විදේශ රටවල ආරක්ෂක ඇබෑර්තු සහ විදේශ රටවල රූගත කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට නළු නිළියන් අවශ්‍ය බව පවසා පුවත්පත්වල දැන්වීම් පළකොට රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය පරීක්ෂණ අරඹා ඇත.
සැකකරුගේ අනියම් බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයද යොදාගනිමින් මෙම වංචාව සිදුකර ඇති අතර එම දැන්වීම අනුව බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනය ඔස්සේ පුද්ගලයින් රවටා ඇති බවත් පොලිසිය පවසයි. ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවත් කියති.
හිටපු හමුදා රියදුරකු වන සැකකරු යුද හමුදා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු වශයෙන් පෙනී සිටිමින් ආරක්ෂක අංශ සාමාජිකයන් රවටා ඇති බවත් චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නළු නිළියන් රවටා ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිතරම් හමුදාවේ කට්ටියගේ නෝනලා හිතාගෙන ඉන්නවද එයාලගේ මහත්තයලා බ්‍රිගේඩියර්ල කියලා? අපේ ගමෙත් එහෙම අය ඉන්නවා. (නි)
මේ මොළ යහපත් දෙයකට යොමු කළා නම් මොනතරම් හොඳද? (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
ඕකට කියන්නේ 'ඩබල් ඇක්ටින්' (නි)
කොළඹ බන්ධනාගාරවල ජංගම සිග්නල් බාධක සවි කරලාලු නේද..? ක්‍රියාකරනවාද කියා හොයා බලා වගකීමක් ගන්න නිලදරුවෙක්වත් නැද්ද..? (නි)