(අජන්ත කුමාර අගලකඩ)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ හමුදාවේ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබු ඔවුන්ට එරෙහිව නඩු ගොනුකර නැතැයි ද ජනාධිපතිවරයා කීවේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, කීත් නොයාර්ට පහරදීම , එක්නැලිගොඩ පැහැරගෙන යාම, තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරිම ආදී සිදුවීම් රැසකට ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන් අත්අඩංගුවට මාස ගණන් තිස්සේ රඳවාගෙන සිටි නමුත් ඔවුනට චෝදනා පත්‍ර හෝ දීමට නොහැකි වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
යුද හමුදාවේ හිටපු දෙවැනියා සහ නාවික හමුදාවේ ඩී.කේ.පී. දසනායක ආදී නිලධාරීන් මාස 5 ක් 6 ක් රිමාන්ඩ් බාරයේ සිටියද ඔවුනට නඩු දමා නැති බවත් චෝදනා පත්‍ර බාරදී නැති බවත්, ජනාධිපතිවරයා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කළ ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාට චෝදනා පත්‍රයක් හෝ නඩුවක් ද ගොනු නොකර අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව කීය.
ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානීයාට ඇති චෝදනාව තරුණයින් 11 දෙනකු පැහැර ගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පුද්ගලයකුට රටින් පලා යාමට අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
2015 අගෝස්තු මාසයේ සිට මේ දක්වා ආරක්ෂක අංශයේ කී දෙනකු මේ ආකාරයට අත්අඩංගුවට අරගෙන ඇත්දැයි කී ජනාධිපතිවරයා ඔවුනට නඩු පවරා නැතැයි ද පැවසීය. තමා පොලිස්පතිවරයා ද කැඳවා මේ පිළිබඳව දැනුම් දුන්නේ යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පැටලිලි සහගත තත්වයක්... ජනාධිපතිවරයාට අවශ්‍ය නීතිය ඉක්මනට ක්‍රියාත්මක කරවීමද නීතිය ක්‍රියාත්මක වීම නැවැත්වීමද කියන එක හිතාගන්න බැහැ.
ඒකනේ කියන්නේ සේරම හොරු, මිනීමරුවෝ නිදැල්ලේ දැන් ඇල්ලුවත් වැඩක් වෙන්නේ නැහැ
අපි අදමනේ මේ විස්තර දන්නේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පමණක් දොස් කියල හරියන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවෙත් බරපතල සිද්ධීන් සම්බන්ධ ලිපි ගොනු ගණනාවක් නඩු නොමැතිව නිදි...
එහෙම දෙයක් ලංකාවේ වෙලා තියෙනවද..? මාරයිනේ.. අපි කවුරුවත් දන්නෙ නැහැනේ...
පරීක්ෂණ හරියට ඉවර කරල ඕන චෝදනා පත්‍රයක් දීල නඩු දාන්න. පරීක්ෂණ වලට සහය නොදී කල් ගන්න හමුදාවෙ ප්‍රධානින් කරන්නේ නඩු දැම්මත් පරදින ලෙස සාක්කි යටපත් කරන්න. එවැනි තත්ත්වයක් තුල නඩු පැවරුවොත් නඩුව අහක යනවා. විත්තිකරුවන් නිදහස් වෙනවා.
හරි හරි, නඩු සිය ගාණක් විතර දැමිය යුතුයි. තව සමහරුන්ට නඩු දානවා තියා අත්අඩංගුවට ගන්නෙවත් නැහැනේ. ඔහොම තමයි, දෙපැත්තට අදින දෙගොල්ලක් එකතුවෙලා ආණ්ඩු කරන කොට.
කවුරු හරි බලපෑම් කරනවා වෙන්න ඇති. ඔය ෆයිල් වහගෙන ඉන්න. පොඩි මිනිහට පොල් ගෙඩියටත් නඩු දාන රටේ අනික් ෆයිල් හංගගෙන ඉන්නේ මොකද දන්නේ නැහැ. ඒවා ඉක්මන් කරන්න කවුරුත් කටයුතු කරන්නෙත් නැහැ. හරි පුදුමයි...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේකට නඩු දාගන්න බැරුවයි ඉන්නේ.. එදා ඉඳලම බොරු කතා කියල ලජ්ජා වෙලා ඉන්නේ උසාවියේ... නඩු දාගන්න විදියක් නැහැ.
අනේ අපරාදේ මේ අදහස් දැක්කම හිතෙන්නේ ප්රභාකරන් ඉන්නයි තිබුනේ කියලා.