ජනමත විචාරණයට ලක් කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හත ඉවත් කිරීමෙන් පසුව රටට, ජනතාවට , පාර්ලිමේන්තුවට හා අගමැතිවරයාට වග කියන ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් රටට ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරන බව විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේමා මහතා පැවසීය.
ලබන සඳුදාත් අඟහරුවාදාත් (20, 21) එම සංශෝධන ජයග්‍රහණය අනිවාර්යයෙන් ලබා ගන්නා බව ද ඔහු කීවේය.
සීමාරහිත විධායක බලතල සහිත ජනාධිපතිධුරය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම යටතේ බලාපොරොත්තු වූ හොඳම දේ නොලැබුණත්, කළ හැකි හොඳම දේ රටට ලබා දීමට වත්මන් රජය කැපවන බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමත විචාරණයක් තියන්න (නි)
ප්‍රතිපත්තියක් නැතිකම ගැන දුකයි. විධායක ජනාධිපති ක්‍රමය ආ දා සිට ඒ ක්‍රමය ප්‍රතික්ෂේප කළ ශ්‍රීලනිපය දැන් මොකක්ද කරන්නේ? (නි)
අනේ ..අනේ ...දැන් කොහොමද කතා? ආවේ ජනාධිපති ක්‍රමය නැතිකරලා, අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලතල යන විදිහේ ක්‍රමයක් ගේනවා කියලා ජනතාවට පොරොන්දුවෙලා නේද? (නි)
ආ, පිටිගල, ඊළඟට වන්නේ මොකක්ද කියලවත් දැනෙන්නේ නැද්ද? (නි)
මේ රටේ සාමකාමී මිනිසුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ අනාගත මුනුබුරු මිණිබිරියන් දේශපාලනයට නාවත් ,අද සිංහලයාට වළ කපමින් බලය වෙනුවෙන් පොරකන සමහර සිංහල දේශපාලකයන්ගේ මුනුබුරු මිණිබිරියන්ට දේශපාලනයට ඒමටත් ,පාර්ලිමේන්තු යාමටත් සිංහලයන් ඉතිරිවිය යුතුය. අසිංහලයන් අද සිංහලයාට ගසන බලගතුම අවිය වී ඇත්තේ ඔවුන්ගේ ජාතිය බෝ කිරීමයි. ඇමතිතුමාත් බණ්ඩාරගම අටුලුගම දැනට අවුරුදු පනහකට පෙර සහ අද තත්වය දන්නවනේ.එබැවින් ඔය මොනවා කළත් සිංහල ජනගහණ ප්‍රතිශතය මේ තත්වයෙන් හෝ පවත්වාගෙන යාමටත් කටයුතු කළොත් නරකද? (නි)
හොඳයි අපි බලමුකෝ! (නි)
පොරොන්දු වූ පරිදිම අපිට ඕනෑ (නි)
ජනමතයකින් අනුමැතිය ගන්න අපහසු වෙනවා. දෙමළ සහ මුස්ලිම් ජනතාව ශ්‍රීලනිප විරුද්ධව ඡන්දය දේවී. එම ජනයාට ජනපතිවරණයකදී ලැබෙන කේවල් කිරීමේ හැකියාව වැඩියි. (නි)
උපතින්ම අංගවිකල ව්‍යවස්ථා දරු උපතක් - සිදුවුණො වේය රටට විපතක්... (නි)
හොඳම නැති බාල වැඩක්-නැත දිගුකල් සෙතක් (නි)
පාර්ලිමේන්තුවට වගකිවුවා නම් ඇති. තවත් අගමැතිටත් වගකියන්නෙ ඇයි? (නි)
අන්න හොඳයි
සමහරුන්ට නම් මේවා මැජික් වගේ. (නි)
ජයවේව ඔබ සැමට (අ)
දැන ගියොත් කතරගම.පාර හරි. ඔහොම හොඳයි යමු. (නි)
මේක අර පණ්ඩිතයෝ හත්දෙනාගේ කතාව වගේ."ඉතා හොද කළු සුරුට්ටු මෙහි විකිනීමට තිබේ" කියල කඩේක ලොකුවට බෝඩ් එකක් තිබුනලු.එක පණ්ඩිතයෙක් මුදලාලිට කියුවලු ඉතා හොද කියන එක තමයි හොද කියන්නේ.තමුසේ ඔය "ඉතා" කෑල්ල වැඩක් නෑ අයින්කරනවා කියල.අනිත් දවසේ තව පණ්ඩිතයෙක් කියුවලු හොද නිසානේ තමුවේ විකුණන්නේ "හොද" කියල දාන්න ඕනේ නෑ, අයින්කරනවා කියල.සුරුට්ටු කළු තමයි "කළු" අයින්කරන්න,මේක සුරුට්ටු කඩේ කියල දන්නා නිසා "සුරුට්ටු" අයින්කරන්න.මෙහි තියන නිසානේ විකුනන්නේ "මෙහි" අයින්කරන්න, විකිනීමට තමයි කඩයක තියෙන්නේ "විකිනීමට" අයින් කරන්න,ඔය විදිහට අන්තිමට අර ලොකු බෝඩ් එකේ "තිබේ" කියල විතරලු අන්තිමට හත්වෙනි පණ්ඩිතය කියුවලු තිබෙන හින්දනේ කඩේ ඇරගෙන ඉන්නේ "තිබේ" එකත් අයින්කෙරුවලු.හිස් බෝඩ් ලැල්ලක් විතරලු ඉතුරු.(අ)
ඊළඟට මොනවා වෙයිද? (නි)
දැන් ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටන් කියලා බලාගෙන ඉන්න එකයි ඇත්තේ. (නි)
අශෝක්, විධායක ජනාධිපති ක්‍රමය හෝ අගමැතිට වැඩි බලතල පැවරෙන පාර්ලිමේන්තු ක්‍රමය හෝ නිරපේක්ෂව යහපත් හෝ අයහපත් නොවෙයි. එහෙත් අපේ රටේ ත්‍රස්තවාදය තුරන් වුණාට බෙදුම්වාදය තවමත් පවතින නිසා අවදානම තුරන් වී නැත. මෙය නිරාකරණය කරගෙන රට වඩාත් ස්ථාවර එකක් බවට පත්කරගෙන සැබවින්ම අපේ රටට අනන්‍යවන ශ්‍රී ලාංකික ජාතියක් නිර්මාණය කරගන්නා තෙක් අපේ රටට වඩා යෝග්‍ය විධායක ජනාධිපති ක්‍රමයයි. (නි)
දැන්නම් ගොඩක් දෙනාට තේරෙනවා ඇති. (නි)
ඇති යාන්තම්. සතුටුයි! (නි)
ඔය එන්නේ දැන්... ඔහොම යමුකෝ! (නි)
සංශෝධන ඇතුව හෝ නැතුව ගෙනාවත් රටට අහිතකර 19 ව්‍යවස්ථාව පරාජය කිරීමට කටයුතු කිරීම රටට හිතැති කාගේත් වගකීමයි. (නි)
19 අපිට වැදගත් පාඩමක් කියාදුන්නා (නි)
විධායක බලතල වලින් රටට ජාතියට වැඩක් වුණේම නැද්ද? කල්ලිවාදීන්ගේත්,අවස්ථාවාදීන්ගේත්, ත්‍රස්තවාදීන්ගේත්, බෙදුම්වාදීන්ගේත් හිසරදය නේද මේ විධායක බලතල?නොදන්නාකමටයි ඇහුවේ විශාරදවරුනේ.... (නි)
දැන් මෙතන රටට හිතැති ඔක්කොම සුමුදු හේවා පුරෝහිතයා කියන විදියට වැඩ කරන්නකෝ. නැත්නම් ඔක්කොම දේශද්‍රෝහියෝ! ඇහුනාද කට්ටියටම? (නි)
ජනමත විචාරණයක් තියලා සියල්ල වෙනස් කරන්න (නි)
මොන ක්‍රමයකින් හරි දූෂිත දේශපාලකයින් දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වූවොත් ඒ හොඳටම ඇති. (නි)
පළමු පියවර 19යි. අපි දෙවැන්නද දනිමු (නි)