දියතලාව කඳවුරේ දී සියදිවි නසා ගත් බව කියන ලහිරු රංජන නම් කැඩෙට් නිලධාරියාගේ (23) මරණය සැක සහිත බව ඔහුගේ පවුලේ උදවිය පවසති.
සිය දිවි නසා ගන්නට තරම් ඔහුට ප්‍රශ්නයක් නැති බවත්,අවසන් පුහුණුවේ දී ඔහු කණ්ඩායමේ හොඳම නිලධාරියා වූ බවත්, අවමඟුලේ දී ඔහුට හමුදා ගෞරව නොදැක්වීම ගැන කණගාටු වන බවත් ඔවුහු කියති.
යුද හමුදා වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කීවේ ඔහුගේ මරණය ගැන ගැටළු සහගත තත්ත්වයක් ඇති බැවින් හමුදා ගෞරව නුදුන් බවයි.
ලහිරු රංජන ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බව දියතලාව කඳවුරේ සිටි පිරිස් ප්‍රකාශ කරන බවත්, ඔහුගේ මරණය සැක සහිත බව පවුලේ උදවිය කියන බවත්, මරණය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ දියතලාව රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා මරණය ගැන විවෘත තීන්දුවක් දුන් බවත් පොලිසිය කියයි.
ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යවා ඇති බවත්, දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.
ලහිරු රංජන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි සිසුවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනීවාර්යයෙන්ම මේ ගැන හොයා බලන්න .මෙතන අනවශ විදියට දඩුවම් දෙනවා ,වද දෙනවා ,එසේම ලිංගික අපයෝජනය සිදුවෙනවා .වගකීමෙන් කියන්නේ මේ ගැන හොයාබලන්න ඔහුගේ දෙමාපියන්ට සහය වෙන්න . (ත)
මිනිසුන්ගේ මානසික ගැටලු වලට කරගන්න දේවල් වලට යුද හමුදාවට දොස් තියන්න එපා. ශිරන්ති දන්න කෙහෙල්මලක් නෑ. (ස)
ඔය කියන පවුලේ වැදගත් කම අපි දැක්ක. අධිකරණ වෛද්‍ය නිලදාරී ගෙන් ඇහුවනම් කියයි. (ස)
මේ හමුදා පුහුණුවේදී අමානුශික විදිහට නවක වදය දෙනවා... සමහරවිට ඒක දරාගන්න බැරුව මැරුනද දන්නෑ... (ත)
වැදගත් පවුලක ළමයෙක් සියදිවි නසගනිවියයි විස්වාස කරන්න බෑ. සාධාරණ පරීක්ෂණයක් කරන්න. (ස)