ගිනි අවියෙන් යුද බිම සතුරා මෙල්ල කළ යුද භටයා පැරණි සටන් අංගම් පොර සටන් මෙන්ම ජූඩෝ, කරාතේ, වූෂූ, මල්ලවපොර තයිකොණ්ඩු හා බෝක්ෂිං වලින්ද දෑත දෙපයේ දස්කම් විස්කම් පෙන්වයි.
යුද හමුදාවේ වැලිඔය 62 සේනාංකයේ හතරවැනි සංවත්සරය නිමිත්තෙන් සෙබල සෙබලියන්ගේ සටන් සංදර්ශනයන් පැවැත්විණි.
වන්නිආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරල් බොනිපස් පෙරේරා ප්‍රධාන ආරාධිතයා විය.
පැවති වොලිබෝල් ක‍්‍රිකට් එල්ලේ කඹ ඇදීම් වැනි ක‍්‍රීඩාවන් රැසකගෙන් ජයග‍්‍රහණය කළ සෙබලූන්ට හා කණ්ඩායම් වලටද සහතික පත් හා ත්‍යාග වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති අතින් ප්‍රදානය කිරීම සිදු විය.
මෙයට වැලිඔය ප‍්‍රදේශයේ ජනාතාවද විශාල පිරිසක් සහභාගී වූ අතර ඊට අමතරව 62 සේනංකායේ සේනංකාධිපති ඇතුළු වන්නි බල ප‍්‍රදේශයන්ට අයත් යුද හමුදා සේනාංකාධිපති වරුන් හා බලසේනාධිපති වරුන් හා යුද හමුදා නිධාරීන්ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතමනා ශිල්පයමයි මතුරැකෙනා (නි)
යහපත් පුද්ගලයින් අතට සටන් ශිල්පය ලැබිය යුතුයි.(හේ)
ඇත්තෙන්ම ඉතාම හොඳ දෙයක්. එය එක්තරා භාවනාවක් ආකාරයෙන් කළ යුතුයි. යහපත් පුද්ගලයන් අතට තමයි ශිල්පය ලැබිය යුත්තේ. මෙම ශිල්පය මනා හික්මීමකින් ප්‍රගුණ කර ගන්න. රට රැකදුන් ඔබ සැමටම සුබ පතමි. (නදී)
බණ්ඩාර, ඔය අපේ එක ඇමතිතුමෙකුත් ඕවා දන්නවා කියන්නේ. (නි)
මටත් යන්න හිතෙනවා පුහුණු වෙන්න (නි)
අපේ මැති ,ඇමති වරුන්ට අංගම් පොර කියා දුන්නනම්.(හේ)
විදේශ කටයුතු ගැන ප්‍රසිද්ධ තැන් වලත් ඔය ක්‍රීඩාව පසුගියදා ජයටම තිබුනේ. ! (ස)
මෙවැනි සටන් පුහුණු දීමේදී වසර 5 කට වැඩි, මනා හික්මීමකින් හමුදා සේවයේ රාජකාරී කල, ගුණ ගරුක සෙබළුන් තෝරා ගැනීම වටිනවා.එසේ නොවුනොත් වෙන්නේ මේ අලුත් තරුණ ඈයෝ පොඩ්ඩක් බීපු ගමන් ගම්වල ජල්ලි.... අල්ලනවා ! (ස)