IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හොඳම නළුවා වික්‍රම්

2016-06-21-ent-49

පසුගිය සති අන්තයේදී ඉන්දියාවේ හයිද්බාද්හි පැවැති 63 වැනි දකුණු ඉන්දීය "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උලෙළෙදී වසරේ හොඳම දමිළ සිනමා නළුවා ලෙස වික්‍රම් සම්මාන දිනා ගැනීමට සමත් විය. ඒ ඔහු පසුගිය වසරේ රඟපෑ "අයි" චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. වික්‍රම් මෙම සම්මාන උලෙළේදී හොඳම නළුවා වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2001 වසරේ තිරගත වූ "කසී" චිත්‍රපටයේදී "කාසී" චරිතය නිරූපණය කරමින් හොඳම නළුවා බවට පත්ව තිබුණි. මෙම සම්මාන උලෙළේදී වික්‍රම හොඳම නළුවා වෙද්දි හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ, "නායිමු රාවුඩි දාන්" චිත්‍රපටයේ රඟපෑ නයන්තාරාටය. හොඳම චිත්‍රපටය වූයේ ධනුෂ් විසින් නිෂ්පාදන කළ "කාක මුට්ටෙයි" චිත්‍රපටයයි. මෙම සම්මාන උලෙළේදී දමිළ චිත්‍රපටවලට අමතරව තෙළෙඟු හා කන්නඩ චිත්‍රපට සඳහාද සම්මාන පිරිනැමුණි.

 

2016-06-21-ent-50



අදහස් (0)

හොඳම නළුවා වික්‍රම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site