ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හමුදා මාණ්ඩලික සැරයන් ජේ.එම් කණිෂ්ක ගුණරත්න ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් දර්ශන සූරිප්පෙරුම මහතා නියෝග කළේය. කැකැරාවේ පදිංචි කරුවකු වන සැකකරු ගිරිතලේ යුධ හමුදා කඳවුරේ සේවය කරයි.මෙහු සමග මෙම කඳවුරේ රිමාන්ඩ් කර සිටින පිරිස හත් දෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජඩ දේශපාලුවන්ගේ අවශ්‍යතාවන්ට මිනි මරපු, අපරාධ කළ කාට වුනත් නිතිය ක්‍රියාත්මක කළ යුතුයි..රට වෙනුවෙන් යුදපිටියේ සටන් වැදුණු අය මිස පාදඩ දේශපාලුවන් වෙනුවෙන් පෙනී සිටි අය අපරාධ කරුවෝමය...මොන නිලය දරුවත් සාමාන්‍ය ජනයාට ක්‍රියාත්මක වන නිතිය ඒ කාටත් පොදු විය යුතුයි....(කෞ)
රණවිරුවෝ හිරේ දමනවා, ඒ උනාට විනිසුරුතුමා ඇහුවම එක්නැලිගොඩ මැරිලද කියල "එක දන්නේ නෑ" කියල ලජ්ජා නැතිව උත්තර දෙනවා. මේ රණවිරුවෝ කරපු කැපකිරීම් නිසා තමා අපි අද නිදහසේ ඉන්නේ. නැතුව කොටි පිටේ දැන්වීම් ගහගෙන ආවේ නෑ, (කෞ)
සෙනරත් මොළේ උඩද ඉඳගෙන ඉන්නේ? (බ)
සමිතා, ඔබ කරන වැඩේ අනෙක් හැමදෙනාම කරනවා කියලද හිතාගෙන ඉන්නේ? (කෞ)
සෙනරත් කියන විදිහට හමුදාවේ හිටිය ඔක්කොම හරිම වීරයෝ. ඒ අයට රටේ නීති බලපාන්නේ නැහැ. එහෙනම් ඔය ස්ත්‍රී දුෂණ, මිනීමැරුම් වලට එහෙම දැන් සම්බන්ධ ඒ කාලේ හමුදාවේ සිටි අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළයුතුයි. මේක පුදුම රටක්. සමිතා අහපු දේ හරියට හරි. සෙනරත්ට මොළයක් නැහැ. (නි)
ප්‍රභාකරන් වරක් කිව්වානේ සිංහලයාට මතක තියෙන්නේ සුමානයයි කියලා. (නි)
රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වියයුතුයි. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, විපක්ෂ දේශපාලකයන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ටද වරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි. කිසිම කෙනෙකු කිසිම හේතුවක් නිසා නීතියට ඉහළින් නොසිටිය යුතුයි (නි)
හෙට්ටිආරච්චි ලන්ඩන්, එසේ නම් 89දි බටලන්දත් මතකයට ගන්න. (නි)
සෙනරත් සහ සමහර අනික් අය කතාකරන්නේ එක්නැලිගොඩ සිද්ධිය ගැන සහ රට වෙනුවෙන් ඉදිරියට ගිය අය ගැන මිසක් හමුදාවෙන් පැනලා යන කුලියට මිනිමරන අය ගැන නෙමෙයි. චන්දන ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා ලංකාවේ වෙන දේ ගැන බලන්නේ නැතුව ඇති. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි ගොඩ දෙනෙකුට තාම මතකයි අවුරුදු ගණනක් තිස්සේ රට බේරාගන්න දුක් වින්දේ කවුද, යුද්ධය විකුණගෙන කාලා හිටියේ කවුද කියලා. (නි)
දිනේෂ්, ඔයාට මම කියන දෙය නොතේරීම ගැන කණගාටුවක් විතරයි මට තියෙන්නේ. හොඳට මම කියපු දෙය නැවත වතාවක් කියවන්න. රට බේරාගත්ත, යුද්ධයට නායකත්වය දුන්න හපුදාපතිට වුණත් වැරැද්දට දඬුවම් දෙන්න පුළුවන් තරම් හොඳ නීති පද්ධතියක් අපට තිබුනා. දැන් එය වෙනස් වියයුතුද? (නි)
දැන් කට්ටිය කියයි රණවිරුවෝ හිරේට දානවා කියල ? (බ)
රමණි, මහින්දලාගේ කාලේ බටලන්දටත් නඩු තිබුනා. එම නඩුවේ තීරණ බලන්න. මොකුත් නොදැන ඔහේ කියවන්න එපා (නි)
බොහොම හොදයි... හමුදාවේ හිටියා කියල රටේ නීතියට උඩින් යන්න දෙන්න බැහැ. (බ)
නලින්, නොදන්නා දේ කතා නොකර හිටියා නම් හොඳයි. තාම කිසි දෙයක් ඔප්පු කරගන්න බැරිවුණා. දන්නවද මේ මිනිස්සු තමුන්ට සැනසිල්ලේ ඉන්න මොනතරම් කැපකිරීම් කළ අයද කියලා. (නි)
වැරදිකර ඇතිනම් හමුදාව සිටියා කියා නොබලා දඬුවම් දිය යුතුයි (බ)
මොකද මේ අපේ රණ විරුවන්ට වෙන්නේ.(හේ)