මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයයේදී යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශනයක් අද පැවැත්විණි. මෙවැනි සංදර්ශනයක් උතුරු පළාතේ පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ උපදෙස් මත මෙය සංවිධානය කෙරිණි.
යුධ හමුදා සෙබළ සෙබළියන් ඉදිරිපත් කරන සරඹ සංදර්ශන,තූර්ය වාද සංදර්ශන, සුනඛ සංදර්ශන,කෙටි කාලයකින් වාහනයක් එකලස් කිරීම, පාලමක් ඉදිකිරීම, ප‍්‍රාණ ඇප කරුවන් මුදා ගැනීම, යතුරු පැදි ,ශාරිරික අභ්‍යස පැරෂුටි සංදර්ශනයක් ද පැවැත් වූ අතර රාති‍්‍ර සංගීත සංදර්ශන පැවැත්වීමට නියමිතය.
මෙය නැරඹීමට මුලතිවි ආරක්ෂක සේනා මූලස්ථාන උසස් යුධ හමුදා නිළධාරීන්,මුලතිවි ප‍්‍රදේශයේ පාසල් දරුවන් මුලතිවි වැසියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් කොටුඋනු ජනතාව හමුදාව මගින් කාරුණිකව බේරාගත් අන්දම වීඩියෝ මගින් පෙන්වා දුන්නනම් දරුවන්ට ඉතාමත්ම වටිනවා , ප්‍රයෝජනවත් වෙනවා නේද? මින් පසුව අවස්ථාවකවත් මේ ගැනත් හිතන්න ,(හේ)
ජාතියේ මුර දේවතාවන් අපේ වීර සෙබළුන් ශ්‍රී ලාංකීය අභිමානය රැකගනිමින් මින් ඉදිරියත් රට වෙනුවෙන් කැපවී වැඩ කිරීමට සක්තිය ලැබේවා.(දිල්)
ඡන්දේ ළඟ නිසාද දන්නේ නෑ මේවා (දිල්)
අපේ මිනිස්සු හිතන්නේ හමුදාවෙන් මේවා කළාම ඔක්කොම විසඳුනා කියල ඒ මිනිස්සුන්ට නිදහස දෙන්න (බ)
ඉතාමත් ලස්සනයි! (නි)
යුද්ධ හමුදාවේ විනය ඉතාමත්ම ඉහළයි. රටේ ඉන්න අපේ සොල්දාදුවෝ , ජගත් මහ ලේකම්ගේ ඉහළම පැසසුමට ලක් වුණා (දිල්).
හමුදාව සිවිල් වැසියන් බේරා ගත් හැටි උතුරේ ජනතාවට දැක ගන්න ලැබුනේ නැහැ.(හේ)
ජගත් ඩයස් මහතා ඉතාම හොඳ කාර්යශූර නිලධාරියෙක් (නි)
මේවා දකින කොට ඇත්තටම සතුටුයි.(හේ)
තුන්වැනි පින්තුරේ ඉන්නවා පේනවා යුද්ධයෙන් පස්සේ මෙලොව එළිය දුටු වාසනාවන්ත දරුවෝ ටිකක්.(දිල්)
හිතට නිහතමානි ආඩම්බරයක් දැනුනා.අපේ රටේ ඉන්න වීරෝධාර සෙබළු මේ රට බේරා ගන්න මොන තරම් කැපවීමක් කලාද?මේ පින්තුර වලින් මම දැක්කා,අපේ මව්බිමේ නැවත ඇතිවෙන නැවත පිබිදෙන සතුට සමගිය සාමය කොයිතරම්ද ?කියලා.(හේ)
පාසල් දරු දැරියන්ගේ මනස අපේ රට ජාතිය කෙරෙහි තව තවත් නැඹුරු කරගන්න බලන්න මෙවැනි වැඩකටයුතු තුලින්.(හේ)
සෙබළු විතරද .හමුදාපති අමතකද කාටත් (බ)
චන්ද්‍ර, ඔබ මෙය හරි හැටි කියවා නැති බවක් පෙනේ. මෙහි සඳහන් වෙනවා අපේ රටේ වීර සෙබළුන් ප්‍රාණ ඇප කරුවන් මුදා ගැනීම සංදර්ශනයේදී ඉදිරිපත් කරා කියල අපේ වීර සෙබළුන් හැමදාමත් රට ගැනත් රටේ ජනතාව ගැනත් හිතල තමයි වැඩ කරන්නේ අපේ වීර සෙබළුන්ට අපගේ ගෞවරවය. (බ)
අමන්ද කකුලෙන් අදිනවා, අපේ ජාතියට උපතින් ලද දායාදය. (ර)
මෙන්ඩිස්, යුද්ධය පැවතුන දිනවල නිව්ස් වලට පෙන්නපු සජීවී දර්ශන පෙන්වීම මිටවඩා වටින්නේ නැද්ද ? (ර)
ගොඩක් ආඩම්බරයි. ...මමත් අාමි එකට ජෝයින් වෙනවා...........මගේ සේවයත් රට වෙනුවෙන් ඉටු කරන්න............ (අ)
අපේ සිංහල වීර සෙබළුන් ගැන හරිම ආඩම්බරයක් හදවතට දැනුනා..!! ඒ නාමය පලුදු නොකර ආරක්ෂා කරගැනීම ඔබ අප හැමගේම ජාතික වගකීමක් සේ සිතමු...!!.(හේ)