මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතුවල යෙදීමට උත්සාහගත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ඇතුළු පිරිසක් හරවා යැවූ බව හබරාදුව පොලිසිය කියයි. විවිධ පෙදෙස්වලින් බස්රථ හා වෙනත් වාහනවලින් පැමිණි පිරිසක් මෙලෙස ප්‍රචාරක කටයුතුවලට සූදානම් වූ බවත් 15 දෙනකුට වැඩි පිරිසක් ගෙන්ගෙට යාම නීතිවිරෝධී බැවින් 750ක් පමණ වූ පිරිසක් යළි හරවා යැවූ බවත් පොලිසිය කියා සිටියේය. ඔවුන් පැමිණි වාහනවල අලවා තිබූ ඡන්ද ප්‍රචාරක ස්ටිකර් හා දැන්වීම් සියල්ල ඉවත් කළ බවත් අපේක්ෂකයාගේ වාහනයේ නම, රූපය හා අංකය ප්‍රදර්ශනය කළ හැකි බැවින් එම රථයේ පමණක් ස්ටිකර් ඉතුරු කළ බවත් පොලිසිය පවසයි.
ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා පැවසුවේ තමන් හබරාදුවේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරය බාර ගැනීමෙන් පසු එහි ගිය මුල් අවස්ථාවේ දී ම පොලිසිය මෙලෙස ක්‍රියා කළ බවයි. 5000ක් පමණ වූ අතිවිශාල පිරිසක් තමන් පිළිගැනීමට සිටිය ද පොලිසියේ දැනුම් දීමට අනුව ඔවුන් හරවා යැවූ බව ද හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම පිට කොන්දක් ඇතිව ක්‍රියාකළ එම පොලිස් නිලධාරියාට ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා (ම)
මේක තමයි යහපාලනය කියන්නේ. (නදී)
වෙනසකට මුල පිරුවා විතරයි. පොලිසියට ප්‍රණාමය! යහපාලනයට ප්‍රණාමය! නිතිය වළලා පොලිසියේ කොන්ද කඩලා තිබුණු යුගය ඉවරයි. (බ)
හබරාදුව පොලෝසියේ පිටකොන්දක් නැති අය ඉන්නේ. පහුගිය කාලේ වීරක්කොඩි කියන විදියට නට නටා හිටියේ. හෙට වීරක්කොඩි සෙනග එක්ක අාවම නැට්ට පස්සේ ගහගෙන පොලෝසිය හැංඟෙනවා (නදී)
කවුරු දිනුවත් කවුරු පැරදුනත් රටක් හැටියට පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙලෙස කෙලින් වැඩකරන තත්වයකට පත්කළේ මේ කාලයේ තමයි (නදී)
නියමයි, මේක තමයි වෙන්න ඕන. මේ ක්‍රමය අවරුදු 2-3 ක් කරගෙන ගියොත් දේශපාලකයොයි ජනතාවයි මේකට හුරු වෙනවා. එතකොට හරි. (ම)
නියමයි! හබරාදුව පොලිසියට අපේ ආචාරය (නදී)