2016-09-27-ent-01

රන්බීර් කපූර් "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටයේ එන "බූලීයා" ගීතයේදී අයිශ්වර්යාට දෙන හාදුවත්, අජේ දේව්ගන් "ශීවායි" චිත්‍රපටයේ එන "ඩර්ක්සාත්" ගීතයේදී ශයේෂා සයිගල්ට දෙන හාදුවත් පිළිබඳව මේ දිනවල බොලිවුඩයේ වැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මෙම චිත්‍රපට ද්විත්වයම ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත අතර, මේ දිනවල එහි ප්‍රචාරක කටයුතු ඉන්දියාවේ මෙන්ම විදෙස් රටවලදීද සිදුවෙමින් පවතිනවා.

මෙම චිත්‍රපටයේ දර්ශන කිහිපයකම තොල් සිපගැනීමේ දර්ශන ඇතුළත්ව තිබෙන අතර, එය චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමුකිරීමට තරම් ප්‍රබල කාරණයක් බවට වර්තමානයේ පත්ව තිබෙනවා. එමෙන්ම "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපටය සඳහා සුපිරි නළු සල්මාන් ඛාන්ගේද, "ශීවායි" චිත්‍රපටයට සුපිරි නළු ෂාරුක් ඛාන්ගේද සහාය ලැබි ඇති බවටද තොරතුරු ලැබෙනවා. මොවුන් දෙදෙනාම මෙහි ප්‍රචාරක කටයුතුවලටද මේ දිනවල සම්බන්ධ වී සිටින බවද සඳහන්.