‘මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළා. ඔවුන් සැබෑ භික්ෂූන්දැයි සොයා බැලිය යුතුයි. ‘ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.
‘‘ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියට අපහාස කළැයි කියන සිද්ධියක් මත අද රිමාන්ඩ් බාරයට පත් කළා. ඉන් පසුව උසාවිය අසල චීවර ධාරීන් පිරිසක් උසාවි භූමියට ඇතුළු වී කළබල කළා. එම සිද්ධිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් දුන්නා. වාර්තා වැලුභු පසු එය මල්වතු මහා නාහිමියන් හා කෝටටේ මහා නාහිමියන්ට ලබා දෙනවා.
නීතිය කාටත් එකයි. මේවා දකිද්දි බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි. විනය පිටකයක් තිබෙනවා. ඒ අනුව භික්ෂූන් කටයුතු කළ යුතුයි. නීතිය රැකිය යුතුයි.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති තුමනි, කුඩාපොළ හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ සුමංගල, අනගාරික ධර්මපාල වැනි හාමුදුරුවරු ගැනත් දැන් වුනත් කමක් නැහැ විනය පරීක්ෂණයක් තියල මහණ කමින් එලවල දැම්ම කියල ප්‍රකාශ කරන්න. (බ)
කණගාටුදායක කතාවක්. ඔබ බෞද්ධයෙක්ද? ලක්ෂ්මන් වික්‍රමසිංහ බිෂොප් තුමාටත් අපහාස කරන්නේ.(රේ)
අද වෙන දේවල් දකිනකොට හිතෙනවා, විනය පිටකයක් කියල එකක් තියෙනවද කියල.. (අ)
විනය පිටිකයක් තියෙන නිසා වෙන්න ඇති බුදු රජාණන් වහන්සේ පැනවු විනයට පිටින් තව විනය ගිහියන් විසින් පනවන්න යන්නේ භික්ෂුන් වහන්සේලා මර්දනය කිරිමට කාටවත් අයිතියක් නැත. (අ)
වාර්තා ඉල්ලනාව විතරයි (අ)
අගමැති තුමනි ඔබේ ප්‍රකාශය ප්‍රසංසනීයයි....මේ විදියට භික්ෂුන් හැසිරෙද්දී ගිහියන් කුමක් කළත් ප්‍රශ්නයක් නැත.. (ම)
රනිල් මැතිදුන්ගේ ප්‍රකාශය හරියට හරි.... ජයවේවා ඔබටත් රජයටත්...!!! (ම)
අගමැතිගේ කටේ මසුරන් දාන්න ඕනේ. (ම)
හිමියනි අප ඔබ සමගයි (අ)
ඇඹිලිපිටිය සිද්ධියේදී නිහඬව සිට මෙම සිද්ධියේදී ප්‍රතිචාර දැක්වීමෙන් වෙනස සහ අවශ්‍යතව හදුනාගත හැක. (අ)
චමත් භික්ෂුන් වහන්සේලා මර්දනය කිරිමට කාටවත් අයිතියක් නැහැ වගෙම් භික්ෂුන් වහන්සේලා ප්‍රචණ්ඩව හැසිරෙනන් සහ අධිකරණයට අපහස කරන්නත් අයිතියක් නැහැ, අප සියලු දෙනාම අධිකරණයට හිස නමන්න ඕනේ.(රේ)
අපි බෞද්ධයෝ කියලා බෞද්ධයන්ව නොමග යවන දේශපාලකයන්වත් රිමාන්ඩ් කරන්න ඕනා. (අ)
ඔබගේ අධිෂ්ඨානය සැඟ වූ ජාතික වීරයින් අවදි කිරීමයි .පින් සිදු වේවා ඔබට . (අ)
සඟ,වේද ,ගුරු,ගොවි,කම්කරු,පංච මහා බලවේග සියලු දෙනාම මහ මග.යහපාලනය නියමයි! (අ)
මෙන්න යුඑන්පී ආණ්ඩුවල වාර්තාව. 50 දශකයේදී කොතලාවල අගමැතිතුමා හාමුදුරුවන්ගේ ඇඟේ තාර ගානවා කිව්වා. 89 හාමුදුරුවන්ට කටුකම්බි සුප් දුන්නා. 2016 හාමුදුරුවරුන්ව සුද්දාගේ කාලයේ වගේ මර්දනය කරනවා. (අ)
ඔබ හරි අගමැති තුමනි (අ)
ඇඹිලිපිටිය ගැන වචනයක්වත් කියන්න බැරි වුණා නේ (අ)
එතකොට උසාවියට ගල් ගහපුවා ඒවා හොඳයිද (බ)
හාමුදුරුවන්ට විරුද්ධව ගිහියන් නීති දාන්නේ නැත. පනතින් කරන්නේ ඒ ඒ නිකායන්ට අවශ්‍ය නීතිමය බලය ලබාදීමයි (බ)
මහින්ද සෞදි ට දුක ඇති මහින්ද ඇති කරන ජාතිවාදයට නීතියෙන් දඩුවම් ලැබෙනවට.මේ ආණ්ඩුව ගැන තවම හොද පැහැදීමක් අපේ හිත වල නැහැ.නමුත් මහින්දගේ පාලනයට වඩා මෙය හොද බවනම් නොරහසක්.නිතිය කාටත් පොදුයි.චීවරයක් දරාගත් පලියට එය පලිහක් විදිහට භාවිතා කරගෙන පක්ෂ දේශපාලනයට කඩේ යන අයට මෙය හොද පාඩමක්.(බ)
මෙතන තියෙන්නේ ආණ්ඩුව පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. නීතිය සහ යුක්තිය පිළිබද ප්‍රශ්නයක්. යුක්තිය ඉටුවීම, ඉටුකිරීම ජාතිය හෝ රට ඉස්සහට දාල වලක්වන්න කාටවත් බැරි බව මතක තබා ගත යුතුයි. දඩුවම් දිය යුත්තේද ඒ අනුවයි. (අ)
ඔබ තුමා නැද්ද විශොෂ කතාවක් පවත්තන්නේ (අ)
රනිල් මහතා මේ වෙලාවේ සුදුසුම තීරණයක් ගනී කියලා හිතනවා (නි)
රනිල් අගමැතිතුමාට ජය වේවා! රට හරි මඟට ගෙනයාමට යෝධ බල ශක්තිය ලැබේවා! (නි)
කෝ මේ අපේ යහපාලන ජනාධිපති. අගමැතිට අතපසුවීමක් වෙලා කියන්නේ නැද්ද? (බ)
භික්ෂුන් මර්දනය නොකළ යුතුයි (බ)
උසාවියට බාධා කරන කිසිවකුට අනුකම්පා කරන්න එපා. (බ)
දිනේෂ්,ඔබට අමතක වුණාද 1966 ජනවාරි 8 වනදා කොල්ලුපිටියේදී දම්බරාවේ රතනසාර හාමුදුර්වන්ට වෙඩි තියල අපවත් කළෙත් ඒ ජා ප ආණ්ඩුවක් කාලෙමයි. (බ)
ඇමරිකාව බින්ලාඩන් බිහිකලා. බින්ලාඩන් ඇමරිකාවේ ලෝක වෙලද මධ්‍යස්ථානයට පහර දුන්නා. එය හේතුවක් කරගත් ඇමරිකාව මුළු මැදපෙරදිග පුරාම සිය හමුදා බලය ව්‍යාප්ත කලා. (අ)
අගමැතිතුමනි, රායප්පු ජෝශප් පුජකතුමා ගැන ඔබ වාර්තාවක් ඉල්ලන්නේ නැද්ද? ජනපතිතුමනි, අගමැතිතුමාගේ මේ අතපසු වීම ගැන ඔබ වාර්තාවක් ඉල්ලන්නේ නැද්ද. (බ)
අසාද්, දේශපාලනයට කඩේ යාම නිවට වැඩක්. (බ)
"බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි." (බ)
මෙතනදී රනිල් මහතා හරි (නි)
රනිල් මැතිදුන්ගේ කතාව ගැන පැහැදුණා (බ)
භික්ෂුවගේ කතාව ක්‍රියාව හා සංකල්ප ගිහියන් සේ නොවිය යුතුය ඥානසාර කරන කතාවල් මනුෂ්සත්වයට ගෙලපෙන්නේ නැහැ (කෞ)
සෑම හමුදුරුකෙනේකුටම ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා. එ් නිසා ජනමාධ්‍ය වලට පුළුවන් මේ උන්නාන්සේලාගේ ගුරු හාමුදුරුවන් මුණගැසී මේ ඇත්තන් මෙහෙම හැඟීම්වලට වහල්වී කටයුතු කරන්නේ ඇයිද කියා සොයාබලා ජනතාවට කරුණු දක්වන්න.මෙය ඉතාම වැදගත්. (බ)
දැන ගැනීමට අහන්නේ ...... චීවරයක් දරාගත් අයට නීති විරෝධී ඕනෑම වැඩක් කරන්න පුලුවන්ද ? රටක පවතින නීතියට ගරු නොකරන්න පුලුවන්ද ??.....(බ)
ජනපතිතුමා මේ වෙලාවේ සිල් අරන් ඉන්නේ. එතුමාට තමන්ගේ යන තැනට වැඩක් කරගන්නවා මිසක් රට ගැන හිතන්න බැහැ. එතුමා නිර්පාක්ෂිකයි. ඒ නිසා කවුරුත් ජනපතිතුමාගෙන් රටේ සිංහල බෞද්ධ උරුමය ගැන අහන්න එපා. (බ)
අගමැති තුමාට දැන් බටලන්ද වධකාගාරය අමතක වෙලා. මේ රටේ ජනපතිටත් ඒවා අමතක වෙලා. මේගොල්ලන්ට ගැතිකම් කරන අයටත් ඒවා අමතක වෙලා. හැකිනම් දැන් ඡන්දයක් තියන්න. (බ)
මේ සිද්ධියේදී සහ ඇඹිලිපිටිය/හිරුනිකා සිද්ධි වලදී ආණ්ඩුව හැසිරෙන විදිහෙන් ආණ්ඩුවේ අවශ්‍යතාවන් ඉතාම පැහැදිලියි. සමරගේ හරියටම හරි. බෞද්ධ ලේබල් ගහගෙන බුද්ධාගමට වින කටින අන්‍යාගමික මිෂනාරි දේශපාලකයින්ගෙන්, ඔවුන්ගේ යටිමගඩි වලින් තමයි බුද්ධාගම බේර ගන්න ඕනේ. (බ)
රනිල් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වල ක්‍රියා ගැන මෙහෙම කිසිම ප්‍රකාශයක් කරනවා අපිනම් කනකට අහල නෑ. බුද්ධාගමට ගහන්න අවස්ථාවක් අවොත් උඩ දාගෙන ගහන්න නම් ඕනේ තරම් සෙනග පෝලිමේ ඉන්නවා, බෞද්ධ ලේබලත් ගහගෙන. (බ)
ඇඹිලිපිටියට නීතිය වෙනස්ද? (ම)