දක්ෂිණ අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකක අනතුරු බැලීමට වේගය අඩු කළ වාහන දෙකක් අනතුරට ලක් විය.

කහතුඩුව පිවිසුමේ කිලෝමීටර් 5.4දී ඉදිරියෙන් ගිය වාහනය යකඩ වැටේ හැපුණේය. එම අනතුර බැලීම සඳහා පසුපසින් ආ වාහනයක් වේගය අඩු කරද්දී තවත් වාහනයක් ඒ වාහනයේ හැපුණේය.

කුරුඳුගහ හැතැප්මේදීත් එවැනි අනතුරක් සිදු විය.

මඟුල් ගෙදරකට යමින් සිටි පිරිසක් රැගෙත් වාහනයක් යකඩ වැටේ දෙවරක් වැදී කැරකී අඩි 15ක් පල්ලමට වැටුණේය.

ඒ අනතුර බලමින් වාහනයක ආ ආරක්ෂක අංශ සාමාජිකයකුගේ රියේ රේගු නිලධරයකුගේ වාහනයක් හැපුණේය.