චිත්‍රපට කර්මාන්තයට දායක වී සිටින කලාකරුවන් ඇගයීමේ අරමුණින් ඒබීසී මාධ්‍ය ජාලය ප්‍රථම වරට සංවිධානය කළ ‘හිරු රන් සම්මාන 2014‘ කොළඹ සුගතදාස ශෘහස්ත ක්‍රිඩාංගණයේදී සෙනසුරාදා (25) පැවැත්විණි.
වසරේ හොඳම නළුවා ලෙස ‘ඉනිඅවන්‘ චිත්‍රපටයේ රඟ පෑ දර්ශන් ධර්මරාජ් ද හොඳම නිළිය ලෙස ‘නිකිණි වැස්ස‘ චිත්‍රපටයේ රඟපෑ චාන්දනී සෙනවිරත්න ද සම්මාන ලැබු අතර ජනප්‍රියම නළුවා සම්මානය අකිල ධනුද්ධරට සහ ජනප්‍රියම නිළිය සම්මානය යශෝධා විමල ධර්මට ද හිමි විය.
ජිවීතේ එක් වරක් පමණක් ලැබෙන හිරු රන් සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චිට හිමි විය.
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය අනිල් කපුර්,සුනිල් ෂෙට්ටි,බිපාෂා බාසු ,විවේක් ඔබ්රෝයි සහ අල්කා යාග්නික් යන සුපිරි තරුද සම්මාන උළෙල විචිත්‍රවත් කිරීම සඳහා පැමිණ සිටියහ.
මාලනි ෆොන්සේකා සහ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය භාරතීය රංගන ශිල්පි අනිල් කපුර්ට විශේෂ රන් සම්මානයක් මහතා අතින් පිරිනැමුහ.
සම්මාන ලද්දෝ
හොදම නැඟී එන නළුවා - කර්ම ,නිකිණි වැස්ස චිත්‍රපටවල රඟ පෑ ජගත් මනුවර්ණ
හොදම නැඟී එන නිළිය - නිකිණි වැස්ස -සුලෝචන වීරසිංහ
හොඳම අධ්‍යක්ෂණය - නිකිණී වැස්ස - අරුණ ජයවර්ධන
හොඳම නළුවා - සිරි පැරකුම් චිත්‍රපටය - ප්‍රමුදිත උදය කුමාර
හොඳම කෙටි චිත්‍රපට -ලබ්බෙතොවිල -තිසර ඉඹුලාන/චාඕ -ඉල්ෆාන් හුසේන්
හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා-අමරසිරි පීරීස් - (සමනළ සංධ්වනිය චිත්‍රපටය -‘ඉකි ගසා හඬන අතීතයක‘ ගීතය)
හොඳම පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි (කුසපබා චිත්‍රපටය- ජලධාරාවෝ ගීතය)
වසරේ ජනප්‍රියතම චිත්‍රපටය - සිරි පැරකුම්
හිරු උත්තමාචාර සම්මානය - නැසී ගිය ප්‍රවීණ කලා ශීල්පි ඇන්ඩෘ ජයමාන්න මහතා
හොඳම සහාය නළුවා - අශාන් ඩයස් (සිරි පැරකුම්)
හොඳම සහාය නිළිය- නිරංජනා ශංමුගරාජා (ඉනිඅවන්)
හොඳම සංස්කාරක ශිල්පී - අජිත් රාමනායක(ඉනි අවන්)
හොඳම තිර රචනය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)
හොඳම කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා (කර්ම)
හොඳම අධ්‍යක්ෂණය - අශෝක හඳගම (ඉනිඅවන්)
හොඳම නර්තන වින්‍යාසය-ගයාන් ශ්‍රී මාල් (සුපර් සික්ස්)
හොඳ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග -බුඩ් කීර්තිසේන (මාතා)
හොඳම ශබ්ද සැලසුම්කරණය-ලයනල් ගුණවර්ධන සහ ශෂික සඳරුවන් (කර්ම)
හොඳම ගී පද රචනය-අමිල තේනුවර (සමනළ සංධ්වනිය,ඉකිගසා හඬන අතීතයක ගීතය)
හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය - නදීක ගුරුගේ (නිකිණි වැස්ස චිත්‍රපටය)
ජනප්‍රියම ගීතය- සමනල සංධ්වනිය ඉකිගසා හඬන අතීතයක ගීතය
වසරේ හොඳම චිත්‍රපටය - ඉනිඅවන්


































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට බැරිවුණානේ කියලා දුකහිතෙනවා (නි)
හැමෝම මේ අන්තිම පින්තුරේ අන්තිම පින්තුරේ කියන නිසා මමත් ටිකක් හොඳට බැලුවා. දැන් නේ දැක්කේ. (අ)
ශ්‍රී ලංකාවේ බිහි වූ තවත් විශිෂ්ට නිලියක් (මාලිනි ෆොන්සේකා හැරුණු කොට) ස්වර්ණ මල්ලවාරර්චි. මේ වගේ ඉහලින් අගය කල හැකි නිලියක්. රන් සම්මානයෙන් පිදීම ගැන හිරුට මගේ ගෞරව ප්‍රණාමය. අප අතරින් වියෝවූ සදාතනික ජනාදර නළු විජය කුමාරණතුංග මේ වෙලාවේ මතක් වෙනවා. මේ අවස්ථාවට විජය සහබාගි උනානම් මුළු පළාතම ඒකා ලෝක වෙනවා. (නදී)
අපේ ලංකාවේ සමහර නිළියන්ගේ ඇඳුම් දැක්කහම අනිල් කපූර්ලා ඉබේම නැටවෙනවා ඇති (නි)
විචිත්‍රවත් කටයුත්තකට උරදුන් හිරු මාධ්‍ය ජාලයට සුබපැතුම්.
හොඳ උත්සාහයක්! (නි)
කලාත්මකයි. (නදී)
අන්තිම පින්තුරේ (නදී)
එක ඡායාරූපයක් දැක්කාම ලියන එකෙන් වැඩක් නැහැ කියලා හිතුනා (නි)
කව්රු මොනවා කිඋවත් මේ අපේ දුප්පත් කළා ලෝකෙට කරපු හොද දෙයක් නේද මේක .(බ)
හොඳ වැඩක්. ලොකු දෙයක්. (නි)
හරිම ලස්සනයි. හොඳ දෙයක් (නි)
මම දුටු ලස්සනම ඇඳුම නන්දා මාලනියගේ ඔසරියයි. මොනතරම් චාම්ද එය? (නි)
අම්මෝ! හිතට මහා බයහිතෙන පින්තූරත් තියෙනවනේ ...! (නි)
ස්වර්ණා මල්ලවආරච්චි සැමදා උපහාරයෙන් පිදුම් ලැබිය යුතු දක්ෂම නිළියක්. මාගේ එකම සිහිනය සැබෑ වුණා මේකෙන් (නි)
හදවතින්ම සුබ පතනවා! (නි)
දර්ශන්ට සුබ පැතුම්! (නි)
අන්තිම හරියේ ඇති එක ඡායාරූපයක් දෙස නම් කිහිප වරක්ම බැලෙනවා නේද? (නි)
සමහරුන්ට නම් මේවා එච්චර දිරවන්නේ නැහැ. ඒත් මම නම් හරිම ආසයි (නි)
අනේ මන්දා! සමහරු උත්සවයට ඇවිල්ලා තියෙන්නේ ප්‍රමාදවුණ හින්දා දුවගෙන ඇවිල්ලද කොහෙද ? මට නම් හිතෙන්නේ එහෙමයි. මගේ ඇස් වල දෝෂයක්ද මන්දා! (නි)
ඇත්තටම පුදුම තරම් කලාත්මකයි (නි)
හරිම ලස්සනයි (නි)
සුබ පැතුම්! (නි)
අත්පොළසන් දෙනවා හැරෙන්න අපි වෙන කුමක් කරමුද? (නි)
සභාවේ කාගේ හරි බඳ පටියක් නැද්ද මෙතන පෙනී සිටින කෙනෙකුට යවන්න (නදී)
අන්තිම පින්තුරේ දිහා බලාගෙන ඉන්න ආසා හිතෙනෙවා (නදී)
කොයිතරම් කලබලයකින්ද සමහරු දුවගෙන ඇවිල්ලා තියෙන්නේ? (නි)
ආයේ දෙකක් නැහැ. අර සමහර ඡායාරූප දැක්කහම ඉන්දියාවේ අධ්‍යක්ෂකවරු බිපාෂා වගේ අයවත් නිකම්ම කපලා අපේ කට්ටියව ගනීවි. (නි)
අගය කළයුතු වැඩක්. සුබ පැතුම්! (නි)
කට්ටිය ඔක්කොම එකතැනක දකින්න ලැබීම සතුටක් (නි)
ඊයේ පෙරේදා සිනමාවට පය තැබූ සමහර නළුවෝ, කලන්සුරිය, රවින්ද්‍ර වගේ සිනමාවේ පතාක යෝධයින් ඉදිරියේ බොරු මවාපෑම් දානකොට හිනා ගිහින් කේන්ති යනවා. (නි)