IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හබරාදුවේ එජාප ප්‍රචාරය පොලිසිය නවතයි

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතුවල යෙදීමට උත්සාහගත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ඇතුළු පිරිසක් හරවා යැවූ බව හබරාදුව පොලිසිය කියයි. විවිධ පෙදෙස්වලින් බස්රථ හා වෙනත් වාහනවලින් පැමිණි පිරිසක් මෙලෙස ප්‍රචාරක කටයුතුවලට සූදානම් වූ බවත් 15 දෙනකුට වැඩි පිරිසක් ගෙන්ගෙට යාම නීතිවිරෝධී බැවින් 750ක් පමණ වූ පිරිසක් යළි හරවා යැවූ බවත් පොලිසිය කියා සිටියේය. ඔවුන් පැමිණි වාහනවල අලවා තිබූ ඡන්ද ප්‍රචාරක ස්ටිකර් හා දැන්වීම් සියල්ල ඉවත් කළ බවත් අපේක්ෂකයාගේ වාහනයේ නම, රූපය හා අංකය ප්‍රදර්ශනය කළ හැකි බැවින් එම රථයේ පමණක් ස්ටිකර් ඉතුරු කළ බවත් පොලිසිය පවසයි.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා පැවසුවේ තමන් හබරාදුවේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරය බාර ගැනීමෙන් පසු එහි ගිය මුල් අවස්ථාවේ දී ම පොලිසිය මෙලෙස ක්‍රියා කළ බවයි. 5000ක් පමණ වූ අතිවිශාල පිරිසක් තමන් පිළිගැනීමට සිටිය ද පොලිසියේ දැනුම් දීමට අනුව ඔවුන් හරවා යැවූ බව ද හෙතෙම කීවේය.



අදහස් (0)

හබරාදුවේ එජාප ප්‍රචාරය පොලිසිය නවතයි

නිමලරත්න Sunday, 19 July 2015 02:46 AM

නියම පිට කොන්දක් ඇතිව ක්‍රියාකළ එම පොලිස් නිලධාරියාට ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා (ම)

:       0       0

රුවන් Saturday, 18 July 2015 02:35 PM

මේක තමයි යහපාලනය කියන්නේ. (නදී)

:       0       0

පද්මිණී Sunday, 19 July 2015 11:52 AM

වෙනසකට මුල පිරුවා විතරයි. පොලිසියට ප්‍රණාමය! යහපාලනයට ප්‍රණාමය! නිතිය වළලා පොලිසියේ කොන්ද කඩලා තිබුණු යුගය ඉවරයි. (බ)

:       0       0

චතුර Saturday, 18 July 2015 03:00 PM

හබරාදුව පොලෝසියේ පිටකොන්දක් නැති අය ඉන්නේ. පහුගිය කාලේ වීරක්කොඩි කියන විදියට නට නටා හිටියේ. හෙට වීරක්කොඩි සෙනග එක්ක අාවම නැට්ට පස්සේ ගහගෙන පොලෝසිය හැංඟෙනවා (නදී)

:       0       0

සෙලන්සියුස් Saturday, 18 July 2015 05:03 PM

කවුරු දිනුවත් කවුරු පැරදුනත් රටක් හැටියට පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙලෙස කෙලින් වැඩකරන තත්වයකට පත්කළේ මේ කාලයේ තමයි (නදී)

:       0       0

ගයන්ත Sunday, 19 July 2015 07:27 AM

නියමයි, මේක තමයි වෙන්න ඕන. මේ ක්‍රමය අවරුදු 2-3 ක් කරගෙන ගියොත් දේශපාලකයොයි ජනතාවයි මේකට හුරු වෙනවා. එතකොට හරි. (ම)

:       0       0

ජයපාල Saturday, 18 July 2015 01:25 PM

නියමයි! හබරාදුව පොලිසියට අපේ ආචාරය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site