කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකිර්ණයේ දී හිමිකරුවකු නොමැතිව නතර කර තිබු ඩිපෙන්ඩර් ජිප්රියක් අද (21) සොයාගත් බව නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක හා මහනුවර දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහත්වරු පවසති.
ජිප් රිය පසුගිය මැතිවරණ සමයේ කවුරුන් කවර දේකට යොදා ගත්තේ ද යන්න සොයා බලන ලෙස රංජන් රාමනායක මහතා පොලිසියෙන් ඉල්ලීමක් කළේය.
ජිප් රිය 2434 දරණ මෙම වාහනය 2013.05.16 වාහන නඩත්තු හා සේවා කටයුතු කර ඇති බව වාහනය තුළ තිබු පොතේ සඳහන් කර ඇත.
කිලෝමීටර 3,92,749 ධාවනය කොට ඇති බවද එම පොතේ දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දක් තිස්සේ මේ ඝාතනය කිරිමට සැලසුම් කර ඇත්තේ. මොකක් හරි හේතුවෙක් වෙන්න ඇති.(හේ)
තවත් සතියක් පමණ ජනතා අවධානය දිනා ගතහැකි සුපුරුදු මොඩලයේ කෙටි චිත්‍රපටයක් වගෙයි කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
මෙයාලට ඉතින් වෙන වැඩකුත් නැහැනේ (නි)
මදැයි මේක හොයාගන්න මෙච්චරකල් ගියා (නි)
මේවා මෙහෙම නතර කරලා යන එක මොනතරම් අනාරක්ෂිතද? කාලයක ඉදන් තිබුනා නම් මෙච්චරකල් හොයාබැලුවෙ නැත්තෙ ඇයි. (නි)
තාජුදීන් ඩිෆෙන්ඩර් එකද දන්නේ නැහැ ? (බ)
ඇති යාන්තං දෙයක් සොයාගත්තා. (බ)
අන්තිමට මේ වාහනය තිබුනේ මොන අමාත්යංශෙද කියල හොයන්න එච්චර අමාරු නැනේ ... හොයල රටට හෙළි කරලා ඒවෙනුවෙන් ගත්තු පියවර මොනාද කියලත් මේ විදිහටම පින්තුර ගහල පෙන්වන්න . එ්කයි නියම හෙවිල්ල (බ)
මේවා මෙයාටම පේන්නේ මෙයාගේ මොකක් හරි සම්බන්දයක් ඇති (බ)
මීට වඩා ගොඩක් දේවල් පහුගිය කාලේ එළිවුනත්, කෝ තාම දළ ඇත්තෝ කවුරුවත් ඇතුලට ගත්තේ නැහැනේ. ඩීල් පප්පලා ලොකු පුටුවල ඉන්නකම්, ඔය හැමදෙයක්ම පුස් ඇමතිතුමනි. (බ)
අනේ අයිතිකාරයෙක් නැත්නම් මට දෙන්නකෝ. මම කවදාවත් ඩිෆෙන්ඩරයකට නැගලාවත් නැහැ. (නි)
කවුරුහරි පොඩ්ඩකට නතර කරලා යන්න ඇති (නි)
කෙසේවෙතත් පසුගිය රජයේ අක්‍රමිකතා නම් ටික ටික හෙළිවෙනවා (නි)
දැන් බලනකොට වාහන පිටරටින් ගෙන්වන්න අවශ්‍ය නැහැ වගෙයි (නි)
අනේ මහත්තයෝ, දැන්වත් ඔය විකාර නවත්න්න (නි)
මම නම් කියන්නේ කාටහරි අමතකවෙලා දාලා ගිහින් ඇති. මවු ඩිෆෙන්ඩරය කැලේට යන්න ඇති (නි)
ඩිෆෙන්ඩර් හොය හොයා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නැහැ වගෙයි (නි)
කොච්චර ශාක්ෂි තිබුනත් මොන බඩු ඇල්ලුවත් හැමෝම නිදැල්ලේ. (ර)
අර අලි පැටියා ගෙනත් දැම්ම වගේ පොඩි ළමයෙකුට සෙල්ලම් කරන්න ගෙනාපු වාහනයක් වෙන්න ඇති. (ම)
අපිට දැනගන්න ලැබෙයි ඉක්මණටම ඒ ඩිෆෙන්ඩරය කාගෙද කියලා (නි)
අද පාර්ලිමේන්තුවේදී කතාබහ මේ සිද්ධිය මුල්කරගෙන කරන්න බැරියෑ එහෙනම් (නි)
මේ සංකීර්ණයේ තියෙන්නේ අබලි ද්‍රව්‍යද? නැත්නම් වාහනයක් මෙතුවක්කල් නොපෙනෙන්න තරම් කැලයක්ද? එහෙමත් නැත්නම් අපි හරිද, ඔවුන් අන්ධද? (නි)
සොයා ගැනීමට නොබෙල් ත්‍යාගය ඉල්ලා දෙමු (ම)