෙනෙකු සමඟ කුඩා දරුවෙකු යැවුවේ ඇයි? (නි)
දරුවාගේ මව මොනවද කළේ මේ ටික වෙනතුරු? මේ පුද්ගලයා හා මේ කාන්තාව අතර මොනයම් හෝ සම්බන්ධයක් ඇද්දැයි මට සැකයි (නි)