IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිපෝ පැටවාට මිනිස් මවක්

දකුණු අප්‍රිකාවේ සත්ත්වෝද්‍යානයක හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින්නීය. බලු පැටවකු තරම් වූ හැරී නමැති මේ පැටවා පෝෂණය කරන්නේ එම සත්ත්වෝද්‍යානයේ සේවිකා ටෝනි ලැග්ස් නමැති සේවිකාව විසිනි. දින හතක් වයසැති පුංචි හිපෝ පැටවා තම නිල නිවසට ගෙනගිය ටෝනි පැය තුනකට වතාවක් කිරි මිලි ලීටර් 125 ක් බැගින් ලබාදෙමින් එම පැටවා පෝෂණය කරන්නීය. කුඩා ළමුන් නාවන බේසමක් දැන් හැරීගේ වාසස්ථානය වී තිබේ.  දින හතකදී කිලෝ ග්‍රෑම් පහක බර වර්ධනයක් ලබා ඇති හැරීට සාමාන්‍ය ආහාර ලබාදිය හැක්කේ මාස තුනකට පසුව බැවින් ටෝනි මාස තුනක කාලයක් හැරීගේ කිරිමව ලෙස වෙන්කරන්නට තිරණය කළ බව සත්ත්ව උද්‍යානයේ කළමණාකරු පවසයි.  



අදහස් (0)

හිපෝ පැටවාට මිනිස් මවක්

වින්. වික්‍රමනායක Sunday, 08 April 2012 04:54 PM

ඒ සත්වයාට මැරෙනකම් මතක තියේවි.

:       0       0

බන්දුල Sunday, 08 April 2012 06:06 PM

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ......

:       0       0

රොහාන් රණතුංග Sunday, 08 April 2012 06:59 PM

අනේ පව් පැටියා.

:       0       0

සම්පත් Sunday, 08 April 2012 07:56 PM

ඉතා හොදයි. මේ මනුෂ්‍යත්වයේ ස්වභාවයයි.

:       0       0

ශ්‍යාම් Sunday, 08 April 2012 08:14 PM

ඔබ සොබා දහමට ඇති ණය ගෙවාදැමුවෙක්

:       0       0

ඩුබායි සිට දිලීප Sunday, 08 April 2012 09:12 PM

මේ රූප රාමුත් එක්ක, ඇති ගල් පරයෙන් හමුවූ දරුවා බලන්න. මොකද හිතෙන්නේ?

:       0       0

සෑම් Sunday, 08 April 2012 09:23 PM

සමහර ඇමැතිවරු මේකට මොවන කියයිද?

:       0       0

අලිබබා Sunday, 08 April 2012 10:07 PM

අනේ මිනිසුනේ දරුවන්ටත් මේවගේ දරුසෙනෙහස දක්වනවානමි කොයිතරමි හොදද?

:       0       0

අමල් සමරවීර - මාලදිවයින Sunday, 08 April 2012 11:39 PM

අනේ මේ හිපෝ පැටියා මම උනා නම්...

:       0       0

විතාන Monday, 09 April 2012 11:32 AM

මිනිසත් බවේ උතුම් අවස්ථාවක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site