ජනතාව පීඩනයට පත් කරපු යම පාලනයෙන් මිදී 17 වැනිදා එතුමා යටතේ නියම යහපාලනයක් ඇති කරන්න කියා හිටපු ජනපති කියනවා. මේ යහපාලනය කරන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ මුල් ආසනය ගන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනපති එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. සන්ධානයේ සභාපති. මහින්ද රාඡපක්ෂ කියන්නෙ අපිට තේරෙන විදිහටනම් මේ යම පාලනය ගෙනියන්නෙ තමන්ගෙ පක්ෂේ නායකයා බව යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙලිඔය පැවැති ඡන්ද රැස්වීමකදී කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටට ඡන්දෙ දෙන අය අසරණ වී ඇති බවත් තමන්ට රජයෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයිද නැතිනම් ඡන්දය නොදී ගෙදර ඉමුද කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන අය සිතන බවත් ඒ අයගෙන් එක්සත්ජාතික පක්ෂයට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටින බවත් මොන පක්ෂයට අයිති වුණත් ඔවුන්ගේ අනාගතය භාරගන්නා බවත් අග්‍රාමාත්‍ය වරයා පැවැසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අතීතයේ එක පක්ෂයක් දරුවන්ගේ අනාගතය බාරගත්තා වගේ නෙමෙයි නේද? (නි)
රටේ ජනතාවගේ අනාගතය භාර ගැනීම අගමැතිවරයාගේ වගකීමක්. එතැනට පක්ෂය අදාළ නොවේ. (ම)
ඔව් ඔව් එහෙම කරමු නේද? (නි)
එහෙම කරනවා නම් ඉතින් නියමයිනේ (නි)
ඒක ඇත්ත. අපි මොවුන්ව පාර්ලිමේන්තුවට යවන්නේ ඒ සඳහා බව ඔවුන්ට අමතකවෙලා. (නි)
ආසියාවේ මිණි පහනට ජයවේවා! (නි)
රටේ ජනතාවගේ අනාගතය බාරගන්න මෙතුමා දිනන්න එපායැ ඉතින්. අපි බලමුකෝ... (නි)
හිටපු ජනාධිපති මහින්ද මහතා බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කළා එහි ගෞරවය එතුමාට හිමිවිය යුතුයි. නමුත් එතුමා ජාතිවාදී විෂබීජය ඉවත් කිරීමට කිසිම පියවරක් ගත්තේ නැහැ ඒ වගේම රටේ ආදායම වැඩි නොකර අධික බදු පනවා විදේශ ණය මුදල් වලින් රට සංවර්ධනය කරන්න බැංකු නිලධාරියෙකුට වුනත් පුළුවන්..ඉතින් රනිල් මහත්මයෝ ඔබතුමාත් ඒ දේම කළොත් අපිට දෙවියන්ගේ පිහිටයි. (බ)
මම හිතන හැටියට නම් අගමැති හෝ ජනපතිධූරය දේශපාලන පක්ෂයක තනතුරක් නොවේ (නි)
ආසියාවේ මිණිපහනට ජය වේවා !! (නි)