නිසි ලේඛන නොමැතිව මහරගම පුවක්පිටිය පන්සලේ සිටින බව කියන අලි පැටවා ගැන පරීක්ෂා කිරීමට වනජීවී නිලධරයන් සමග ගිය මාධ්‍යවේදීනට එහි සිටි හිමි නමක් බැන වැදී පහර දෙන්නට උත්සාහ කළ බව මාධ්‍යවේදීහු කියති.
‘කුණු අවුස්සන්න එපා‘ යනුවෙන් හිමි නම ඔවුනට බැන වැදුණු බව කියයි. වනජීවී නිලධරයන් කියනුයේ ඉදිරිපත් කළ ලියවිලි අනුව අලි පැටවාගේ වයස අවුරුදු 13 ක් විය යුතු බවයි. එහෙත් එහි සිටින අලි පැටවාගේ වයස අවුරුදු 8 ක් බව ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි හිර කරලා තියා ගන්න බැහැ මෙය අලි යුගය (නදී)
අනේ අලි පැටිය නිසා උපන් අවුරුද්ද අමතක වෙන්න ඇති. අර ෆේස් බුක් එකේ ලස්සනට සුද්දෙක් දාල තියෙන්නේ ගංගාරමේ ඉන්න අලි පැටියෙක් ගැනත්. එ්කත් හොයල බැලුවද ? නැත්නම් ඉහල පැලැන්තියේ නිසා අත්හැරලා දැම්මාද? (නදී)
සියලුම පන්සල් වල ඉන්න අලි ඔක්කොම නිදහස් කරන්න. මින් ඉදිරියට මොනම හේතුවක් නිසාවත් අලි පැටවු පන්සල් හා වලව් වල හදන්න ඉඩදෙන්න එපා (නි)
අනේ කාලේ වනේ වාසේ (නදී)
මෙතන සිටින ගිහි පුද්ගලයෙකුගේ ඉරියවු දෙස බලද්දී අපිට පෙනීයන්නේ වම් පය බුරුලෙන් තබා දකුණු කකුලට බර දී දකුණු අත හාමුදුරුවන් වෙත දිගු වී ඇති බවකි. හාමුදුරුවන්ට දබරඟිල්ල දිගුකොට යමක් දයාවෙන් හා භක්තියෙන් පවසනවා වියයුතුය. අවට ඉන්නා අයගේ මුහුණු වලින්ද කියවෙන්නේ එයමයි කියා සිතේ. (නි)
අලි වලිගයේ එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්නද දන්නේ නැහැ මෙහෙම පන්සල් වල අලි තියාගෙන ඉන්නේ? (නි)
අපි අපේ අර සේනාවට කියලා බලමු (නි)
ඔය පන්සල ගැන ගොඩක් දේවල් අපි දන්නවා (නි)
මේක මාර වැඩක්නේ. කැලේ ඉන්න සත්තු නම්බුව පෙන්වන සංකේතයක් වෙලා. දෙන්න ඕන රජ කාලේ දඩුවම් (නදී)
සමහරු හාමුදුරුවන්ව වැරදිකාරයා කරලත් ඉවරයි. කවුද දන්නේ අලියට බලපත්‍ර තිබෙනවද කියලා (නි)
මේ විජේරාම පන්සල නේද ? (නදී)
හාමුදුරුවෝ කියන්නේ මහත්තයෝ අන්න අර පැත්තේ තමයි ඌ බැඳලා ඉන්නේ කියල නෙමේද? (නදී)
දැන් කොහොමත් පන්සල් බුදු පිළිම අනවසර ඉදි කිරීම්නේ (නදී)
මේ අලි ප්‍රශ්නය බලි ඇරියත් විසදෙන්නේ නැති පාටයි. (නදී)
අලියව පන්සලේ තියල හාමුදුරුවන්ව කුදලාගෙන යන්න. එතකොට හරි. (නදී)
හරක්, කුකුලන්,උරන් සහ එළුවන් මරා කන සමාජය පෙරහරේ යන අලින් ගැන පමණක් අනුකම්පා කිරීම පසු පස වෙනත් අරමුණක් තියෙනවා පන්සලේ අලින්ට අත තිබ්බොත් අනිත් අලි බෞද්ද ජනතාව විසින් වන ගත කරනු ඇත (නදී)
අපි ඔය පන්සල ගැන හොඳට දන්නවා (නදී)
හොඳ කතෝලික අයත් ඉන්නවා (නදී)
දැන් මේ අලියාව නඩත්තු කරන්නේ කාගේ වියදමින්ද? දායකයන්ට බල්ලෙක්වත් ඇතිකරලා කන්න බොන්න දෙන්න බැරි කාලයක් පසුවුණේ. (නි)
ඉසුරින්දිට ඔලුවේ අමාරුවක් තියනවා වගේ. දානයට, පිරිතට , පාංශකූලයට වඩින්නෙ අලිද? බුදුදහමට නිගරු කරන්න එපා. (නි)
මෙහි ඇති රූප රාමු බලනකොට පෙනීයන්නේ ගිහි පුද්ගලයා හාමුදුරුවන්ට තර්ජනය කරන ආකාරයයි. හාමුදුරුවෝ කියනවා ඇත්තේ එව බලව කියලා වෙන්න ඇති . (නි)
දැන් අලුත්ම වැඩේ අලි සෙවීමද මන්දා? (නි)
ආණ්ඩුව හැමවේලාවෙම වැරැදි හොයන්නේ හිටපු ජනාධිපතිට මඩ ගහන්න.ආයේ බලයට එයි කියල බයක් තියෙනවා.(දිල්)
මේ රටේ පෙරහැරවල් වලට අලි සම්බන්ධ කරගත්තා.අදත් නුවර පෙරහැර කිව්වහම අපිට ආඩම්බරයක්.හැබැයි මේක දැකලා හැම පන්සලක්ම මේ විදිහට ලොකුවට පෙරහැරවල් කරන්න ගත්තා.ළඟදි අපේ පැත්තේ අලි දාලා කඨින පෙරහැරකුත් කළා.අනවශ්‍ය වැඩනේ! ප්‍රධාන පෙරහැර වලට පමණක් අලින් යොදාගන්නවා නම් හොඳයි. (නි)
අපේ හාමුදුරුවනේ, දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක් බව අමතක වුණාද? (නි)
චීවරධාරීන් තමයි දැන් පන්සල්වල 99% ක් ඉන්නේ. මම පුද්ගලිකව ඔය ලොකු ලොකු පන්සල් වල ඉන්න චීවරධාරීන් ගැන හොඳට දන්නවා. ලැජ්ජයි ඒවා කියන්න, මම බොද්ධයෙක් නිසා. උඩ බලාගෙන කෙළ ගැසුවා වගේ වෙයි. (නි)
හාමුදුරුවනේ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළොත් වෙන දේ දන්නවානේ නේද? (නි)
අනේ! හරක්, කුකුළන්,ඌරන් ගැනත් මේ කරුණාවම පහළකරන්න මිනිසුන්ට පුලුවන් නම්.... (නි)
සතුන්ට උන්ගේ නිදහස නැතිකරලා උන්ව සිරකරගෙන ඉන්න එක පාපයක් කියලා පව් පින් ගැන අපිට කියලාදෙන උතුමන්ට වැටහෙන්නේ නැද්ද? සමහර ස්වාමීන් වහන්සේලා සුඛෝපභෝගී ජීවන රටාව අතහැර වනගතවෙලා විමුක්තිය සොයනවා. තවත් පිරිසක් මේ සතුන්ගේ ප්‍රියයන්ගෙන් උන්ව ඈත්කරලා සිරකරලා පව් පුරවාගන්නවා. (නි)
සිවුරු දමාගත් සියලු දෙනා භික්ෂුන් නොවේ. සමහරු අද කාලයේ ජීවත්වීමට, වාසියට, සමහර ව්‍යාපාර වලටත් සිවුරු දමා භික්ෂුන් වශයෙන් පෙනීසිටිනවා. (නි)
ධනන්ජය, බලපත්‍රයක් තිබුණු පලියට හැමදේම හරිද.? එහෙමනම් බලපත්‍ර සහිතව තිබෙන සුරාසැල්, ගව ගාතකාගාර වැනි දේත් යහපත් දේවල් වෙන්න ඕන නේද.? (ර)
අනුර, අලියා වඳවී යන සතෙක් බව දන්නේ නැද්ද? (නි)
පෙරහරේ යන අලි ගැන ඇයි මෙච්චර හොයන්නේ? (නි)
අලි ඉන්න ඕනෑ පන්සල් වල තමයි. ඇයි මොකකද ප්‍රශ්නය? පෙරහැර වලට එහෙම පන්සල් වල ඉන්න අලි තමයි ගන්නේ එදා ඉඳලම (නි)
දැන් ඉන්න සමහර හාමුදුරුවරු සිල්වත් නැහැ. ඉස්සර නම් හාමුදුරුවරු හරිම සිල්වත්. දැන් සමාජය හරිම සංකීර්ණ වෙලා. සිල්වත් බවත් පිරිහිලා. (දිල්)
ඉස්සර කාලයේ පන්සල් වල අලි හිටියද පින්වතුනි? (නි)
පන්සලටවත් අලියටවත් තිබෙන ආදරයක් නෙමෙයි මේක (නි)
අලි නොවෙයි, කොටි ඇතිකරන්න ගනියි මෙහෙම යනකොට (නි)
වහාම අලි පැටියා බාරගන්න. මේ ඔක්කොම හොරට අල්ලාගෙන තිබෙන පැටවු වෙන්න පුලුවන්. කිසිම සමාවක් දෙන්න එපා. අලි සිටිය යුත්තේ වනාන්තරයේ. පන්සල් වල නෙමෙයි. සතාව කරුණාකරලා නිදහස් කරන්න. මේකද සත්ව කරුණාව? (නි)
මේ නීතියක් සංවරයක් නැති අයට නිසි දඬුවම් ලබාදෙන්න (නි)
නිවන් යන්න පහසු වෙන්නද අලි පැටවු පන්සල් වල තියාගෙන ඉන්නේ? (නි)
ඔය මම ගැන තර්ජන ගර්ජන කරන අය මට ආහාරයට ගන්න කිතුල් ගස් කෑල්ලක් කොළ අතු ටිකක් ගෙනත් දෙනවද? මීට ඔබේම අලිපැටියා (නදී)
හාමුදුරුවෝ වුණත් කැත වැඩ හොඳ නැහැ (නි)
අලියෙක් නඩත්තු කරන්න තරම් වත්කමක් කොහෙන්ද පන්සලකට? (නි)
නිවනට යන්න පෙර දිව්‍ය ලෝකයේ යන්න සමහරු කැමති ඇති (නි)
පන්සල් වලට මොකටද අලි? මම දැක්කා කලින් ඇත් පැටවාගේ කකුල් වල තුවාල පැල්ලම්. අර දම්වැල් වලට. මේක මහ අපරාධයක්. සියළු අලි පැටවූ අල්ලා කැලයට මුදාහරින්න ඕනෑ (නි)
ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ නීතිය අනුව බෞද්ධ භික්ෂූන්ට අලි ඇතුන් වැනි සතුන් බාරගැනීම සහ උන් තම සන්තකයේ තබාගැනීම විනය විරෝධීයි. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රය බලන්න.දීඝ නිකායේම තවත් සූත්‍ර ගණනාවකම ඒ කරුණු එලෙසින්ම දේශනාකර ඇත. යම් භික්ෂුවක් අලි ඇතුන් තම සන්තකයේ තබාගෙන සිටිනවා නම් ඔහු ගෞතම බුද්ධ ශාසනයේ බෞද්ධ භික්ෂුවක් නොවන්නේමය. (නි)
දැන් අපේ රටේ ඇතිවී තිබෙන යහපත් වාතාවරණයත් සමඟ මෙවැනි සිදුවීම් වීම සුදුසු නැහැ. අපේ ආගම දහම ආරක්ෂා කරනු විනා එය විනාශ කිරීම නොකළ යුතුයි. (නි)
ආණ්ඩුවට අලි කුලප්පුව (නදී)
ඔය පන්සලේ 1990 ගනන්වල හිටිය හාමුදුරුවොමද තව ඉන්නේ? (නදී)
පන්සල් වලට අලි අවශ්‍යද සතුන්ට හිරිහැර කරන එක පාපයක් නෙවිද (නදී)
දැන් මේ අලින් නඩත්තු වෙන්නේ ආණ්ඩුවේ මුදලින්ද? නැත්නම් දායකයින්ගේ මුදලින්ද? කාගේ වුණත් ඒ දේවල් වල යම්කිසි පිළිවෙලක් තියෙන්න ඕනෑ. (නි)
සසරෙන් එතෙර වෙන්න අලියෙක් ඕනෑ බව මේ කාටවත් තේරෙන්නේ නැහැනේ. හැමදේම පෙනෙන්නේ නුහුරට (නි)
මේ වගේ අය ගැන ඉක්මන් තීරණයක් ගතයුතුය (නි)
පන්සල් වල ඉන්න ඔයවගේ හිමිවරු කැලයට යැවුවොත් එතකොට එයාලට තේරෙයි සත්තු පන්සල් වල ඉන්නකොට සතුන්ට මොනවා දැනෙනවා ඇද්ද කියලා. (නි)
එතකොට මේවා පරීක්ෂා කරන්න හොඳ නැද්ද? (නි)
සාදු සාදු සාදු!!! ආයුබෝ වේවා! (නි)