මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට ඉඩ නොදී දැඩි පොලිස් මුරකාවල් මැද්දේගම්පහ දී පොලිසිය, ගම්වාසීන් හා නීතීඥයන් පිරිසක් සමග අද (16) පැවැති සාකච්ඡාවක දී ගම්වාසීන් එක හඩින් කියා සිටියේ තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ දී පසුගිය 10 වැනි දා අත්සන් කළ ගිවිසුමට තමන් විරුද්ධ බවයි.
ගම්පහ අධිකරණයේ නීතීඥවරුන්ගේ හමුවීම් ශාලාවේ මේ සාකච්ඡාවට නැදුන්ගමුව, ඌරුවල සහ රතුපස්වල ගම්වැසියෝ පිරිසක් සහභාගී වූහ.
පැයක පමණ කාලයක් පැවැති මේ සාකච්ඡාව සඳහා මාධ්‍යවේදීනට අවසර ලැබුණේ නැත. මාධ්‍යවේදීන් අවට රැස්ව සිටි නමුත් ඔවුන් රැස්වීම් ශාලාවට පැමිණීම වැලැක්වීම සඳහා පොලිසියේ දැඩි ආරක්ෂාව යොදා තිබිණි. රැස්වීම් ශාලාවට ඇතුළු කර ගැනුණේ ඔවුන් කළින් අනුමැතිය දුන් පිරිසක් පමණි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු, ගම්පහ නීතීඥ සංගමයේ සභාපති පද්මා අමරතුංග, ගම්පහ නාගරික මන්ත්‍රී නීතීඥ තිස්ස ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
මාධ්‍යවේදීනට රැස්වීම පැවැති ස්ථානයට ඇතුළු වීමට නොහැකිදැයි ප්‍රධාන ගේට්ටුව අසල සිටි පොලිස් පරීක්ෂකවරයකුගෙන් විමසූ විට ඔහු සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගෙන් ඒ ගැන විමසා නැවත පැමිණ පැවසුවේ එම සාකච්ඡාවට මාධ්‍ය අනවශ්‍ය බවයි.
ඉන් අනතුරුව සියනෑ ජල සුරැකීමේ ජන නැගුමේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටි ආරච්චි මහතා එම දොරටුව අසලට පැමිණි විට සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඔහු වෙත පැමිණ ලැයිස්තුවේ නම නැති බැවින් සාකච්ඡාවට සහභාගී විය නොහැකි බව ඔහුට ද දැන්වීය. ඔහුව හරවා යැවිණි.
සාකච්ඡාවෙන් අනතුරුව එයට සහභාගී වූ නැදුන්ගමුවේ ගැමියෙකු වු ජූඩ් පෙරේරා මහතා මෙසේ පැවසීය.
‘ මමත් වැලිවේරියෙදී වෙඩි වැදී තුවාල වුණු කෙනෙක්. ගම්පහ පොලිස් අධිකාරීවරයා ඊයේ ( 15) රෑ හතට විතර අපේ ගමට ඇවිත් ප්‍රජාශාලාවේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒක පටන් ගත්තේ රෑ හතට විතර ඉවරවෙනකොට නමය විතර වුණා. මමත් ඒකට ගියා.
එතැනදි ගමේ අය කිව්වා අපිට වතුරත් එපා, මොකුත් එපා මේ කර්මාන්ත ශාලාව වහන්නයි ඕනෑ කියා. තෙරිපැහැ සිරිධම්ම හිමියන් අත්සන් කළ ගිවිසුමට අපි කැමති නැහැ කියලත් අපි කිව්වා.
එතනදී පොලිස් අධිකාරීතුමා කිව්වා ගම්පහ නීතිඥ සංගමයත් ඔයාලගේ සහයට එනවා එක ගමකින් නියෝජිතයෝ දෙන්නා හෝ තුන්දෙනා ගානේ පත්කරගෙන ලැයිස්තුවක් හදන්න කියලා.
අපි ලැයිස්තුවක් හදා දුන්නා. ඒ අනුව තමයි අපි අද මේ රැස්වීමට ආවේ.
අද මුලින්ම නිතිඥ සංගමයේ අය කිව්වා එයාලා මේ වැඩපොල අරින්න දෙන්නේ නැහැ. ඒ ගිවිසුම් වලංගු වෙන්නේ නැහැ කියා. අපිත් ඔයාලගේ සහයට එනවා කිව්වා.
අපි අපේ මතයත් කිව්වා. දැන් අපිට වතුර අවශ්‍ය නැහැ. මේ කර්මාන්ත ශාලාව වහන්නයි ඕනෑ. තෙරිපැහැ හාමුදුරුවන් ගහපු ගිවිසුම අපි පිළිගන්නේ නැහැ. මේ කර්මාන්ත ශාලාව වහාම ගමෙන් ගෙනියන්න කියා අපි කිව්වා.
නීතිඥ සංගමයත් පොලිස් අධිකාරීවරයාත් අපිට පොරොන්දු වුණා මේ ප්‍රශ්නය ජනාධිපතිවරයා හරහා විසදාගැනීමට අපිට පුර්ණ සහයෝගය දෙනවා කිව්වා. වැඩපොළ නැවත අරින්න දෙන්නේ නැහැ කිව්වා.
තෙරිපැහැ සිරිධම්ම හිමියන් අත්සන් කළ ගිවිසුම ගනන් ගන්නේ නැහැ ඒ ගැන කව්රුවත් කලබල වීමට අවශ්‍ය නැති බවත් කීවා.
ලබන 20 වෙනිදා වෙනකොට කර්මාන්ත ශාලාවේ අයත් සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන බවත් කර්මාන්ත ශාලාව වසා දමන ස්ථීර දිනයක් එහිදී ලබා දෙන බවත් ඔවුන් අපිට කිව්වා.‘
මෙම සාකච්ඡාවට පැමිණි නැදුන්ගමුව ඌරුවල පදිංචි ඈන් ප්‍රණාන්දු පෙරේරා(60) මහත්මිය මෙසේ පැවසුවාය.
ගම්පහ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතා පෙරේදා ගම් වැසියන් සමග සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ එක ගමකින් ගැමියන් තුන්දෙනා බැගින් මේ සාකච්ඡාව සඳහා තෝරාගත්තා. අද මෙතනට ආවේ ඒ තෝරාගත් පිරිසයි.
අපි ගම්වැසියන් ඒකමතිකව තීරණය කරලා තිබුනේ අපිට දැන් වතුර ඕනේ නැහැ මේ කර්මාන්ත ශාලාව අරගෙන යන්නයි අවශ්‍ය කියා.
අපි කිව්වා දැන් මාස තුනක් විතර කර්මාන්ත ශාලාව වසා තිබුන නිසා අප ද්‍රවය ගම වටේ නැහැ. කර්මාන්ත ශාලාවෙන් පිටවන විෂ දුම් රොඩු අවට ගෙවල් වලට යන්නෙත් නැහැ. ළිං වලට යන්නෙත් නැති කිසා දැන් අපේ ළිං වල ජලය පිරිසිදු වේගෙන එන්නේ.
අපිට හොදටම විශ්වාසයි අපේ ළිං ජලය අපවිත්‍ර වුණේ මේ කර්මාන්ත ශාලාව නිසා මේක වහලා දාලා තව ටික කාලයක් යනකොට මේ වතුර හොද වෙනවා කියලත් අපි කිව්වා.
ඒ නිසා මාස හයකට හරි නැවත ඇරියොත් නැවත ළිං ජලය අපිරිසිදු වෙනවා කියලත් කිව්වා. ඒ නිසා අපේ අන්තිම තීරනය මේ කර්මාන්ත ශාලාව වෙන කොහාට හිරි ගිනියන එකයි කියලත් කිවා.
අපි කිව්වා හාමුදුරුවන් මේ කර්මාන්ත ශාලාව මාස හයක් නැවත අරින්න තිරණය කළේ උන්වහන්සේගේ තනි කැමත්තට. අපේ අදහස් නොවිමසා ගත් තීරණයක් ඒක. අපි ඒ ගිවිසුමට කැමති නැහැ කියලත් කිව්වා.
එවිට අපෙන් ඇහුවා ඇයි එහෙනම් සභාවේ පන්සලට ගැහැව්වේ කියා. අපි කිව්වා අපි පන්සලේ චෛත්‍යයටවත් බෝධියටවත් ගැහුවේ නැහැ. අපි පන්සලට යනකොට මහ රෑ පෙරේත තටු, කුකුල්ලූ දෙන්නෙක්, පුහුල් තිබුනා. අපි බිලි පුජාව කරන තැනටයි ගැහැව්වේ කියලත් කිව්වා.
එතකොට නීතිඥ සංගමයත් පොලිස් නිලධාරීනුත් කිව්වා අපි මේක 20 වෙනි දාට කලින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්තයට යොමු කැර ජනාධිපති ළගට අරන් යනවා කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස තුනෙන් භූගත ජලය පිරිසිදු උනේ තව විස එකතු නොවීමත්, ජලය පොලව හරහා අනෙත් සියල්ල සමග මිශ්‍ර වීමත් අපිරිසිදු ජලය ගලායමත් නිසා. (දී)
ප්‍රතිචාර දාන අයට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය. ඔය කර්මාන්ත ශාලාවේ දවසකට දර ටොන් ගානක් බොයිලේරුවට දානවා. ඇතුළට ගිහින් බලන්න දුම් රොටු. අවට ගෙවල් වලටත් ඒවා වැටෙනවා. ගමේ මිනිස්සු කියන්නේ දැන් මාස තුනක් ඒ අපද්‍රව්‍ය ළිං වලට ගියේ නැහැ. අවට වතුවලට අපද්‍රව්‍ය දැම්මේ නැහැ කියලා. ඉතින් ළිං වල වතුර පිරිසිදු වෙන්නේ නැද්ද? (නි)
කොළ පාට තාප්පයේ ගාපු පමණින්, කොළ පාට වැහි පීලි හෙවිල්ලපු පමණින්, ගේට්ටුව සහ මුර කුටිය කොලපාට කල පමණින් පරිසර හිත කාමී වෙනවා කියලා හිතනවා නම් ඒ මනුස්සයන්ගේ මොලේ පරික්ෂා කිරීම වටී. (ස)
ඔබ වහන්සේ ගම්පොළටම වෙලා හිටියොත් හොදයි! (නි)
ගරු ස්වාමීන් වහන්ස සාසනය නැති කරන්න එපා. (ස)
අනේ මන්දා, මගේ මොලේ කොලොප්පන් වෙලාද කියලා..අවරුදු 18ක් තිස්සේ අපිරිසිදු වූ වතුර මේ මාසෙට දෙකට පිරිසිදු වෙලා බොන්නත් පුළුවන් තත්වෙට පත් වෙලාලු..වතුර ඕන නැහැලු. කම්හල වහන්නම ඕනලු..හැමදුරුවොත් දුෂ්ටයෙක් උනා එහෙනම් ..නාඩගමේ රගපාන අලුත් නළුවන්ගේ නම් ටික දැක්කම නම් මට නාඩගමේ පිටපත වෙනස් කෙරෙන තැන පේනවා පේනවා වගේ. (ස)
අන්න දැන් තමා නියම ක්‍රමේට ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ....මමත් ඔය අවට ඉන්නේ....ඇත්තටම දැන් අපේ ලිඳෙත් වතුර ටිකක් හොඳයි....අපි ඔය විදිහට ඇත්තට මුණ දීල ප්‍රශ්නේ විසඳමු.... (ස)
හාමුදුරුවෝ නියමෙට වැඩේ දුන්න නේද ? අනේ සාදු එයා නිවන් දකීවි විගසින්. (ස)
අවුරුදු 18 ක් වතුර හොඳට තිබුනා. මාස 3 කින් වතුර නරක් වුනා. අයෙත් මාසෙකින් වතුර හොඳ වුනා. අන්තිමට හාමුදුරුවෝ නරක් වුනා. දෙයියෝ කෝප වෙලා වගේ. (ස)
මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. අවුරුදු 18 ක් තිස්සේ අපවිත්‍ර වුණ වතුර කොහොමද මාස දෙකෙන් පිරිසිදු වෙන්නේ? කාට හරි වුවමන වෙලා තිබෙනවා කම්හල වහන්න. කම්හල් වහන්න නෙමෙයි, පුළුවන් තරම් අරින්නයි අපි බලන්න ඕනෑ. රස්සාවල් නැති අයට ඔය දඟලන අය රස්සාවල් දෙනවද?ඉන් ජීවත් වෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ? (නි)
ඈන් පෙරේරා ? ඡූඩි ප්‍රනාන්දු ? එතකොට පන්සලට ගැහුවෙ පල්ලියෙන්ද ? (අ)
බන්දුල පෙරේරා කියන්නේ බත් පැකට් එකට ආණ්ඩුවට කඩේ යන කෙනෙක් (අ)
බන්දුල පෙරේරා තුවාලේ තියන මිනිස්සු විතරඊ එකේ වේදනාව දන්නේ ..නිකන් නයට කරන්නේ නැතුව ඉන්නවා .(අ)
බන්දුල පෙරේරා මහතා එහෙනම් අපි දැන් 50% දිනුම්. ඉතිරි ටිකත් දිනුවහැකි නේද? (අ)
හාමුදුරුවෝ, වෙනත් "සරණක්"පස් සේ ගිහින් නම කැතකර ගත්තා. (අ)
කොහොම වෙලා හරි මේ රතුපස්වල ප්‍රශ්නේ ඉවර වුනොත් එක ලොකු දෙයක්.දැන් ඩෙංගු තරම් භයානක වෙලානේ තියෙන්නේ ඕක.(දිල්)
දැන් තේරෙනවා මෙයාලගේ අරමුණ මොකක් ද කියල. අන්තිමට හාමුදුරුවොත් වැරදි වුණා.(අ)
ජලයේ හොඳ නරක පරීක්ෂා කිරීමට ලංකාවේ සිටින ලොකු ලොකු විද්වතුන්ටත් වඩා මේ ගම්වල සිටින ගම්වැසියන් දක්ෂයි වගේ. ඒ කොහොමද කියලා මට නම් තේරුමක් එන්නෙම නැහැ. (නි)
බන්දුල, මොනවා කිවුවත් ඔය කම්හල වහන්නම වෙනවා. මොකද ඒකෙන් විඳවන්නේ ගමේ මිනිසුන්. ගමකට සුදුසු නිෂ්පාදන කම්හලක් නෙමෙයි ඕක . ගමේ මිනිසුන්ට ජයග්‍රහණය අත ළඟයි , ජය වේවා ! (නි)
ඇත්ත මොකක්ද කියලා හිතාගන්න බැහැ. සත්‍යය සදහා නියෝජ්‍ය ඇමැතිවරයෙක් පත්කරමු. (නි)
බන්දුල, ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නය ඒ අයට විසදා ගන්න දෙන්න (නි)
බන්දුල පෙරේරා කම්හල හොදින් දන්නවා වගෙයි (නි)
බන්දුල පෙරේරා, තමන්ගේ දරුවෙකුට විෂ වතුර පොවන්න තමන් කැමතිද?ප්‍රශ්නය තේරුම් ගන්න බලන්න.මේ ප්‍රශ්නය හරි සංවේදියි.මිනිස්සුන්ගේ ජීවිත වටිනවා හැමදේටම වැඩිය. (නි)
අපේ හාමුදුරුවන්ට කොතනක හෝ වැරදීමක් වෙලාද කියලා හිතෙනවා (අ)
හාමුදුරුවෝ වෙනස් වෙලා වගේ .... (නි)
හාමුදුරුවෝ සහ දයාසිරිගේ වෙනස්වීම අතරේ ලොකු වෙනසක් නොවන බවයි පවසන්නේ (අ)
ගිවිසුම පමණක් නොවේ හාමුදුරුවනේ (අ)
දුර්ජනයින්ගෙන් ඈත්වී ශාසන කටයුතු කරගෙන ඔබ වහන්සේ චිරාත් කාලයක් ශාසනය රැකදේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. (නි)
පුලුවන් නම් කියන්න බලන්න මේ රතුපස්වල ජීවත්වන ජනතාවට වැඩිය මේ කර්මාන්ත ශාලාව මේතරම් ලොකු වුණේ කොහොමද කියලා. මේක පිටිපස්සේ ඉන්නේ රටේ ඉහළ පෙළේ කෙනෙක් නිසාද මෙහෙම වෙන්නේ? මට හිතෙන්නේ ඒ විදියට (නි)
ප්‍රතිපත්ති මොන තරමි ඉක්මනට බිද වැටෙනවාද?මුදලට,බලයට යටවෙනවාද? ඒ විතරක් නොවේ, ජීවිතේටත් කවුද ආදරේ නැත්තේ? අප රටේ ආර්ථිකය පමණක් නොව සියලුම පැතිකඩයන්ගෙන් අස්ථාවර හා ජරාජීර්ණ වෙලා ඉවරයි.යුක්තියක් සාධාරනයක් දකිනවා කියන එක මිරිගුවක්ම වෙලා තිබේවි. (නි)
මේ වගේ ආයතනයක් කර්මාන්තපුරයක ඉදිකරන්නේ නැතුව ජනාවාසයක් මැද්දේ ඉදිකරන්න පාරිසරික අමාත්‍යංශයෙන් අනුමැතිය දුන්න නිසා තමයි මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න මුලිකම හේතුව. මීට පස්සෙවත් ඔය වගේ දේවල් කරනකොට ජනතාවගේ ජීවිතවලට සිදුවන හානිය ගැනත් හිතනවා නම් නේද හොද. (නි)
රතු පස්වල ප්‍රශ්නයට බන්දුල පෙරේරා මහතා දාපු අදහස් මෙතෙක් දුරට නිවැරදිය (අ)
ඔබ වහන්සේගෙන්ම බන අහල හිත සන්සුන් කර ගත්ත පිරිස ඔබ වහන්සේටම දමනය කරන්න බැරි නම් හිත හදාගෙන ඒ පිරිසගෙන් අයින් වෙන එක හොඳයි. (අ)
එතකොට අර මැරුණු අයට මොනවද ලබන්නේ හාමුදුරුවනේ අහිංසක කොල්ලෝ ටිකක් නේද මරුනේ දෙවියෝ සාක්ෂි (ස)
දිසානායකලා වගේ අය කොච්චර වේදනා වුණත්,කොච්චර දරුණු වුණත්, කොච්චර ඔඩු දුවලා වුණත් තුවාලය සනීප වෙනවට කැමති නැහැ. මොකද ඒක තමන්ගේ ජීවන මාර්ගය කරගෙන එදා වේල ඒකෙන් හොයාගන්න නිසා.සනීප වුණොත් ඒක නැතිවෙනවනේ. (නි)