දකුණු අප්‍රිකාවේ සත්ත්වෝද්‍යානයක හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින්නීය. බලු පැටවකු තරම් වූ හැරී නමැති මේ පැටවා පෝෂණය කරන්නේ එම සත්ත්වෝද්‍යානයේ සේවිකා ටෝනි ලැග්ස් නමැති සේවිකාව විසිනි.
දින හතක් වයසැති පුංචි හිපෝ පැටවා තම නිල නිවසට ගෙනගිය ටෝනි පැය තුනකට වතාවක් කිරි මිලි ලීටර් 125 ක් බැගින් ලබාදෙමින් එම පැටවා පෝෂණය කරන්නීය. කුඩා ළමුන් නාවන බේසමක් දැන් හැරීගේ වාසස්ථානය වී තිබේ. දින හතකදී කිලෝ ග්‍රෑම් පහක බර වර්ධනයක් ලබා ඇති හැරීට සාමාන්‍ය ආහාර ලබාදිය හැක්කේ මාස තුනකට පසුව බැවින් ටෝනි මාස තුනක කාලයක් හැරීගේ කිරිමව ලෙස වෙන්කරන්නට තිරණය කළ බව සත්ත්ව උද්‍යානයේ කළමණාකරු පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සත්වයාට මැරෙනකම් මතක තියේවි.
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ......
අනේ පව් පැටියා.
ඉතා හොදයි. මේ මනුෂ්‍යත්වයේ ස්වභාවයයි.
ඔබ සොබා දහමට ඇති ණය ගෙවාදැමුවෙක්
මේ රූප රාමුත් එක්ක, ඇති ගල් පරයෙන් හමුවූ දරුවා බලන්න. මොකද හිතෙන්නේ?
සමහර ඇමැතිවරු මේකට මොවන කියයිද?
අනේ මිනිසුනේ දරුවන්ටත් මේවගේ දරුසෙනෙහස දක්වනවානමි කොයිතරමි හොදද?
අනේ මේ හිපෝ පැටියා මම උනා නම්...
මිනිසත් බවේ උතුම් අවස්ථාවක්..