නවගත්තේගම පාසල් ගුරුවරියක පාසලේ දී දණ ගැස්සවීමෙන් දේශපාලන බලය අතට ගෙන ක්‍රියා කල වයඹ පලාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාරගේ ක්‍රියාව තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා එසෑණට පවසයි. මේ වනවිට සමස්ථ අධ්‍යාපනයම දේශපාලනයට නතුවෙමින් පවතින බවත් පාසලට විදුහල්පතිවරුන් මෙන්ම දරුවන් ද ඇතුළත් කර ගනුයේ දේශපාලන නියායකට බැවින් එහි ප්‍රතිපල වනුයේ මෙවැනි පහත් දේශපාලකයින් බලය අතට ගෙන අයුතු ලෙස ක්‍රියා කිරිම බවත් ඒ මහතා කියයි. එම ගුරුවරිය වරදක් කර ඇත්නම් ඇයට දඬුවම් කිරිමට රාජ්‍ය ක්‍රියා පටිපාටියක ඇති බවත් මන්ත්‍රිවරයාගේ මෙම පහත් ක්‍රියාවට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමර්ගයක් ගැනිමට අදහස් කරන බවත් රජය මෙවැනි පහත් දේශපාලකයින් පාලනය නොකල හොත් පංසල් වලට පැන හාමුදුරුවරුන් දණ ගස්වන දිනය ද වැඩි ඈතක නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන් හරකෙක් උන පලියට තැන නොතැන නොබලා උම්බෑ කියන්ඩ එපා. මේ තුන් ගොල්ල දැන් රටට රටේ සාමකාමී දුප්පත් මිනිස්සුන්ට පාතාලයක් වෙලා තියෙන්නේ ඒක තේරුම් ගන්ඩ?(නදී)
හාමුදුරුවෝ වගේද ගුරුවරු?මේ වෙච්ච දේ පාසලටත් අගෞරවයක්. ගුරුතුමිය දිගට අඳින්න කියලා තියෙන්නේ මන්ත්‍රීවරයෙකුගේ දුවක්ම නිසා වෙන්න ඇති. මේ ළමයව ඇයි බැරි මේ ඉස්කෝලෙන් අස්කරලා වෙන පාසලකට දාන්න? එක්කෝ මේ මන්ත්‍රීතුමා මේ ගුරුවරියට දණගහලා වැඳලා සමාව ගත යුතුයි. නැත්නම් මන්ත්‍රීවරයා ඉල්ලා අස්විය යුතුයි (නි)
මම නම් හිතන්නේ නැහැ, එහෙම දෙයක් උනොත් ලංකාවේ මිනිස්සු නිකන් ඉන්නේ නැහැ (දී)
එයා එහෙමම තමා (අ)
පක්ෂ ක්‍රමයට ඡන්දෙ දුන්නා නම් මේවා විඳින්න වෙනවා. මේවට තමයි මානව හිමිකම් කියන්නේ. ඔය නිසා තමයි මිනිස්සු පිටරටවලට පදිංචි වෙන්න යන්නේ. තමන්ගේ රටේ පුරවැසි අයිතිවාසිකම් නැති නිසා. (නි)
ඒකත් කියන්න නම් බැහැ (දී)
මේ වගේ අය ජනාධිපතිතුමාගේ නමටත් අගෞරවයක් (නි)
රන්ජිත් ඉතාලි, ඔයා පාතාල බලය පාවිච්චි කරලද දණ ගස්වන්නේ? ඔයා කොලොන්නාවෙද? වැල්ලම්පිටියේද ? වනාත මුල්ලෙද? (නි)
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
නෑ නෑ මාව ඇමති තුමා දන ගැස්සුවේ නෑ, මමම තමයි දන ගහ ගත්තේ. දැන් කියාවි එහෙම කිසිම දෙයක් උනේ නෑ කියල, එහෙම නොකිව්වොත් මම බෙල්ල කපාගෙන මැරෙනවා. (නදී)
මොහොමඩ්, ඔබ හරියට හරි. (නි)
දෙවැනි එක කරන්න නම් ටිකක් අමාරු වෙයි. (නි)
සහතික ඇත්ත. මම සම්පූර්ණයෙන්ම එකඟයි. දැඩි දඬුවම් දීලා නම් ගම් ප්‍රසිද්ධ කරන්නත් ඕනෑ. ඊළඟ ඡන්දෙදි සලකන්න. (නි)
අන්න හරි. නිකන් ඉන්න එපා. මේකට හොද වැඩක් කරන්න (නි)
මේ ගුරිවරියට කරන ලද නිගාවටත්, කළ ලැජ්ජාවටත් මානව හිමිකම් උල්ලංගනය කිරීමටත් එරෙහිව රුපියල් මිලියන 50 කවත් වන්දියක් ඉල්ලා නඩුවක් දැමිය යුතුයි නියා මම යෝජනා කරනවා.(නදී)
මෙතන නම් වැරදි කීපයක් තියෙනවා. ප්‍රින්සිපල් ගේ කොන්ද පන නැහැ. ඇයි පළාත් සභා මන්ත්‍රී ඇතුලට ගත්තේ අවසර නැතුව. ගුරුවරිය මීට වඩා පරිනත වෙන්න ඕනා. තමා දැනගන්න ඕනා එයා වැඩ කරන්නේ විදුහල් පති යටතේ මිසක් මන්ත්‍රී යටතේ නොවේ කියලා. පළාත් සභා මන්ත්‍රී නම් වැස්සකටවත් ඉස්කෝලෙකට ගියේ නැති මෝඩයෙක්. ඉගෙන ගත්තනම් ගුරුවරයෙකුට ගරු කරන්න ඕනා. අනෙක ඔච්චර බලවත් ගුරු සංගම් වල අය ඕවට ඉදිරියට එන්නේ නැත්තේ ඇයි.(නදී)
සමහර ගමේ හාමුදුරුවරු තමයි දේශපාලුවන්ට ඉස්සරලම දන ගහන්නේ. සංගරත්නයට වඩා දැන් මන්ත්‍රී රත්නය ලොකුයි. (නි)
ප්‍රතිචාර දාපු සියලු සහෝදරවරුන්ට මං කියන්නේ ටිකක් කලබල නොවී ඉන්න මන්ත්‍රී තුමාගේ දුව තව ටික කලකින් එතුමාට හොඳ හොඳ පාඩම් උගන්වයි.(නදී)
හරියට හරි ඔයාගේ කීම මේ අයට ජන්දේ දුන්න යට ගහන්න ඕනේ.(නදී)
ඉගෙන ගත්ත නැති අය තමා අද දේශපාලනය කරන්නේ.(නදී)
මේ මොන කතා කිව්වත් රජයෙන් මේවාට සාදාරන පිළිතුරක් දෙන්නේ නැතිනම් මේවා නැවත්වීමට අපහසුයි. රාජ්‍ය බලය පාවිච්චි කරන තුප්පහි ප්‍රාදේශීය මන්ත්‍රී වරු සිටින තුරු හැමදා මෙය සිදු වෙති.(නදී)
වැස්සකටවත් පාසැලකට නොගිය අය දේශපාලනයට ආවම ඔහොම තමයි වැරද්ද.(නදී)
මෙයාලට ඡන්දෙ දුන්න අයටයි ගහන්න ඕනෑ. (නි)
මේ රටේ හාමුදුරුවරු වැඩි දෙනෙක් කොහොමටත් දැනටමත් දේශපාලකයන්ට දන ගහලා ඉන්නේ.ඒක නිසා තමයි අපේ රටේ බුදු සසුන අද මේ වගේ පරිහානියකට පත්වෙමින් තිබෙන්නේ. මහා නායක හිමිවරුන් වුනත් මොනවා හරි ප්‍රකාශයක් කරනවා ඇරෙන්න කරන දෙයක් නොපෙනේ. හාමුදුරුවන් දේශපාලනේ කිරීමේ විපාක අද අපි විඳිමින් සිටිමු. දේශපාලකයන් සියලු බලය තමුන් අතට ගෙන ක්‍රියා කරන රටක මෙවැනි දේවල් සිදුවීම පුදුමයක් නොවේ. දේශපලකයා ගේ බලය කවද හරි දවසක මේ රටේ ජනතාව අතට පත්වන තුරු අපට හැමදාකම මෙවැනි දේවල් අසන්න ලැබීම ගැන පුදුම විය යුතු නොවේ. (නි)
මේවා හෙලා දැකලා වෙඩක් නැහැ. දැන් අපි මෙවන් අයට අපි විසින්වත් දඬුවම් කිරීම ආරම්භ කළ යුතුයි (නි)
හරිම කනගාටුයි. තේරෙනවද අපි කිවුවා ඔවැනි අයට ඡන්දය දෙන්න එපා කියලා. දැන් කරන්න දෙයක් නැහැ. ඔය තමා අපේ රටේ තත්වය . අධ්‍යාපනය බල්ලට ගිහිල්ලා. ගුරුවරුවත් හදුනන්නේ නැති මේ වගේ අයට ජනතාවවම ශාප කළ යුතුමයි. බලමු මේකට සාධාරණයක් ඉටු කරාවිද කියලා (නි)
හාමුදුරුවරු දණ ගස්සන්න නම් පොඩ්ඩක් අමාරු වෙයි.අද අන්‍යාගම් වල ගොඩක් අයට වුවමනා වෙලා තියනවා හාමුදුරුවරු දණ ගස්සන්න. කාගේ අරි හිතේ ඒ වගේ දෙයක් තියනවා නම් කරුණාකරලා දැන්ම හිත් වලින් අත්හැර ගන්න (නි)
ජයසිංහගේ මහත්තයෝ ඔබලාගේ ඔය ගුරු සංගමය ඉන්න අයගේ කොන්ද පන නැහැ. ඔබ තුමාලා එකතු වෙලා රජයට ගරහනවා මිසක් වෙනත් වැඩ නැහැ. රජය හොඳ දෙයක් කලත් විවේචනය කරනවා මිසක් වෙනත් දෙයක් ඔබල තුල නැහැ.(නදී)
මේ ක්‍රියාව හෙළාදකිනවා. ගුරු මෑණිවරුන්ගේ ගරුත්වය රැකිය යුතුයි. එය රටේ ගරුත්වයයි. මේ පුද්ගලයාට දැඩි දඩුවම් දිය යුතුයි (නි)
ගරු ජනපති තුමනි, අයාලේ යන මේ ගව රැල වහාම බැද දමන්න.(නදී)
හාමුදුරුවරුන් සමහරක් දැනටමත් දණගහලා ඉවරයි. (නි)
ඔය සද්දේ හෝරා දෙකයි. කඩුව දැන් ඔබේ අතේ. කොටලම පස්ස බලන්න ගුරුවරුනි....... (නි)
රන්ජිත් ඉතාලි අපේ සිවු පසයෙන් යැපෙන මහා සංඝරත්නය අපි වෙනුවෙන් පෙනී සිටීම වැරදිද ? ගුරුවරයා දරුවා යහ මගට යොමුකරවීම වරදක්ද ? වනල ගහන්න එපා රන්ජිත් නිවැරදි කලයුතු තැන විතරක් දැන ගස්සවන්න ඔබේ බලය පාවිච්චි කරන්න.(නදී)
ලංකාවේ හැම පාසකලම ගුරු වර්ජනයක් කරන්න ඕනෑ මේකට විරුද්ධව (නි)
අසව් අසව් පංච මහා බලවේගය රජිත් ඉතාලි විසින් දැන ගස්සවා ඇත. පොලිසියෙන්ද වැඩකරන්නේ ?(නදී)
මේ රටේ සියවස් ගණනක් දණ ගස්සවලා තියෙන ජන බලය නැගී සිටිනවිට තව බොහෝ දෙනෙකුට ජනතාව ඉදිරියේ දණ නමන්න සිදුවෙයි. ඒ නිසා වැරදි එක පාර්ශවයක් පමණයි කියා අනිත් අය සුදනෝ වෙන්න හදන්න එපා. (නි)
අපේ මෝඩයෝ ලබන සැරේ මහා මැතිවරණය දී වීර මන්ත්‍රී තුමා පර්ලිමෙන්තුවටම යවයි. දේශපාලුවන් වගේම ඒ අයගේ කටු කන බැලයන් නිසා තමයි රට වැනසෙන්නේ.(නදී)
පාලකයින්ගේ පුතුන් විනිසුරු වරුන්ට ගහන රටේ, පළාත් සබා මන්ත්‍රීලා පොලිසියට ගහන රටේ, සභාපතිලා ස්ත්‍රී දූෂණ කරන රටේ මේවා සාමාන්‍ය දේවල් වෙලා දැන්.(නදී)
ජනතාව මෙයාලව දණ ගස්සවන්න ඕනෑ ඉක්මනට. (නි)
අනේද කියන්නේ ළමයෝ අබුද්දස කාලේ ලබුත් තිත්තයි කියන්නේ ඕකට නොවැ. ඔය අපේ බොදු බල ලොකු හාමුදුරුවෝ ඔබ වහන්සේය්ට මේවා දකින්න ඇස් නැතිවීද?(නදී)
මේ රට ලංකාව වග දන්නේ නැද්ද? මන්ත්‍රීතුමාට මොනවත් වෙන්නෙ නැහැ. ශාරීරිකව නොවුණත් බහුතරයක් හාමුදුරුවරුනුත් දේශපාලකයින් ඉදිරියේ දැනටමත් දණ ගහලා ඉවරයි (නි)
කියන්න නම් බැහැ තමයි ඒ කතාව
මෙවෙනි අය හට ලබාදෙන දඬුවම් වලට අමතරව මන්ත්‍රී දුරය අහෝසි කිරීමට අදිකරණයට බලය ලැබෙන ලෙස නව නීති ස්ථාපිත කිරීම ඉතාම කාලෝචිත බව අපගේ හැගීමයි . එම නීතියෙන් පමණක් ,මෙම දේශපාලකයන් ලෙස ලේබල අලවාගෙන එයට මුවාවී සියලු නොපනත් කම් සිදු කරන පාපතරින් දමනය වනු ඇත.(නදී)
පහන් අපි පාසල් ගිය කලේ හිටපු ගුරු දෙවිවරු අද නෑ. අපිට දැනුම් තේරුම් ඇති කාලේ පන්සල්වල හිටපු සංඝ පීතෘවරු අද නෑ. අපි දන්නා කාලේ හිටපු මහත්මා දේශපාලකයොත් අද නෑ. ඒකයි මම ඒ විදිහට ලිව්වේ. නැතුව මම ඔය තුන් ගොල්ල ගැන නොදන්නා තොත්ත බබෙක් නෙමේ.(නදී)
වැඩක් නැහැ මොන කිව්වත් වැඩක් නැහැ. මේ සැරෙත් ඡන්දෙ එනකොට දුවලා ගිහිල්ලා කතිරේ ගහන්න මොකද යුද්දය ඉවරකරානේ.(නදී)
ස්ටාර්ලින් මහත්තයෝ මුන්ට දඬුවම් කරන්න කියල මුළු රටම එකතුකරලා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න. ඔය මන්ත්‍රීට ගුරුවරියට වැඳලා සමාව ගන්න කියන්න.(නදී)
සම්පුර්ණ ඇත්ත. (නි)
100% ඇත්ත (දී)
මෙවැනි නරුමයින්ට උපරිම දඩුවම් දිය යුතුය(අ)
ලගදීම කියයි ගුරුතුමිය හිතලම දන ගහගෙන හිටියා කියලා.(නදී)
මේ මනුස්සය ඊලඟ මැතිවරනයදී තවත් මනාප වැඩියෙන් ගනී ඒ වගේ කටිටියක් ඉන්න රටක් මේක (අ)
අපි එකතුවෙලා ඔය තුන් ගොල්ලන්වම දනගස්සන්ඩ ඕන ඔය තුන් ගොල්ලම දැන් රටට විනයක් (අ)
ඔහොම යන් ඔහොම යන් ලෝකේ කිසිම රටක නැති ආකාරයේ වෙනසක් කරන්නයි මේ නූගත් මන්ත්‍රීවරු ඇමතිවරු කරන්න හදන්නෙ(අ)
මෝඩ කම් කරන්නේ අපේ ජනතාවමතමයි. හේතුව ඔය වගේ අයට චන්දෙ දෙන්නෙත් අපේ මෝඩ ජනතාවම නේ. (අ)
ආණ්ඩුවේ ඇමති මණ්ඩලය කරන සාකච්චා සහ තීරණ ක්‍රියාත්මක කරන එක ඉතා වැදගත්. එහෙම නැත්නම් ඉතින් නිකම්ම පින් පඩි ගත්ත වගේ තමා(අ)
හරියට හරි ඉතාලි රන්ජිත් ඔයාගේ කතාව (අ)
ආසියාවේ ආශ්චර්යය තුලින් සුභ අනාගතයක් කරා යන ගමන දැක ගුරුවරුන් දණ ගසති (නි)
මේවගේ දේවල් ඇහෙද්දී සිංහල ලේ කුපිත වෙනවා.(අ).
ලංකාව දැන් ඉන්දියන් සිනමා පටයක් වගේ. තථාගත ගෞතමයන් වහන්සේ මෙහෙම කියලා තියනවා කවදාහරි මියන්ට බයේ නයි දුවන කාලයක් එනවා කියලා(මේකේ මීයා කියලා උපාමකරේ මෝඩයන්ට නයා කියලා කිව්වේ උගත් බුද්දීමතුන්ට)ඒ කතව අද වෙනකොට සියට සීයක්ම ඔප්පු වෙලා තියෙන්නේ. (අ)
වැඩේ කියන්නේ මෙයාලව පත්කර ගන්නෙත් ජනතාවලු. එතකන් දණ ගහගෙන ගම වටේ යනවා. ඊට පස්සේ යුතුකම් ඉෂ්ට කර ගන්න ජනතාව දණ ගහගෙන ඇවිල්ලත් මෙයාලට මදි. වැරදි අමතක කරලා සමාව දිය යුතුයි කියන උතුම් ගුණාංගය ජනතාව මොකට නැතත් අපූරුවට කරනවා ඡන්දයක් එනකොටනම්. ස්වාමින්වහන්සේලත් දැන් දේශපාලනයට බැහැලානේ නිල වශයෙන්. ඕකත් වැඩි ඈතක නැති වෙයි මේ යන විදියට.(නදී)
ගරු අගමැතිතුමනි, කරුණාකර දැන්වත් මෙවැනි නුගත් මිනිසුන් ඔබගේ දේශපාලන සභාවෙන් නෙරපා දමා මෙවැනි මෝඩයින්ට නැවත දේශපාලන බිම සදහටම තහනම් බිමක් බවට පත් කෙරෙන නීති ඉක්මනින්ම සකස් කර එය ක්‍රියාත්මක කරවන්න කටයුතු සලසන්න. අපගේ අදහසනම් මේ අයට ඉතා දැඩි දඬුවම් ලැබිය යුතු බවයි.(නදී)
සිංහලයාට මතක සතියක් පමණයි. මේක පළවැනි සහ අවසාන සිදුවීමද? මට මතක නැහැ (නි)
ඇමතිවරු රජයේ සේවකයෙක් ගස් බදිනකොට පළාත් සබා මන්ත්‍රීලා පාසල් ගුරුවරියන් දණ ගස්සවන එක අහන්න දෙයක්ද? වැරදි පුර්වාදර්ශ. (නි)
එකත් ඇත්ත ඉස්සරහට මොනවා වෙයිද කියලා කවුද දන්නේ (දී)
ඔය පාසලේ හෝ ගමේ පිරිමියෝ නැද්ද? (නි)
ලොව වඩාත්ම භයානක අපරාධය තමයි හොද මිනිසුන්ගේ නිහඩ බව. මෙතන වෙනත් ගුරු මණ්ඩලේ අය මොකද කට පියාගෙන හිටියේ ඔය මන්ත්‍රීට යස පාඩමක් උගන්වන්නේ නැතුව. මහජනතාව මේවට මහමගට බහින කාලේ වැඩි ඈතක නොවයි. පිලුකුල් සහගත දේශපාලන පිලිලයට එරෙහිව කවද්ද අපි නැගිටින්නේ. පලාත් සභා නම් එපාම තමයි. දේශපාලන දුරාචාරය ගමට ගෙනයන්නේ මේ වැඩකට නැති පළාත් සහ ප්‍රාදේශීය සභා දේශපාලක හිකනලුන් තමයි. ජනතා බදු මුදල් කාබාසිනියා කරන ගමන් දැන් පහ පාස් නැති මැට්ටෝ එනවා ගුරුවරුන් දැනගස්සන්ට ඉස්කෝලවලට, අපි යන්නේ මෙවන් පරිහානියකටද? මහතැන් මේවට නිහඩයි, පුදුමයි. දැන් නීතිය අතට ගන්න වෙන්නේ මිනිස්සුන්ටද?(නදී)
සිංහලයාට සතියක් යනකොට ඔක්කොම මතක නැත (නි)
පාරට බැහැල උද්ඝෝෂනය කරමු. පාසලට පමිණ ගුරුවරියගන් වැදලා සමාව ගන්න කියන්න.(නදී)