
(නිශාන්ත කුමාර)
දියතලාව යුධ හමුදා කදවුරේ සිට මහනුවර පල්ලෙකැලේ යුධ හමුදා කදවුර දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක් අද (10) පෙරවරු 10.30 ට පමණ බදුල්ල මහියංගණය මාර්ගයේ තිබිරිගස්පිටිය ප්‍රදේශයේදී, මහියංගණයේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය පවසයි.
පල්ලම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිතවීමෙන් අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිංග නිකම්ක් ක්‍රියා විරහිත වෙන්නේ නෑ . එක්කෝ බ්‍රේක් ඔයිල් නැතුව පදවල.. එහෙම නැත්නම් අමතක වෙලා.. එහෙමත් නැත්නම් නින්ද ගිහිල්ලා.. එහෙමත් නැත්නම් බ්‍රේක් ෆෑන් ගෙවිලා.. නොසැලි කිලිමත් රිය දාවනය වහාම පරීක්ෂණයක් කර විසඳුම ලබා දෙන්න