පන්සලේ කාරය පදවාගෙන තුවාල කරුවකුගේ ජීවිතය බේරාගැනීමට ඉමදුව පරගොඩ පන්සලේ හිමිනමක් ඉදිරිපත් වූ බව කරාපිටිය රෝහල් ආරංචිමාර්ග කියයි.
මේ තරුණයා යතුරුපැදියක හැපී තුවාල ලැබූ බවත් යතුරුපැදිෙයේ පැමිණි පුද්ගලයා ද තුවාල ලබා සිටි බවත් තුවාලකරු රෝහලට ගෙන යාමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ පරගොඩ විහාරවාසී කොක්මාදූව අනුරුද්ධ හිමියන් ඉදිරිපත්ව ඔහු රෝහලට ගෙන ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ කළේ උතුම් වැඩක් (නි)
හාමුදුරුවන්ට ලයිසන් තියෙනවා නම් මේකේ ප්‍රශ්නයක් නැහැ. (නි)
ඒ ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ උතුම් පින්කමක්. දැන් ඔන්න බක පණ්ඩිතයෝ අහයි ස්වාමීන් වහන්සේ මොකටද රිය පැදෙව්වේ කියලා. (නි)
ඔබ වහන්සේ කළ උපකාරයට මාගේ ගෞරුවය ,(හේ)
ඔබ වහන්සේට ගොඩක් පින්! තෙරුවන් සරණයි! (නි)
මුදල්ම පසුපස හඹායන, මිනිස් ජීවිතවල වටිනාකම නොදැනෙන කුහක මිනිසුන් අතර, ගිලනුන්ට උපස්ථාන කිරීමට තැනක් නොතැනක්, වෙලාවක් අවේලාවක් අවැසි නැතුවා සේම, ඉන්පසු එල්ලවන චෝදනා වුවද එතරම් ගණන් ගතයුතු නැත හිමියනි. ඔබ වහන්සේට දීර්ඝායුෂ! (නි)
මේවා හාමුදුරුවරුන්ට කැප නැහැ කියලයි මම නම් කියන්නේ. හරි නම්, පන්සලකට වාහනයක් ඕනෑත් නැහැ (නි)
හාමුදුරුවරුන්ට රියදුරු බලපත් දෙන්න (නි)
දැන්වත් ස්වාමීන් වහන්සේලාට ලයිසන් දෙන්න. (නි)
රියදුරු බලපත්‍ර ගැන ගැටලුව විසඳිය යුතුයි නේද? (නි)
ඔන්න නියම හාමුදුරුවරු. ඒකටත් දැන් බනිනවද? (නි)
දැන්වත් ආණ්ඩුව පූජ්‍ය පක්ෂයට රිය පැදවීමට එරෙහිව පවතින නීතිය සංශෝධනය කිරීමට තීරණය කළොත් හොඳයි. බුදුහිමියන් පවා කාලානුරූපව සම්ප්‍රදායයන් වෙනස් කරගැනීමට අවසර දී තිබියදී තවමත් පැරණි නීතිරීතී වලම එල්බ සිටීම කණගාටුවට කරුණක්. (නි)
බුදු පුතකු වූ ඔබ වහන්සේ ගත් අවස්ථානුකූල තීරණයට මගේ ප්‍රණාමය! (නි)
හාමුරුවන්ට මේවා කැපද අකැපද කියන එක මේ වාගෙ අවස්ථාවලදී වැදගත් නැහැ. සුනාමි වෙලාවෙදි මුහුදේ පීනලා ජීවිත බේරාගත් හාමුදුවරු ගැනත් මම අහලා තියෙවා. හැබැයි හාමුදුරුවරු සාමාන්‍ය අවස්ථාවලදි රිය පදවනවා නම් ඒක අනුමත කරන්න බැහැ (නි)
ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වූ ඔබවහන්සේට බොහොම පින්! (නි)
ඔබ වහන්සේගේ ක්‍රියාව ඉතාම අගෙයි (නි)
මෙම රටේ (ඇමෙරිකාව) සහ වෙනත් සමහර රටවල ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පවා නිවෙස්වල දානවලට වඩින්නේ භික්ෂුන් වහන්සේම රිය පදවාගෙනයි. ලංකාවෙත් එයට අනුබල දියයුතුයි කියා මම කියන්නේ නැහැ. නමුත් සත්‍යය එයයි. (නි)
ජිවිතයක් බේරාගත්තත් වැඩේ නම් නීතිවිරෝධියි. හාමුදුරුවරුන්ට රියදුරු බලපත් ලබාගැනීමට මෙය සාධකයක් කරගන්න එපා. (නි)
ඔන්න ඔය වගේ දේවල් වලට තමයි, "අවශ්‍යතාවයට නීතියක් නැත" කියලා කියන්නේ. (නි)
හාමුදුරුවො කරලා තියෙන්නේ ඒ වෙලාවේ කළයුතු දේ (නි)
ඒ හිමිනමට මේ කරගත් කුසලයම ඇති මතු භවයකදී නිවන් දකින්න. (නි)
රියදුරු බලපතක් නොමැතිව රිය පැදවීම වරදක් ලෙසයි මම දකින්නේ (නි)
පොලිස් මහත්වරු නඩු දායි. බලාගෙන (නි)
සාධු! සාධු! සාධු!!! (නි)
භික්ෂුන් වහන්සේ නමක් වාහන පැදවීම සමහරවිට විනයවිරෝධී වෙන්න පුළුවන්. එහෙත් දිවි බේරීමේ අටියෙන් බස් එකක් එළවාගෙන ගියත් මම හිතන්නේ එයින් කිසිම හානියක් කෝටියක් සංවර ශීලයට සිදුවෙන්නේ නැහැ කියලයි (නි)
හිමිනමට අපේ ප්‍රණාමය! (නි)
අපේ හාමුදුරුවන්ට බොහොම පින්! (නි)
දැන් ඉතින් ලයිසන් නැතුව රිය පැදෙව්වා කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
භික්ෂුව සියලු දෙය දන්නා කෙනෙක් වීම ඉතාම වැදගත් වේ. එම දැනීම අවශ්‍ය තැනේදී යෙදවීමද ඉතා වැදගත් වේ. කරණිය මෙත්ත සුත්‍රයේදී මෙය පැහැදිලි ලෙස උගන්වා ඇත. (නි)
අපේ සඟරුවන කවදත් උතුම් ක්‍රියා තමයි කරන්නේ. ඔබ වහන්සේට නිදුක් කිරෝගී බව ලැබේවා! (නි)
ඔබවහන්සේ සැබෑම බුදුපුතෙක් (නි)