හංවැල්ලේ අඹුල්ගම සියරට හෝටල හිමියාට පක්ෂව ඉඩම් නඩුවක තීන්දුවක් දීම සඳහා 2013 දී රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහ හා ඔහුගේ ආරක්ෂකයා වූ කොස්තාපල් මහින්ද කිත්සිරිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 15 වැනි දා විභාගයට ගන්නා බව මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ප්‍රකාශ කළේය.
දීපිකා ශ්‍යාමලී ජයවීරගේ පැමිණිල්ල අනුව නීතිපති මෙම නඩුව පවරා ඇත.
සුනිල් වික්‍රමසිංහලේ රියදුරාද වන කොස්තාපල් කිත්සිරි අල්ලස් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණයට දැන්වීය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවෝ 19 දෙනෙක් සාක්කියට කැඳැවෙති. නඩු භාණ්ඩ ගණන 16කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයක ඈනුමක් ගියත් මාස ගණනක් හිරේ යවනවා. නමුත් යුක්තිය පසිඳලීමට ඉන්න අයත් මෙහෙමයි කියලා දකිනකොට ලියන්න වචන නැහැ. (නි)
මෙහෙම අයට උපරිම දඬුවම් දියයුතුයි. නීති මදි නම් නීති හදලා හරි දැඩි දඬුවම් දෙන්න. නැත්නම් කවදාවත් අපේ රටට ගොඩඒමක් නැහැ. අනේ මේ නඩුවේ නිවැරදි මනුස්සයා මොනතරම් බලාපොරොත්තු තියාගෙන නීතිඥයින්ට වියදම් කරන්න ඇද්ද? (නි)
අපේ රටේ අධිකරණ පද්ධතිය විධිමත් කළයුතුයි. බොරුවට නඩු කල්දැමීමට නිතිඥයන්ට ඇති ඉඩකඩ වහාම වසාදැමිය යුතුයි. ඒ වගේම බොරුවට නඩු කල්දැමීමට උත්සාහ කරන පාර්ශවයන්ට එසේ කිරීමට නොහැකිවන සේ විනිසුරුවන් ක්‍රියා කළයුතුයි. එසේ නොවුණහොත් අසාධාරණය වන්නේ නිවැරදි පාර්ශවයටයි. (නි)
මෙහෙම අයද අපේ නඩු වල තීන්දු දෙන්නේ? මෙය හරියට වැඩකරන විනිසුරුවරුන්ටත් මහත්වූ කැළලක්. දැඩි දඩුවම් දියයුතුයි. නීතිය දැන දැනත් මෙහෙම කරනවා කියන්නේ ඉතාම භයානක තත්වයක්. අධිකරණය පිළිබඳ විශ්වාසනීයත්වය නැති කරනවා කියන්නේ සුළුපටු දෙයක්ද? (නි)
මේ අහුවුණේ එකක් විතරයි. තව කොච්චර මෙහෙම කරලා අහිංසක මිනිසුන්ට වැරදි තීන්දු දීලා ඇද්ද කියලත් හොයා බැලුවොත් වටිනවා. අධිකරණ අමාත්‍යතුමනි, මෙවැනි දේ නැවත නැවත වීමට ඇති ඉඩකඩ නැති කරන්න. නඩු ඉක්මනින් විසඳන ක්‍රියාපටිපාටියක් හදන්න. නඩු නිසා ජිවිතය විඳවන මිනිසුන් ගැනත් බලන්න. බහුතරය හම්බකරන තුට්ටුදෙක නිතිඥයින්ට දෙනවා, දිනයක් ගන්නවා, ගෙදර එනවා විතරයි. (නි)
නඩුවක තීන්දුව ගන්න මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා දන්නේ අසාධාරණයට ලක්වෙලා සාධාරණය බලාපොරොත්තුවෙන් උසාවි ගිය කෙනෙක්ම පමණයි. (නි)
බොරුවට නඩු කල්දාන සහ ඊට උඩගෙඩි දෙන සැමට අසරණ මිනිසුන් උදේ සවස කරන ශාප වදිනවාමයි. මොවුන් මේ විනාශකරන්නේ කාගේ හෝ ජීවිතයක වටිනා කාලය සහ රටේ සීමිත සම්පත් නේද? (නි)
උදේ සිට සවස් වනතුරු තමන්ගේ නඩුව කතාකරනතෙක් මඟ බලාසිටින, අතේ ඇති සල්ලි නීතිඥයන්ට ගෙවන, රස්සාවට යන්න විදියක් නැතුව ලතවෙන මිනිසුන් කොතරම් කාලයක් රස්තියාදු වෙනවද මේ අනවශය ප්‍රමාදය නිසා? වැරදිකාරයො තමයි කැමති කල්යන තරමට. හරි මනුස්සයා තමයි ඉක්මනින් විසඳෙනවාට කැමති. මේ සරල සත්‍ය නොතේරෙන කෙනෙක් ඉන්න විදියක් නැහැ. (නි)
නිවැරදි මිනිස්සු නඩු දානවා. ඒ ඉක්මනින් තමන්ට සාධාරණ තීන්දුවක් ලබාගෙන නිදහසේ ඉන්න. ඒ වගේම බොරුවටත් සමහර මිනිස්සු නඩු දානවා. නඩු කල්අදින්න කැමති ඒ වගේ කට්ටිය. මොකද තමන් දන්නවා තමන් වැරදියි කියලා. බලන්නේ තීන්දුව හැකිතාක් කල්මරලා, තීන්දුව දෙනතුරු හෝ කාගෙහරි දේපොළක් බලෙන් අල්ලාගෙන භුක්ති විඳින්න. (නි)
බොරුවට නඩු කල්දාන නිතිඥයින්/විනිසුරුවරුන් ගැන පැමිණිලි කළ හැකි ස්ථානයක් තිබෙනවා නම් වටිනවා. නඩුව කතාකළ දින ටික දුන්නහම තේරෙනවානේ මොනකරම් කාලය කාලා තිබෙනවද කියලා. (නි)
"දිසා විනිසුරුට එරෙහි පගා නඩුව" මොනතරම් අශෝභනද මෙහෙම දේවල් දකින්නට ලැබීම? (නි)
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා... මේවා සාමාන්‍යයෙන් හැමතැනම සිදුවන දේවල්. (නි)