IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හමුදා රියදුරු හිරේ ගිහින් බ්‍රිගේඩියර් වෙයි

විදේශ රටවල ආරක්ෂක ඇබෑර්තු සහ විදේශ රටවල රූගත කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට නළු නිළියන් අවශ්‍ය බව පවසා පුවත්පත්වල දැන්වීම් පළකොට රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය පරීක්ෂණ අරඹා ඇත.

සැකකරුගේ අනියම් බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයද යොදාගනිමින් මෙම වංචාව සිදු‍කර ඇති අතර එම දැන්වීම අනුව බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනය ඔස්සේ පුද්ගලයින් රවටා ඇති බවත් පොලිසිය පවසයි. ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවත් කියති.

හිටපු හමුදා රියදුරකු වන සැකකරු යුද හමුදා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු වශයෙන් පෙනී සිටිමින් ආරක්ෂක අංශ සාමාජිකයන් රවටා ඇති බවත් චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නළු නිළියන් රවටා ඇති බවත් පොලිසිය කියයි.



අදහස් (0)

හමුදා රියදුරු හිරේ ගිහින් බ්‍රිගේඩියර් වෙයි

ලලිත් Tuesday, 22 September 2015 08:07 PM

කොයිතරම් හමුදාවේ කට්ටියගේ නෝනලා හිතාගෙන ඉන්නවද එයාලගේ මහත්තයලා බ්‍රිගේඩියර්ල කියලා? අපේ ගමෙත් එහෙම අය ඉන්නවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 September 2015 10:59 PM

මේ මොළ යහපත් දෙයකට යොමු කළා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 23 September 2015 12:10 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 22 September 2015 02:08 PM

ඕකට කියන්නේ 'ඩබල් ඇක්ටින්' (නි)

:       0       0

ජයනාත් Tuesday, 22 September 2015 02:45 PM

කොළඹ බන්ධනාගාරවල ජංගම සිග්නල් බාධක සවි කරලාලු නේද..? ක්‍රියාකරනවාද කියා හොයා බලා වගකීමක් ගන්න නිලදරුවෙක්වත් නැද්ද..? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site