හෝමාගම උප සභාපති අල්ලන්න පෙර පොලිසියට යයි
හෝමාගම හිටපු ප්‍රාදේශිය සභාපති හා වත්මන් උප සභාපති ඉන්දික කෝරළගේ ඇතුළු පස් දෙනෙක් අද (1) පොලිසියට බාර වූහ. ඔවුන් සමග තවත් හතර දෙනෙක් පොලිසියට බාර වූහ.
ඔවුන් ව්‍යාපාරිකයකුට ගොඩගම හෝටලයකදී පහර දුන්නැයි කියන වීඩියෝ පටයක් ප්‍රබල සාක්කියක් වී ඇත.
තමා පහර නොදුන් බවත් රණ්ඩුවක් බේරීමට ගිය බවත් කෝරළගේ කියයි.
සවස 4.55
ගොඩගම හෝටලයක දී ව්‍යාපාරිකයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම හිටපු ප්‍රාදේශිය සභාපති හා වත්මන් උප සභාපති ඉන්දික කෝරළගේ ඇතුළු පස් දෙනා ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැසිරීම නම් අන්තිමයි. (නි)
විඩියෝ පටියේ පේන්න තියෙද්දී කියනවනේ ගැහුවේ නැහැ කියලා. (නි)
මේ රටේ වෙන අපරාධයන්ට පසුගිය රජය, පවතින රජය සහ පොලිසිය වගකියන්න ඕනෑ (නි)
අඩුවක් නැතුව වාහන හා අනෙකුත් පහසුකම ලැබුන නිසානේ ප්‍රාදේශීය සභාපති හා මන්ත්‍රීලා රාජපක්ෂ මහත්තයාගේ පස්සේ යන්නේ. මේවා අල්ලස්. මේ අයට බයිසිකලයක් දුන්නම හොඳටම ඇති. (නි)
චරිත, මෙයාලා පන්නන එක අපිම ක්‍රියාත්මක කළොත් මිසක් රජයකින් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
මේ කට්ටිය යම්කිසි න්‍යායක් ඔප්පු කරන්න උත්සාහ කරන බව වැටහෙන්නේ නැද්ද? ඒ තමයි පහරදීම ප්‍රශ්න විසඳීමේ කෙටිම ක්‍රමය වේ කියන න්‍යාය. දැන් බලන්න, මේ න්‍යාය අනුව එක්කෙනෙක් ගාල්ලේ හෝටල් කුස්සි ප්‍රශ්නයක් විසඳුවා, එයාම ළමයින්ට පාසල් ලබාදීමේ ප්‍රශ්නයක් විසඳුවා. මෙයත් හෝටල් ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කළා අර න්‍යාය සනාථ කරන්න. කිසි වරදක් තියෙනවද? (නි)
කතා දෙකක් නැහැ. අපේ මිනිස්සු කැමති මේ වගේ අයට තමයි. ඒ නිසානේ ඡන්දෙත් දීල මන්ත්‍රී තනතුරකුත් පුදලා තියෙන්නේ (නි)
නීතිය කාටත් පොදු වියයුතුයි (නි)
ඇස් තියන ඕනෑම කෙනෙකුට පේනවා පුටුවක් උඩ සැප පසුවට වාඩිවෙලා රණ්ඩු කර කර හිටිය හැටි (බ)
මිනිසුන්ගේ පරිප්පු ඇටේට සිට බදු ගහලා ගන්න සල්ලි වියදම් වෙන්නේ මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා කට්ටියට වාහන අරගෙන දෙන්නයි, පිටරට සාවාරි යන්නයි. දැන්වත් පළාත් සභා ප්‍රාදේශීය සභා අහෝසි කරන්න. (ම)
ලක්ෂ දෙතුන් සීයේ වාහන පර්මිට් ලැබෙන කොට රාජ උශ්නය ඔලුවට එනවා. (ම)
මේ වීඩියෝ එක මම හිතන්නේ මෙරට හා පිටරට ජීවත් වෙන සියලු දෙනා දකින්න ඇති. මොහුට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතයි. (ර)
සියලුම ආයතනවල් කොමසාරිස් පාලනයේ තිබ්බොත් හොඳයි. (ර)
මෙන්න අපේ නායකයෝ. (ර)