ත්‍රීවිල් රථයක් හා බස් රථයක් බ්‍රහස්පතින්දා (17) මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ත්‍රීවිල් රථයේ ගමන්ගත් රියදුරු හා තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ විසූ ඒ හිමියෝ අවමගුල් උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් දන්තුරේ සිට පිළිමතලාව දක්වා එන අතරතුරදී දන්තුරේ දෙසට ධාවනය කල ලංගම බස් රථයේ හැපීමෙන් සිදුවූ අනතුරින් පසු රෝහල්ගත කිරීමෙන් පසු අපවත්වූහ.
සියඹලාගොඩ අයගම දි අනතුර සිදුවූ බවත් ත්‍රී රෝද රියදුරු මහනුවර මහ රෝහලටත් එහි ගමන් ගත් අනෙක් දෙදෙනා පේරාදෙණිය රෝහලටත් ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය කියයි.
බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සිට සියළු දේ ගැන නැවත සළකා බැලිය යුතුයි. මේ අංශයේ බොහෝ දේ කෙරෙන්නේ අල්ලසට යට වෙලා. වාහන එලවන්න බැරි අයට බලපත්‍රය ලැබෙනවා. විභාගය එහෙම පිටින්ම ප්‍රෝඩාවක්. උත්තර සමඟ ප්‍රශ්න කලින්ම දන්නවා. අලුත් රියදුරන් මාර්ග නීති දන්නෙ නෑ. කොටින්ම වටරවුමේදී බලපාන දකුනේ නීතිය දන්නේ නෑ. ආරක්ෂාව ඉතාම අඩු මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ පාරේ යන්නේ ඉතාම අඩු සැලකිල්ලෙන්. මේ අනතුරු වැඩිවීමට මුල ඒකයි.(ම)
පාරට වැටෙන වාහන ගණන අඩු කරන්න නැතිනම්,මාර්ග වල ඇති වාහන වලට සරිලන විධියට මාර්ග පුළුල් කරන්න .නැතිනම් හැමදාම මෙවැනි පුවත් තියෙයි (බ)
මමනම් එකපාරටම දැක්කේ බස් එකේ ගහල තියන "සම්බුදු සරණයි" කියන එක ....(බ)
මෙම අනතුරට කාගේ හරි සම්බන්ධයක් තියෙනවද කියල සොයා බලන්න (ම)
බලන්න මේ ත්‍රීවීල් එක පස්සෙන් වැදිල තියෙන්නේ, ගොඩක් අනතුරු වෙන්නෑ අලුත් රියදුරන් අතින් නෙවෙයි, පරණ අයගෙන්. ඒ කාලේ හරි මෙඩිකල් එකක් නැතුව, හරි පුහුනුවක් නැතුව ගත්ත ලයිසන් හින්දයි. දැන් සීනි,ප්‍රෙෂර්, බැලීමේ දුර්වල ඔක්කොම ඇති . මන් කියන්නේ පරණ ලයිසන් ටික අායෙත් මුල ඉදන් දුන්නානම් හරි (බ)
පොලිසිය අල්ලස් ගන්න එක අඩු කරලා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න ඕනි, නිසි දඬුවම් දෙන්න ඕනි රියදුරු බලාත්‍ර අහෝසි කල යුතුයි. (ම)
අපවත්වූ රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ හිමියෝ ට නිවන් සුව ලැබේවා! තුවාල වුවන්ට නීරෝගි සුවය ලැබේවා (හේ)