IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හමුදා සංදර්ශනය බලන්න මහා සෙනඟ

මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයයේදී යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයක් අද පැවැත්විණි.  මෙවැනි සංදර්ශනයක් උතුරු පළාතේ පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි.  මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ උපදෙස් මත මෙය සංවිධානය කෙරිණි.

යුධ හමුදා සෙබළ සෙබළියන් ඉදිරිපත් කරන සරඹ සංදර්ශන,තූර්ය වාද සංදර්ශන, සුනඛ සංදර්ශන,කෙටි කාලයකින්  වාහනයක් එකලස් කිරීම, පාලමක් ඉදිකිරීම, ප‍්‍රාණ ඇප කරුවන් මුදා ගැනීම, යතුරු පැදි ,ශාරිරික අභ්‍යස  පැරෂුටි සංදර්ශනයක් ද පැවැත් වූ අතර රාති‍්‍ර සංගීත සංදර්ශන පැවැත්වීමට නියමිතය.

මෙය  නැරඹීමට මුලතිවි ආරක්ෂක සේනා මූලස්ථාන උසස් යුධ හමුදා නිළධාරීන්,මුලතිවි ප‍්‍රදේශයේ පාසල් දරුවන් මුලතිවි වැසියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

141 142 143 144 145 146 148 149 150 151 152 153 154

 

 



අදහස් (0)

හමුදා සංදර්ශනය බලන්න මහා සෙනඟ

චන්ද්‍ර Saturday, 15 November 2014 04:07 PM

යුද්ධයෙන් කොටුඋනු ජනතාව හමුදාව මගින් කාරුණිකව බේරාගත් අන්දම වීඩියෝ මගින් පෙන්වා දුන්නනම් දරුවන්ට ඉතාමත්ම වටිනවා , ප්‍රයෝජනවත් වෙනවා නේද? මින් පසුව අවස්ථාවකවත් මේ ගැනත් හිතන්න ,(හේ)

:       0       0

සිල්වා Saturday, 15 November 2014 04:35 PM

ජාතියේ මුර දේවතාවන් අපේ වීර සෙබළුන් ශ්‍රී ලාංකීය අභිමානය රැකගනිමින් මින් ඉදිරියත් රට වෙනුවෙන් කැපවී වැඩ කිරීමට සක්තිය ලැබේවා.(දිල්)

:       0       0

අමන්දා Saturday, 15 November 2014 04:45 PM

ඡන්දේ ළඟ නිසාද දන්නේ නෑ මේවා (දිල්)

:       0       0

බයෝනිස් Saturday, 15 November 2014 06:03 PM

අපේ මිනිස්සු හිතන්නේ හමුදාවෙන් මේවා කළාම ඔක්කොම විසඳුනා කියල ඒ මිනිස්සුන්ට නිදහස දෙන්න (බ)

:       0       0

අමිල Sunday, 16 November 2014 07:13 PM

ඉතාමත් ලස්සනයි! (නි)

:       0       0

සේන Saturday, 15 November 2014 11:52 PM

යුද්ධ හමුදාවේ විනය ඉතාමත්ම ඉහළයි. රටේ ඉන්න අපේ සොල්දාදුවෝ , ජගත් මහ ලේකම්ගේ ඉහළම පැසසුමට ලක් වුණා (දිල්).

:       0       0

ගමගේ Sunday, 16 November 2014 12:08 AM

හමුදාව සිවිල් වැසියන් බේරා ගත් හැටි උතුරේ ජනතාවට දැක ගන්න ලැබුනේ නැහැ.(හේ)

:       0       0

අමාලි Sunday, 16 November 2014 07:37 PM

ජගත් ඩයස් මහතා ඉතාම හොඳ කාර්යශූර නිලධාරියෙක් (නි)

:       0       0

හේමන්ත Sunday, 16 November 2014 03:00 AM

මේවා දකින කොට ඇත්තටම සතුටුයි.(හේ)

:       0       0

තිළිණ Sunday, 16 November 2014 03:37 AM

තුන්වැනි පින්තුරේ ඉන්නවා පේනවා යුද්ධයෙන් පස්සේ මෙලොව එළිය දුටු වාසනාවන්ත දරුවෝ ටිකක්.(දිල්)

:       0       0

සෙත්මි Sunday, 16 November 2014 04:01 AM

හිතට නිහතමානි ආඩම්බරයක් දැනුනා.අපේ රටේ ඉන්න වීරෝධාර සෙබළු මේ රට බේරා ගන්න මොන තරම් කැපවීමක් කලාද?මේ පින්තුර වලින් මම දැක්කා,අපේ මව්බිමේ නැවත ඇතිවෙන නැවත පිබිදෙන සතුට සමගිය සාමය කොයිතරම්ද ?කියලා.(හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 04:20 AM

පාසල් දරු දැරියන්ගේ මනස අපේ රට ජාතිය කෙරෙහි තව තවත් නැඹුරු කරගන්න බලන්න මෙවැනි වැඩකටයුතු තුලින්.(හේ)

:       0       0

අමන්දා Sunday, 16 November 2014 05:32 AM

සෙබළු විතරද .හමුදාපති අමතකද කාටත් (බ)

:       0       0

මෙන්ඩිස් Sunday, 16 November 2014 05:35 AM

චන්ද්‍ර, ඔබ මෙය හරි හැටි කියවා නැති බවක් පෙනේ. මෙහි සඳහන් වෙනවා අපේ රටේ වීර සෙබළුන් ප්‍රාණ ඇප කරුවන් මුදා ගැනීම සංදර්ශනයේදී ඉදිරිපත් කරා කියල අපේ වීර සෙබළුන් හැමදාමත් රට ගැනත් රටේ ජනතාව ගැනත් හිතල තමයි වැඩ කරන්නේ අපේ වීර සෙබළුන්ට අපගේ ගෞවරවය. (බ)

:       0       0

අනුර Sunday, 16 November 2014 09:16 AM

අමන්ද කකුලෙන් අදිනවා, අපේ ජාතියට උපතින් ලද දායාදය. (ර)

:       0       0

චන්ද්‍රා Sunday, 16 November 2014 12:16 PM

මෙන්ඩිස්, යුද්ධය පැවතුන දිනවල නිව්ස් වලට පෙන්නපු සජීවී දර්ශන පෙන්වීම මිටවඩා වටින්නේ නැද්ද ? (ර)

:       0       0

චතුරංග Sunday, 16 November 2014 02:35 PM

ගොඩක් ආඩම්බරයි. ...මමත් අාමි එකට ජෝයින් වෙනවා...........මගේ සේවයත් රට වෙනුවෙන් ඉටු කරන්න............ (අ)

:       0       0

රූපවති Saturday, 15 November 2014 03:41 PM

අපේ සිංහල වීර සෙබළුන් ගැන හරිම ආඩම්බරයක් හදවතට දැනුනා..!! ඒ නාමය පලුදු නොකර ආරක්ෂා කරගැනීම ඔබ අප හැමගේම ජාතික වගකීමක් සේ සිතමු...!!.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site