බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අඟහරුවාදා (26) හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු පිරිස් අත් අඩංගුවට ගෙන ලබන 9 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝමාගම පොලිසිය සැරසෙයි.
අධිකරණයට අපහාස කිරීම, රජයේ නිළධාරීන්ට තර්ජනය කිරීම, රජයේ දේපළවලට හානි කිරීම, අයුතු ජන රාශිය, පොලිස් නිළධාරීන්ට පහර දීම, අධිකරණයේ නඩු භාණ්ඩ රැගෙන යාම ඇතුළු චෝදනා එකොළහක් පමණ මෙම පිරිසට ඇති බවත් එම කළහකාරීන් කවුරුන්ද යන වල වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඇසුරෙන් සෙවීම උසාවි නියෝගය මත මේ වන විට ආරම්භ කර ඇති බවත් හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය
ඔවුන්ගේ විස්තර සොයා බලා අධිකරණයට වාර්තා කරන බවද එම ප‍්‍රකාශකයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියක් ඉදිරිපිටින් යනකොට වාහනයක නලාව පවා සද්ද කිරීම තහනම් .එවන් ගරු කටයුතු තැනක මෙම හාමුදුරුවරුන්ගේ හැසිරීම කොයි තරම් හොදද?(කෞ)
මේ වගේ සිද්ධි දුරදිග ගෙනියන එක හොඳමදී මෙවන් රජයකට (කෞ)
කොළඹට කිරි අපිට කැකිරි. නීති ඔක්කොම කොළඹට විතරයි. (බ)
උසාවියට ගල් ගැහුවහම ගෞරවයක් දන්නේ නෑ නේද වෙන්නේ, සිංහල රටේ සිංහල අයට නිවට වෙන්න කියන කාලයක් (බ)
රටේ නීතියට ගරු නොකරන මදාවියන්ට දඩුවම් කරන්න .සිවුරු අටපිරිකර නම් ඔය ඕන තරම් කඩවල විකුනන්න තියෙන්නේ මදාවියන්ට ඇඳගෙන යන්න (බ)
අපේ රටේ මහේස්ත්‍රාත්ලාටත් ලැජ්ජාවක් කියල එකක් අබමල් රේණුවක් තරම්වත් නෑ. සාලිය අසාද් උසාවියට ගල් ගහනකොට මේස යට රිංගපු අය දැන් බුරන්න පටන් අරන් (බ)
මේ අය නිසා වැදගත් සිල්වත් හාමුදුරුවන්ටත් කරදරයක් ,සමාජයටත් කරදරයක් . ඔය මදවී අයගේ ගුරු ස්වාමීන් වහන්සේලා අවවාද දී හදා නොගත්තොත් මිනිසුන්ම වෙලාවක සිවුර ගලවා පැත්තකින් තියල හදල දේවි. රණ විරුවන් කියන්නේ කොළඹට වෙලා පාලකයන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කළවුන්ටද ? රණ විරුවන්ට අපහස කරන්න එපා .මේ ගැන රණ විරුවන් ළඟදීම පෙරමුණ ගන්න බව මතක තබා ගන්න (බ)
මෙම මැරයන්ට උපරිම දඩුවම් දෙන්න .සිවුරට මුවාවී මැරකම් කිරීමට ඉඩ දෙන්න එපා .නීතිය තදින් ක්‍රියාත්මක කරන්න .කොන්ද පන තියෙන නීති පතිවරයෙක්ව වහා පත් කරන්න . (කෞ)
මේ එඩිතර භික්ෂුව ගැන මට බයයි (නි)
නියමයි,නීති කඩබන අය අල්ලලා ඇතුලට දාන්න....(කෞ)
ගොඩක් අය රට වෙනුවෙන් හිරේ යන්න ලෑස්තියි,හාමුදුරුවොත් එහෙනෙ ඉන්නෙ.හාමුදුරුවො නිදහස් කරල මේක ඉවරයක් නොකලොත්,රටම ගිනි ගොඩක් වෙයි.මේ ප්‍රශ්නය හොදින් විසදන්න.(කෞ)
රටේ නීතියට උඩින් යන්න කාටවත් බැහැ.. නීතියට හා අධිකරණයට අපහාස කරමින් කලහකාරී ලෙස හැසිරුණ චීවරධාරී මැරයිනුත් , සිවිල් කලහකාරයොත් නිවැරදිව හඳුනාගෙන ඔවුන් සැමට දඬුවම් කල යුතුයි . එහෙම නොකලොත් මීට පස්සේ උසාවිවලට හැමදාම පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබා දෙන්න වේවි(කෞ) .
නීතිය ක්‍රියාත්මක නොවුනොත් මේවා දිගටම පවතීවි. (අ)
පසුපස සිටිනා ජාති වාදී සහ ආගම් වාදී බල ලෝබි දේශපාලකයන් සහ විදෙස් වලින් ලැබෙන මුදල් වලින් අපේ රටත් ජාතියත් නිර්මල බුදු දහමත් සඟ රත්නයටත් අපහාස කිරීමත් විනාශ කිරීමේ අරමුණ සහ කොන්ත්‍රාත්තුවක් කරන මෙම සේනාව සහ තවත් සංවිධාන , විසින් කඩෙන් ඉතා ලෙහෙසියෙන් ගන්නට පුළුවන් කහ රෙදි සිවුරු පොරවා ගෙන කරනා මේ විනාශය ඉතා ඉක්මනින් නවතා දැම්මේ නැතිනම් , අපට ඉදිරියේ අපේ කියා ආගමක් ජාතියක් නැති වනවා නොඅනුමානය , බෞද්ධ දර්ශනය යනු අවිහිංසාවාදී සියලු ජාතින් සියලු ආගම් අදහන සියලු දෙනා සමග යන දර්ශනයකි (බ)
තිස්ස කොටියෝ , එතකොට බුද්ධි අංශය රණ විරුවෝ නොවෙයිද? (අ)
මෙවන් සිද්දි නැවත නොවන්නට මීට සම්බන්ද සියලු දෙනාට උපරිම දඩුවම් දිය යුතුය. නීතිය අතට ගන්න කාටවත්ම බෑ (අ)
යාපනයේත් මෙහෙමෙ දෙයක් වුණා මතකයි. (අ)
යාපනයේදී උසාවි වලට ගල් ගහපු අය හොයල දඬුවම් දුන්නද? (අ)
තිස්ස, ඔබ හරි. පිට පෙනුමට හෝ සිවුරට හෝ නිල ඇඳුමට ආවරණය වූ පමණින් කෙනෙක් ඒ තනතුරේ ගෞරවය ලබන්නේ නැහැ. ඒ පදවියේ ගවුරවය රකිමින් කටයුතු කලොත් විතරයි බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ හෝ රණ විරුවෙක් වෙන්නේ. (කෞ)
යුද්ධය වෙන එකක්, යුධ විරුවන් වුණත් නීති විරෝධී යමක් කළොත් නීතිය ක්‍රියාත්මක විය යුතුය. ෝක ලෝකයේ ශීලාචාර හා ශිෂ්ට සම්පන්න රටක වගකීමක්. මේ ගොඩක් දෙනෙක් තේරුම් නොගනීද? (බ)
දැඩි දඬුවම් දියයුතුයි (නි)
තිස්ස, ඔබ හරි. රණ විරුවන් කියන්නේ කොළඹට වෙලා පාලකයන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කළවුන් නෙමේ. දැන් ඔවුන් වෙනුවෙන් කෑගහන්නෙත් හිටපු පාලකයන්ගේ අවතාර. මේ හමුදුරෝවොත් කාගේ ගෝලයෙක් ද කියල රටම දන්නවා . අවි පුහුණුවකුත් දීල තියෙන්නේ . ඇත්ත රණවිරුවන් ට හා සීලවත් හාමුදුරුවරුන්ට අපේ ගෞරවය (බ)
මේ ප්‍රශ්න දිගට ගෙනියන එක ආණ්ඩුවටත්, රටටත් හොඳ නැහැ. (ම)
හොඳ වැඩේ චණ්ඩි වගේ හැසිරෙන හැමෝටම. සිවුරක් දාගත් පමණින් හාමුදුරු කෙනෙක් වෙන්නේම නැහැ. (නි)
යහ පාලනය අපිට විතරද ? .... (ම)
රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවද බලමු (ම)
බුද්ධි අංශ හිරේ දමා කොටි නිදහස් කිරීමට විරුද්ධව හඬ නගපු හාමුදුරුවරු, කලගුණ දත් මිනිස්සු රොත්තක්ම එකපාර අල්ලලා හිරේ දාල හමුදා පාවාදීමට විරුද්ධ හඬ නවත්තල දාන්න හොඳම අවස්ථාවක්.. ජයවේවා! (ම)
මොන වරදක් තිබ්බත් පවතින නීතියට යට වෙන්න සියලුම ශ්‍රී ලංකා වාසින් එකග විය යුතුයි .සිවුර දැම්මා කියල නීතිය අවලංගු වෙන්නෑ දැන් දේශපාලකයෝ නෙමේ රට කන්නේ. (බ)
මොළයක් නැති ආණ්ඩුවක් ඇයි (බ)
ඇයි ශය නිතිය හැමොටම එක සමාන නැත්තේ. හිරුනික ට එක විදියක්,ඥානසාර හමුදුරවන්ට එක විදියක්, අබිලිපිටිය පොලිචියට තව විදියක්. මේකට නෙවෙයි යහපාලනය කියන්නේ. මගේ රට ඉක්මනින් නිරාරදි විය යුතුයි.(කෞ)
උපරිම දඩුවන් දෙන්න ඕන (අ)
මේ වෙලාවෙ මේ අයට දඬුවම් නොදුන්නොත් ඒක ආණ්ඩුව කරන ලොකුම මෝඩකමක්. මොකද ඊටපස්සෙ මේ අය බය නැතිවෙලා හැම එකටම යකා නටන්න ගනීවි. (නි)
පහුගිය රජය නීතිය නිසි ලෙස කළේ නැතිවුණාට කරන්න දෙයක් නැහැ. දැන් නීතිය නිසි ලෙස කළයුතුයි. (නි)
වඳ වී යන සිංහලයන් වෙනුවෙන් මෙවන් හිමිවරු දස දහස් ගානක් තවතවත් බිහිවේවා? (ම)