ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම නව ආසන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ඇමැති ගාමිණී තිලකසිරි මහතා පත්කරනු ලැබීය.
ඔහු අද ජනාධිපති කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.
හෝමාගම සංවිධායක ලෙස සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉරිදා (22) කීවේය.
තිලකසිරි මහතා 1991 වසරේදී කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සිය දේශපාලන ගමන ඇරඹූ අතර 1993 දී පළාත් සභා මන්ත්‍රීවරයකු බවට පත්ව වැඩිම වාර ගණනක් දකුණු පළාත් සභාවේ වැඩ බලන ප්‍රධාන ඇමැති ලෙස කටයුතු කර ඇත. 1999 වසරේදී පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ද යෑමේ වරම් හිමිවූ තිලකසිරි මහතා 1996 සිට 2009 දක්වා හෝමාගම ආසන සංවිධායක ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
ඔබට. ජය නියතයි මුණ බැලුවම පේනවා මේ දවස්වල මම. මේ ගැන ඉගෙන ගන්නවා (රේ)
මගේ මල්ලි ගැන මම හොඳට දන්නවා කරපු වැඩ ගොඩ හෝමාගමට (අ)
සැහෙන කාලෙකට පස්සේ සාධාරණයක් ඉටු වුණාදෝ මන්ද? (බ)
සාදරයෙන් පිළිගනිමු..ඔබගේ යුතුකම සහ වගකීම නිවරදිව ඉටු කරන්න.(හේ)
ගමනක අවසානය. (බ)
මේ කව්ද? අදමයි දැක්කෙත්. (ර)
ඉදිරි වැඩකටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වේවා.(හේ)