( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විවාහ මංගල්‍ය කඩාකප්පල් කරන බව පවසා තරුණයෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගැනීමට පැමිණි ගස් කපන්නෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු බණ්ඩාරගමදි අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
කප්පම්කරුවන් පැමිණි ත්‍රිරෝද රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු හා සැකකරුවන් කාලයක් ඉතා කුළුපඟ මිතුන් ලෙසින් ඇසුරුකර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම කිසිවකුටත් පවසා තිබුණොත් ඔහු මරා දමන ලෙස පැවසූ බවත් එම තරුණයා කළ පැමිණිල්ලේ සඳහන්ය.
බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එම තරුණායා සහ ඔහුගේ ඥාතීන් කටයුතු කර මුදල් රැගෙන ගොස් ඔවුන් මුදල් ලබාගැනීමට පැමිණි මොහොතේදී අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා.. කියලා සුනිල් එදිරිසිංහ මහත්මයා කිව්වේ කට කහනවට නෙමේනේ...