
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර ,පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයකු වන අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සැරයන්වරයාගේ සහෝදරයා ගිලන් රථයට නන්වා ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී සහාය සඳහා එයට ගොඩවි ඇති සැකකාර හමුදා සැරයන්වරයා රෝගියා සමඟ සිටි සෞඛ්‍ය සාහිකාවට ගිලන් රථය තුළදී ලිංගික අතවර සිදුකර තිබූ බව පොලිසිය කියයි.
ඒ බව සෞඛ්‍ය සහායිකාව පොලිස් මුරපොලේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුරපොලේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සහ තුවාල ලැබූ ඔහුගේ සහෝදරයාය ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය කියයි.
සැකකරු පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථායට අනුයුක්තව සේවය කරන්නෙකි.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා සැරයන් 1990 පාලිකාවකට අතවර කරලා
Sanath Saturday, 10 August 2024 10:02 AM
අතවර කිරීම සත්‍ය නම් හමුදා සෙබලාට වෙඩි තැබිය යුතුයි.
ලුම්බිණි Saturday, 10 August 2024 02:42 PM
අයියෝ රණවිරුවා...!
Ruwan De Silva Sunday, 11 August 2024 09:31 AM
ලංකාවේ හමුවේ අය හරිම පීඩනයෙන් වගේම ලිංගික පීඩනයෙන් ඉන්නේ එකයි ඔය ගෑනියෙක් දැක්කම බල්ලෝ වගේ හැසිරෙන්නේ. ඒවාට ඉතින් හමුදාවේ අණදෙන නිලධාරින් වග කියන්න ඕනේ. මාස 6කට වරක් ගෙදර යන්නේ ඉතින් කාටද පිස්සු හැදෙන්නේ නැත්තේ?