ටියුෂන් ගුරුවරුන්, ජ්‍යෝති ශ්‍රාස්ත්‍රඥයාන් හා ඉඩම් විකුණන්නන් මතුගම නගරයේ අනවසරයෙන් කටවුට් තිස් දෙකක් ඉවත් කළ පොලීසිය නගරය අවලස්සන කිරීමේ චෝදනා යටතේ ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මතුගම පොලිස් ස්ථානාධිපති සී ලුඩොවයික් මහතා මෙම වැටලීම් මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කේන්දර කාරයන්ගේ කටවුට් ටික අයින් කරපු එක නම් හොදයි. එයාලා කරන්නේ මහම මහා බොරුවක් . අහිංසක මිනිස්සු රවට්ටලා සල්ලි කඩා ගන්නවා. මොනවහරි බොරු ටිකක් කියලා. මම නම් කියන්නේ ඔය කේන්දරේ කියන්නේ අමු බොරුවක් කියලා. මම කේන්දරේ බොරුයි කියල ඔප්පු කරන්න ලැහැස්තියි .ඔය කේන්දරේ ගැන බුදු දහමෙවත් කතෝලික ආගමේවත් කිසිම තැනක නැහැ. (නි)
අර කියන්නත් වගේ ඡන්දෙ කාලෙට අපේ පොලිසියට මේ හයිය නෑනේ. එතකොට පරිසර ඇමතිලත් නැහැ. පොලිසියත් නැහැ.(නදී)
මහා විහිළුවක් මොකක් හරි වැඩක් තියෙන්න එපායැ. උසස්වීමක් ලැබෙවා!(නදී)
හඳහන් කේන්දර බලන අයට තම තමන්ගේමේ කේන්දර හඳහන් බල ගන්න ඕනේ කාලය ඇවිල්ලා.(නදී)
හොද ආරම්භයක්, මුළු රටේම ඕක වෙන්න ඕන දෙයක්.(නදී)
බොහොම හොඳ වැඩක්. එන්න මැද පෙරදිග රටවලට අපේ දේශපාලඥයින් බලන්න මේ රට වල ලස්සන. වැස්ස නැතත් ගස් මල් හැම තැනම. ඇයි අපේ රටේ හැම තැනම මේවගේ කරන්න බැරි.(නදී)
මතුගම පොලිස් ස්ථානාධිපතිතුමා කොහොමත් කොන්ද පන තියෙන එඩිතර නිලධාරියෙක්. කරපු දේ ගොඩක් හොඳ වැඩක්. (නි)
අර ඡන්දෙ කාලේටත් පොලොසියට ඔය පන්නරේම තිබුනොත් හොඳා.(නදී)
හොඳ වැඩක් ස්ථානාධිපති තුමනි, හැබැයි දැන්ම කටවුට් ටික ව්නාශ කරන්න. ඒ මොකද, කටවුට් කාරයෝ අතරේ දේශපාලන හෙන්චයියෝ හිටියොත් ඕව ආයෙත් හයි කරන්න කියලා ඔබටම කියන්න ඉඩ තියෙනවා. (නදී)
එත් දේශපාලකයකුගේ කටවුට් තවම තියනවලු.(නදී)