ශ්‍රී ලංකා රජයේ හමුදා හා කොටි කැරැළිකරුවන් සමූහ ඝාතන ඇතුළු යුද අපරාධ සිදුකළ බව බොහෝ දුරට පෙනී යතියි කියන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන්ද සමන්විත විශේෂ අධිකරණයකින් ඔවුනට එරෙහි නඩු විභාග කළ යුතුයැයි යෝජනා කරයි.
යුද සමයේ සිදුවූ අපරාධ ගැන දේශීය වශයෙන් වගවීම සඳහා දේශීය පරීක්ෂණයක් ඇරඹීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති දුන් ප්‍රතිඥාව නොතකා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනුයේ එවැනි සුවිසල් කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පටිපාටිය ප්‍රමාණවත් නොවන බවයි.
2009 දී අවසන්වූ යුද්ධයේදී මානව හිමිකම් කඩ කළැයි සාධාරණ හේතු ඇති හමුදා හා ආරක්ෂක හමුදාවන්හි පිරිස් හා වෙනත් නිලධරයන් ඉවත් කරන ලෙසද එම වාර්තාව ඉල්ලයි.
එම වාර්තාව ඉදිරිපත් කරමින් කොමසාරිස් අල් හුසේන් කීවේ මෙම ඵෙතිහාසික අවස්ථාව සැබැවින්ම ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකාවට තීරණාත්මක කාර්යයක් බවයි. එය ලිස්සා නොහැරිය යුතු බවද ඔහු කියයි.
අල් හුසේන්ගේ වාර්තාව පිටු සියයක් පමණ වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ත්‍රස්තවාදය අවසන් කිරීමේදී 40,000ක් පමණ දෙමළ ජාතිකයන් අවසන් සටනේදී මරා දැමුණු බවද එහි සඳහන්වේ.
(පරිවර්තන සහාය - හර්ෂණ තුෂාර සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරන්ද ලංකාව ශිෂ්ට රටක්.. ඔබට මරාගෙන මැරෙන්න ඔනේනම් ඉරාකෙට ගිහින් ත්‍රස්ත සංවිධානෙකට බැදෙන්න...(බ)
වෙච්ච දෙය ඉවරයි. දැන් උඹලා අපට අත දීපල්ලා ලෝකෙම හොඳ රටක් වෙන්න. (බ)
අරහේ බෙලි කපනවා මෙයා මෙහෙ ඔලුව උඩ ඉඳගෙන කතා කරනවා! (අ)
අපි වෙන දේ බලාගෙන නිශ්ශබ්දව සිටින්නෙමු (නි)
මට පේන හැටියට අපේ රටේ මෝඩයො වැඩියි .මේ ඊනියා මානම හිමිකම් කවුන්සලය ලවා දෙයක් කරවාගන්න දේශපාලන පසුබිම සකස් කරල දීල තියෙන්නෙත් අපේ ඡන්ද දායකයොමයි . (අ)
අනුන්ගේ කුණු අවුස්සන්නේ නැතුව මැදපෙරදිග දිහා බලන්න. (අ)
සෙනෙවිගේ කතාව ඇත්ත (අ)
කන්න ඕනා වුනාම කබර ගොයි මාළු තලගොයි මාළු වෙනවලු. ලංකාවට ගහන්න ඕනනිසා නැති වැරදි හෝ හදලා දඬුවම් දෙන්න තමා හිත. ඔය කියන 40,000 දාහ මරුන අය වාෂ්ප වුනාද? කෝ මළකුණු? අවසාන යුද්ධය පෙන්නුවානේ බටහිර තානා පතිවරුන්න්ට පවා ඒක සිදුවන අවස්ථාවේදීම. මේ වගේ අසාධාරණ වලට උත්තර දෙන්න රුසියාවේ පුටින් වගේ නායකයෙක් ඉන්න ඕන. (බ)
කොටියාගේ යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන මතක්වුණේ ඒවා කළ ලොකුම කොටි ටික පරලොව ගිය බව දැනගත්තාට පසුවද? (නි)
මේක උගුලක්. අවධි වෙමු සැවොම. වාර්තාව සාධාරණ කරන්න දෙපැත්තෙන්ම වැරදි ඇති බව කියනවා. පසුව දඩුවම් දෙනකොට වැරදි කාරයෝ විදියට මැරුණ කොටි නම් කරයි. අන්තිමට අපේ වීරයෝ දඟගෙට. කොහොමද මුංගේ ටිකිරි මොලේ. ජාති හිතෛශියෙනි, අපේ ඉදිරියේ ඇති අනතුර වටහා ගන්න. (හේ)
ඇමෙරිකාව මැදපෙරදිග බෝම්බ දානකොට මරණයට පත්වන්නේ ත්‍රස්තවදීන් විතරක් වෙන්න අැති. සාමාන්‍ය වැසියන්ට කිසිම අනතුරක් වෙන්නේ නැතිව ඇති. යුද්ධය පවතී කාලයේ ඒවගේ යුද ටිකක් ලංකාවට දුන්නනම් දැන් ඔය කොමිසන් දන්නා අවශ්‍ය නැහැනේ. අනේ අනිච්චන්.l (අ)
ප්‍රභා, ඔබවත් බුද්ධිමත් ලෙස පුවත තේරුම්ගැනීම ගැන සතුටු වෙමු. (නි)
අපි නව යහපාලන රජයෙන් බලාපොරොත්තු වෙන්නේ සැබෑ වෙනසක් (නි)
අපි අපරාධ කරලා කියලා කියනවා නම් ඒවා ඔප්පුකරලා පෙන්වන්නත් වෙනවනේ එයාලට (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා? (නි)
පෙනීයනවා කියලා කියන්නේ මොනවා පදනම් කරගෙනද? (නි)
එහෙනම් අපේ හමුදාවේ කට්ටිය ඔච්චර මැරෙන්න ඕනෑ නැහැනේ. (නි)
දැන් හොඳ ඇති නේද (බ)
අපේ රට තමයි මේ හැමෝටම පේන්නේ. මට නම් තියෙන්නේ පුදුමාකාර තරහක් (නි)
ඔහොම යමු. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිවුවලු..... (නි)
ඇමරිකාව සහා යුරෝපය කළ සහ කරන අපරාධ ගැන මානව හිමිකම් එකේ අයට පෙනෙන්නේ නැතුව ඇති. මෙම ප්‍රශ්නයේදී නිසියාකාරව රටත් හමුදාවවත් පාවානොදී එය නිසිලෙස කළමනාකරනය කරගත යුතුය (නි)
ඉරාකයේ ,ඇෆ්ගනිස්ථානයේ, වියෙට්නාමයේ ලක්ෂ ගණන් මරනතුරු මොවුන් ඇහැ කන පියාගෙනද හිටියේ? (නි)
වැරැද්දක් කර ඇත්නම් දඬුවම් ලැබීම සාධාරණ වුවත් අපේ රට පසුපසම පන්න පන්නා මෙලෙස පහරගසන්නේ ඇයිදැයි නොතේරේ (නි)
ඉස්සරහට සිදුවෙන දේ ගැන මට නම් කිසිම දෙයක් හිතාගන්න අමාරුයි (නි)
මෙම ජගත් සමුළුවේ ලේකම්වරයා අපක්ෂපාතීව කටයුතු කර ඇත්දැයි සෙවීමට විශේෂ කමිටුවක් පත්කරන මෙන් ජගත් සභාවෙන් ඉල්ලීමක් කළොත් හොඳයි කියා මට සිතෙනවා (නි)
මේ වාර්තාව අපක්ෂපාතීව සකස්කර ඇත්දැයි සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන්න. එම වාර්තාවේ සංශෝධනය වියයුතු කරුණු පිළිබඳව ජගත් සමුළුවට දැනුම් දෙන්න. (නි)
අභ්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බව දන්වා ඇත්නම් අභ්‍යන්තර අධිකරණ ක්‍රියාපටිපාටියේ ඔවුන් දකිනා අඩුපාඩු පිළිබඳව තුන්වන පාර්ශවයක් හරහා විමසීමක් කරන්න(හොඳම රට පාකිස්ථානය). ඉන්පසු අභ්‍යන්තර අධිකරණ ක්‍රියාවලියේ එම අඩුපාඩු සකස්කර ඊටපසු ඒ බව ජගත් කමිටුවට දන්වන්න. (නි)
දැන් එතකොට හමුදාවේ විරුවන්ව ජත්‍යන්තර අධිකරණයකට ගෙන යනවද? මොකක්ද මේ සිද්ධවෙන්නේ? (නි)
දැන් මෙයාල කියන විදිහට මැරිලා තියෙන්නේ දෙමල අය විතරද ? අනික හමුදාව සටන් කලේ තස්ත්‍රවාදී සංවිධානයකට විරුද්දව . ඒ රටේ නිතිය රකින්න (බ)
මේ මොනවාද මේ කියන කතා? (නි)
දැන් කයිවාරු ගැහුව අය කෝ?? මොකක්ද දැන් මේ වෙන්න යන්නේ? (නි)
යුද්ධ කාලේ කවුරුත් ඔය මානව හිමිකම් ගැන කතාකළේ නැහැ. සුද්දට අපේ මව්බිම දියුණුවෙනවා බලා ඉන්නම බැහැ (නි)
මගේ හිතට දැනෙන දේ මෙතන ලියන්න අමාරුයි (නි)
සමහරු මෝඩකමට සුද්දට බනිනවා. සුද්දා තමා අපේ රටට වැඩියෙන්ම ආධාර දුන්නේ. යුධ අපරාධ වෙලා නැත්නම් අධිකරණයකට ඔච්චර බයවෙන්න දෙයක් නැහැනේ (නි)
දැන් මෙයාලා කියන විදියටද අපි ඉන්න ඕනෑ? දෙවියනි, මගේ ජාතිය බේරාදුන් එක රණවිරුවෙකුටවත් අවැඩක් වෙන්න එපා. දෙවියන් යැදීම මිස අපිට අන් සරණක් දැන් නැත (නි)
බටහිර දිනාගත් මෛත්‍රිපාල සිරිසේන ජනපති දුන් ප්‍රතිඥාව නොතකන එවුනුත් ඔය සංවිධානේ ඉන්නවාද? (අ)
අපේ රට ජාතිය බේරාගත් රණවිරුවන්ට අත තියන්න ආවොත් මරාගෙන මැරෙන්න හරි අපි ඉන්නවා. (නි)
හමුදාවේ සුලු පිරසක් අතිනුත් යුධ අපරාධ වෙලාද (අ).
වෙනස මාරයි..අපි හමාරයි...(බ)
අවන්කවම හීතෙන දෙය ලියන්න අමාරුයි (අ)
නාමල් වගේ අය ඉන්න නිසා සුද්දටත් හොඳයි. අපි මේ රටේ මැරි මැරී උපදිනකොට මේ එක් කෙනෙක්වත් හිටියේ නැහැ (නි)