(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ ඕහිය රේට්ටුවේලි වත්තේ පාළු නිවසකින් බෝම්බ සෑදීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවූ බව හපුතලේ පොලිසිය කියයි .
වැස්ස නිසා පාළු නිවසකට ගොඩ වූ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීහු පිරිසකට මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී ඇත .
මෙම නිවසේ කිසිවෙකු සිට නොමැති අතර අයිති කරු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම සඳහා පස්සර විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.
ඩෙටනේටර් දෙකක් ,වෙඩි බෙහෙත් කුඩු ඊයම් කැබලි ,වයර් ,බෝම්බ සෑදීමට ගන්නා කොටස් දෙකක් හමු වූ ද්‍රව්‍ය අතර වන බව පොලීසිය කියයි.
මෙම නිවසට ආ ගිය අය පිළිබඳ තොරතුරු හමු වී ඇති බවද හපුතලේ පොලීසිය කියයි .
හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාගේ මහතා ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ සිරිසේන? මොනවද කරන්නේ? කොටි නැගිටිනවෝ...
ඡන්දෙ ලඟම එනකොට තවතව දේවල් හම්බ වෙන්න ගනියි.
සම්පන්දන් මහතා ඉල්ලීමක් කොට තිබුණනේ, එතුමාගේ වර්ගයේ අයගේ පුරාවස්තු සොයන්න උනන්දුවෙන් නැහැ කියා.. මෙන්න ඔබතුමන්ලාගේ පුරාවස්තු හමුවෙලා.. ඇවිත් බාරගන්න.
උතුරේත්, දකුණේත් මේ ඇවිලීමට යන්නේ අන්තවාදී කණ්ඩායමක් මගින් ද්‍රවිඩ ප්‍රජාව, ජනතාව තුළින් මෙතෙක් එවැනි අවදානම් තීරණයක් ගෙන නොමැති බව පේනවා.
මහා මැතිවරණය නිමාවෙනතුරු මෙවන් පුපුරන ද්‍රව්‍ය බොහෝ හමුවිය හැක...
දැන් ඡන්දයත් ළඟයිනේ..!!! ඉදිරියේදී තවතවත් බඩු හම්බවේවි...