IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිමි නමක් මග මරුට බිලි

ත්‍රීවිල් රථයක් හා බස් රථයක් බ්‍රහස්පතින්දා (17) මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ත්‍රීවිල් රථයේ ගමන්ගත් රියදුරු හා තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.

රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ විසූ ඒ හිමියෝ  අවමගුල් උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් දන්තුරේ සිට පිළිමතලාව දක්වා  එන අතරතුරදී දන්තුරේ දෙසට ධාවනය කල ලංගම බස් රථයේ හැපීමෙන් සිදුවූ අනතුරින් පසු රෝහල්ගත කිරීමෙන් පසු අපවත්වූහ.

සියඹලාගොඩ අයගම දි අනතුර සිදුවූ බවත් ත්‍රී රෝද රියදුරු මහනුවර මහ රෝහලටත් එහි ගමන් ගත් අනෙක් දෙදෙනා පේරාදෙණිය රෝහලටත් ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය කියයි.

බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.

web_2015918 web_20159182s51 web_201591817



අදහස් (0)

හිමි නමක් මග මරුට බිලි

කුමාර රාජකරුණා Friday, 18 September 2015 08:00 AM

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සිට සියළු දේ ගැන නැවත සළකා බැලිය යුතුයි. මේ අංශයේ බොහෝ දේ කෙරෙන්නේ අල්ලසට යට වෙලා. වාහන එලවන්න බැරි අයට බලපත්‍රය ලැබෙනවා. විභාගය එහෙම පිටින්ම ප්‍රෝඩාවක්. උත්තර සමඟ ප්‍රශ්න කලින්ම දන්නවා. අලුත් රියදුරන් මාර්ග නීති දන්නෙ නෑ. කොටින්ම වටරවුමේදී බලපාන දකුනේ නීතිය දන්නේ නෑ. ආරක්ෂාව ඉතාම අඩු මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ පාරේ යන්නේ ඉතාම අඩු සැලකිල්ලෙන්. මේ අනතුරු වැඩිවීමට මුල ඒකයි.(ම)

:       0       0

සරත් Friday, 18 September 2015 05:22 AM

පාරට වැටෙන වාහන ගණන අඩු කරන්න නැතිනම්,මාර්ග වල ඇති වාහන වලට සරිලන විධියට මාර්ග පුළුල් කරන්න .නැතිනම් හැමදාම මෙවැනි පුවත් තියෙයි (බ)

:       0       0

දිනේෂ් Friday, 18 September 2015 10:14 AM

මමනම් එකපාරටම දැක්කේ බස් එකේ ගහල තියන "සම්බුදු සරණයි" කියන එක ....(බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 18 September 2015 06:08 AM

මෙම අනතුරට කාගේ හරි සම්බන්ධයක් තියෙනවද කියල සොයා බලන්න (ම)

:       0       0

ශෂී Friday, 18 September 2015 10:39 AM

බලන්න මේ ත්‍රීවීල් එක පස්සෙන් වැදිල තියෙන්නේ, ගොඩක් අනතුරු වෙන්නෑ අලුත් රියදුරන් අතින් නෙවෙයි, පරණ අයගෙන්. ඒ කාලේ හරි මෙඩිකල් එකක් නැතුව, හරි පුහුනුවක් නැතුව ගත්ත ලයිසන් හින්දයි. දැන් සීනි,ප්‍රෙෂර්, බැලීමේ දුර්වල ඔක්කොම ඇති . මන් කියන්නේ පරණ ලයිසන් ටික අායෙත් මුල ඉදන් දුන්නානම් හරි (බ)

:       0       0

ස්මිත් Friday, 18 September 2015 06:30 AM

පොලිසිය අල්ලස් ගන්න එක අඩු කරලා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනි, නිසි දඬුවම් දෙන්න ඕනි රියදුරු බලාත්‍ර අහෝසි කල යුතුයි. (ම)

:       0       0

නලීන් Friday, 18 September 2015 07:51 AM

අපවත්වූ රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ හිමියෝ ට නිවන් සුව ලැබේවා! තුවාල වුවන්ට නීරෝගි සුවය ලැබේවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site