අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ බෞද්ධ සමායෝජක හිමියන්හට අද උදෑසන පෙට්‍රල් දමා ගිනිතැබීමට තැත් කළැයි කියන දහම්පාසල් ප්‍රධානාචාර්යවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම සිදු වීම සමතයකට පත් කිරීම සදහා එම ස්ථානයට ගිය අම්බලන්තොට පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාටද සැකකරු පෙට්‍රල් ගැසු බව පොලීසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවරුන්ගේ ප්‍රශ්න දකිනකොට මතක් වෙන්නේ අර සේනාවමයි (නි)
අජිත් කරුණාරත්න මහතා, ඔබේ අදහස නම් කාලෝචිතයි. එහෙත් ක්‍රියාමක කරන්න සුදුස්සෝ හොයා ගන්න ටිකක් අමාරු වේවි. මොකද කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියෙනවා කියනවා නේ? (නි)
ඔය එක එක සංවිධාන තියෙන්නේ අන්‍යාගමිකයන්ගේ අඩුපාඩු හොයන්න විතරමද ??? (ස)
ලෝකයේ සියල්ලෝම බෞද්ධ භික්ෂූන් හැටියට පැවිදි වූවත් ඔහූන් අතර සත්‍යාවබෝධය ලැබූ එක පූද්ගලයකූත් නැත්නම්. සියල්ලෝම පාපයෙහි අධර්මයෙහි ගැලී වෙසෙත් නම් ඔහූන් තූල බෞද්ධ ශාසනයක් පවතී යැයි සීතන්න පූලූවන්ද ?බූදූ බණ දෙසූවා නිරන්තරේ.බූදූ බණ ඇසූවා නිරන්තරේ. ගති ගූණ අතින් අපි තවමත් වනන්තරේ..... (ස)
"මුතුකුඩ" මුතුකුඩයක් නෙමෙයි. ආවේග වලට මිනිස්සු ගිනිතියන අමාරුවක් තියෙන්නේ අමනුස්සයෙකුට මිසක් මනුස්සයෙකුට නෙමෙයි. නොදන්නා දේ කථාකරලා අපේ ආවේගය අවුස්සා ගන්න එපා. (නි)
චේතනාහං භික්ඛවේ කම්මං වදාමී නිසා, හිතු හිතූ විදියට මිනි මරන්න යොමුවෙනවා. චේතනාව තමාගේ වාසියට නේ හැමදේටම. (නි)
මේ බුද්ධ ශාසනයේ අවසාන කාලයේ ලකුණු තමා පෙන්නුම් කරන්නේ. (නි)
අන්තෝ ජටා බහී ජටා. විකාර සංවිධාන ආරම්භ වෙන්න කලින් මෙහෙම ප්‍රශ්න තිබ්බේ නෑ නේද ? (ස)
මේකට තමා කියන්නෙ, අපෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු. (ස)
හාමුදුරුවරුන්ට බනින්න මෙය හොද අවස්ථාවක් කරගන්නවා සමහර අනුවණ කුහක අය. නමුත් පුවතෙහි තිබෙන්නේ උන්වහන්සේ පහරදීමකට සහ ජීවිත අවදානමකට ලක්වුණ බවයි. නමුත් බනින්නේ එය කළ අයට නොවෙයි හමුදුරුවන්ටයි. මේ වගේ අය බුද්ධ කාලෙත් ඉන්න ඇති, මුගලන් හිමිට හොරු ගහලා පිරිනිවන් පෑවම සම්බුද්ධ ශාසනයට සහ සගුන්ට බැන්න පිරිසකුත් එකලත් ඉන්න ඇති. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්, ඔයාගේ අදහස් වලට මම ගරු කරනවා. අපිට ඕන ඔයාල වගේ මුස්ලිම් සහෝදරවරු. මම කැමතියි ඔයාල වගේ අය අදුන ගන්න. (ස)
අන්‍ය ආගමිකයන් මෙහෙම අදහස් පලකරනනේ ධර්මයට ධර්මෙයන් උත්තර නොදි බලය පාවිචිචි කරලා, ගහලා කඩලා බය කරලා කරන වැඩ නිසා. (ස)
මන් ළඟ බෙහෙත් තියනවා ඔය ලෙඩවලට .(නදී)
විජේසිංහ හා අසංග මහත්වරුන්ට මාගේ ප්‍රණාමය. හිල්මි මහත්මයාටත් ගොඩාක් ස්තුතියි සත්‍ය අවබෝධ කරදීම පිළිබඳව. අසංග මහත්මයා, අපි ආවේගශීලීව ගන්න කිසිම තීරණයක් කිසිදිනක අපට වාසිදායක වන්නේ නැහැ. (නි)
හැම දේටම බොදුබල සේනාව අල්ලන්නේ මොලේ හොඳ නැද්ද.. මෙකේ ලියන අයටත් ඒ ගුරාට වගේම පිස්සු වෙන්න ඇති.. (ස)
හිමි නමකට කරදරයකට මුහුණ දෙන්න වුනේ. ඒක ගැන අදහස් කියන්නේ නැතිව සිත.්වල තියෙන කුහක කම ප්‍රදර්ශනය කරනවා.(නදී)
ඕවට උත්තර දෙන්න මම දන්නේ නැහැ.(නදී)
මෙම ගුරා ලඟට දහම ඉගෙන ගන්න දරුවන් යවන දෙමපියන්ටයි පෙට්‍රල් ගහන්ට තියෙන්නේ. (ස)
නිසැකවම මෙයාට මොලේ ආබාධයක්. දහම් පාසලේ ගුරු මණ්ඩලයෙනුයි දරුවන්ගෙනුයි ඇහුව නම් කියයි. ඒ දෙපිරිස පහුගිය කාලේ කොයි තරම් තද පීඩනයකට පත්වෙලා ඉන්න ඇද්ද කියල හිතාගන්න පුළුවන්. හැබැයි, නඩුවෙන් නම් වැඩක් වෙන එකක් නැහැ. (ස)
විජේසිංහ මහතාණනි, ෆස්රුල් ගෆූර් - කටාර් වගේ මුස්ලිම් අය ඕනෑතරම් ලංකාවේ ඉන්නවා, නමුත් සාමාන්‍යයෙන් මුස්ලිම් අය කාර්යබහුලයි සහ සමාජයේ නිරාවරණය වීමට වැඩි කැමැත්තක් නොදක්වයි. (නි)
ආසියාවේ ආශ්චර්ය (ස)
මෙයා අර කට්ටියේ කෙනෙක්ද දන්නේ නැහැ (නි)
මොකද වෙලා තියෙන්නේ ලංකාවේ ගුරුවරුන්ට ? අර සේනාව වග කියන්න ඕනේ අද ජනතාවට මැර බලය ඉගැන්නුවාට. (ස)
කිසිම වරදක් නැති අයව ජීවිතාන්තය දක්කා හිරේ දානවා සාක්කි නැතිව. ඒත් මේ ඇස් ඉදිරිපිට වැරදි කරන අයට මුකුත් නෑ. අනේ මන්දා. (ස)
හි හි හි ඔන්න තවත් බෞද්ධ ප්‍රතිපලයක්.... ඉතින් කොහෙද අනාගත බෞද්ධ පරපුර හදා ගන්නේ. (ස)
අනේ ලොකු හාමුදුරුවනේ.. ධර්ම සංගායනාවක් කරලා චීවර දාගත් අය කරන අමන වැඩ නවතන්න කාලය ඇවිත්. (ස)
ලංකා කිඹුහුමක් ගියත් සෙනාව මතක් වෙන්නෙ... ඔයාගෙ වෘක හම ගලවලා ඔයා කවුද කියන්න. අපි නම් දන්නවා ඔයා කවුද කියලා. (ස)
මේකා නම් මනුස්සයෙක් නෙමෙයි. වෙසමුනියා වෙන්න ඕනා. (ස)
ඔය හාමුදුරුවෝ ෂුවර් එකටම ජල්තර වැඩක් කරලා ඇති. ඒකයි ආචාර්ය වරයාට මෙච්චර කේන්ති ගිහින් තියෙන්නේ. (ස)
පත්තරේ බැලුවොත් හාමුදුරුවන්ගේ පුශ්ණයක් මොකක්ද මේකේ තේරුම? (ස)
ස්වාමින් වහන්සේනමකට පෙට්‍රල් දාලා ගිනි තියන්න තරම් ආවේගයක් දහම් පාසැල් ප්‍රධානාචාර්ය වරයකුට ඇතිවෙන්න නම් ස්වාමින්වහන්සේ අතින් විදගත නොහැකි තදබල අසාධාරණය වරදක් ඔහුට සිදුවෙලා ඇති මෙහි දෙපැත්තක් තිබෙනවා. (ස)
ඔය කිවුවට මට නම් විශ්වාස නැහැ (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
රට එක් පැත්තකින් දියුණුවද්දී අනෙක් පැත්තෙන් කඩාවැටීමක් තිබෙනවා (නි)
බොදු බල සේනව,සිංහල රාවය , රාවනා බලය එකතු වී ඉදිරියට පැමිණ සිංහල බෞද්ධ අපේ ප්‍රශ්න විසදුම් දෙන්න. (නි)
එක තැනක හිමිනමක් මත් පැන් බීල අල්ලාගෙන. මෙතන පෙට්‍රල් දාල පුච්චන්න යනවා. එක දවසක තිබුන හාමුරුනමක් මත්පැන් බීල වහනයක් පදවද්දී නොච්චියාගමදී අල්ලලා නඩු දාල දඩ ගහල. අත් හිටුවල හිරේට නියම කරලා. අනේ මන්ද? මොනවද කියල වාහන රියදුරු හාමුදුරුවෝ තාම මේ පැත්තේ පන්සලක ඉන්නවා.සංඝාධිකරනවලින් මේ හාමුදුරුවරු පිළිබඳව තීරණයක් ගන්න බැරිද?අඩු ගන්නේ බුද්ධ සාසනය ගැනවත් හිතලා. (ස)
බොදු බල සේනාවේ වටිනාකම තේරෙන්නේ සැබෑ බෞද්ධයෙකුට විතරයි. විවේචන වලින් බොදුබල සේනාව කෝපවෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස ඉදිරිපත් කළ හැකියි. අපි ලංකාවේ නියම බෞද්ධයෝ. හැබැයි කාටවත් අපහාස කරන්නේ නැහැ. (නි)
බරපතල පාපකර්මයක් කරන්න ගිහින් තියෙන්නේ.ඇති යන්තම් පොලිසිය මැදිහත් වෙලා පාපකර්මයෙන් ගලවා ගත්තා. (නි)
දභම් පාසල්වල ප්‍රධානාචාර්ය තැන ගත යුත්තේ එම පන්සලේම බෞද්ධ භික්‍ෂූන්වහන්සේ විසින්මය. ගිහි සමහර අය මේ වගේ තනතුරුවලට පත්වීමේන්, පසූ පන්සලම පාලනය කරන්න හිතනවා. එහි එක් ප්‍රතිඵලයක්ද විය හැකියි. මෙවැනි අයගෙන් සමාජයටම හිසරදයක්. මේවා දැකලා අහලා සමහර අය කාලකන්ණි සතුටකින් අදහස් පල කිරීමෙන් ඔබද දුෂ්ඨ මිනිසෙකු නොවන්න. ඔබ කුමණ ජාතිකයකු, ආගමිකයකු වුවත් මිනිසුන් හැටියට මෙවැනි දේ අනුමත කළ හැකිද? (ස)
ආරියසේනගේ කතාව සමිපුර්ණ ඇත්ත. (නදී)
ඔය කියන හිමිනමගෙන් මටත් විශාල අකටයුත්තක් සිදුවුනා. ඕක තමයි කියන්නේ අපි ඉවසුවාට හැමෝම නොඉවසන බව ඒ ස්වාමින් වහන්සේ දැන ගත්තා නම් හොදයි.(නදී)
ලංකා කියන කෙනාටත් මොලේ අමාරුවක් හැදිලද.මේ සේනාවක් මතක් වෙන්නේ (ස)
දැන් නම් අහන්න දකින්න වෙන්නේ මේ දවස්වල ගුරු වරුන්ගේ රණ්ඩුම තමයි. (ස)
මම නම් ඔය කියන 'ලංකා' නෙමේ. මම 'ලංකා ශ්‍රී' යනුවෙනුයි පෙනී සිටින්නේ. (ස)
කෝ අර සේනාවන් දැන් කොහිද ?මේගොල්ලන් ? (ස)
මේ දිනවල භික්ෂූන් වහන්සේලා ගැන පලවන පුවත් ගැන බෞද්ධ නොවුනත් යම්කිසි කලකිරීමක් ඇතිවෙනවා. මොන ධර්මය වුනත් සෑම ආගමික නායකයෙකු සතු වගකීම වන්නේ ධර්මය ආගම අනුව ජීවත් වීම පමණක් නොව සියලුදෙනා ධර්මයානුකූලව ජීවත් කරවීම. ඒ වගකීම ඔවුනට පැවරිලා තිබෙනවා. මෙම පුද්ගලයා උන්වහන්සේව මරන්න තරම් සිදුවීමක් තිබෙන්නට පුළුවන්. කෝප වෙලා අදහස් ලිවීමට වඩා ශාසනය විනාශ කරන අය හඳුනා ගැනීම සියලු බෞද්ධයන් ගේ වගකීම බව අවධාරණය කරමි. (ස)
ලංකාගෙ ලෙඩේ රන්ජනීටත් බෝවෙලා වගේ. (ස)
හැම දේටම සේනාව මතක් වෙලා අදහස් දාන අය සිංහල නම් වලින් පෙනී සිටිමින් බෞද්ධයන්ට විරුද්ධව කඩේ යන කොන්දක් නැති අය නේද? (ස)
බුදුදහම තහනම් කරමුද? අන්‍ය ආගමිකයන්ගෙන් අවුරුදු ගානකට පස්සේ එක වරදක් උනාම එම ආගම තහනම් කරන්න කියන ගොයියල මේකට කියන අදහස මොකද්ද ? (ස)
ෆස්රුල් ගෆූර්, මම ඔබගේ අදහස් වලට නිතරම ගරු කරන කෙනෙක්.අද ඇත්තටම මොනම ආගමක බැලුවත් මේ වගේ අය ඉන්නවා.ඔබ නුවණක් තියන කෙනෙක් බව මට තේරෙනවා. ෆස්රුල් ගෆූර් ඔබට තේරෙනවා ඇති සමහරක් අයගේ අදහස් බැලුවම බහුතරයක් තමන්ගේ නම් වෙනස් කරලා තමයි මෙතන අදහස් පළ කරන්නේ. මමත් ගරු නායක ස්වාමින් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපේ බුද්ධ දර්ශනයට නොගැලපෙන වැඩ කරන තරුණ ස්වාමින් වහන්සේලාට උපදෙස් දී යමක් කරන්න කියා. (ස)