මුලින් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන සිටියදී දෙවැනි හැඳුනුම්පතක් ලබාගත්තැයි මහනුවර අශෝකමාලි ජයාංගනී උදයානි විජයරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිතාසි නිකුත් කළේය.
ව්‍යාජ උප්පැන්න සහතික ඉදිරිපත් කරමින් ඇය පුද්ගලයින් ලියාපදිංචි කොමසාරිස් නොමග යවා ඇතැයි මහනුවර පොලීසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.
තමා විවාහ කරගැනීමේ පොරොන්දුව පිට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමාගෙන් මුදල් ගත්තැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේද මෙම කාන්තාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේසුරිය මහතාට තේරෙන්නේ නැද්ද ? වයස හංගල තව තවත් පිරිමි අමාරුවේ දාන්න මිසක් වෙන මොනවටද ? මම ලලීන්ද සමග එකඟ වෙන්නේ මගේ මල්ලිට නුවර මනමාලියක් බලන්න ගිහින් ඒ තරුණියගේ වැඩි වයස්කම හංගල එලි වුන නිසා. (ර)
ලලීන්ද ඔයාට නංගි පෙන්නලා අක්ක දුන්නද? (බ)
එක්කෙනෙක් බොරු කළාට මුළු නුවරටම බනින්න එපා. ගොඩක් කොල්ලො නුවර කෙල්ලන්ට කැමතියි.ලලින්ද රැවටීමකට ලක්වෙන්න ඇති.ඒ ගැන අපිට කණගාටුයි. (නි)
පවු අනේ! එයාටත් ආසා ඇති, නම වෙනස් කරගන්න. වයස වෙනස් කරගන්න. නේද? (නි)
ජාතික හැඳුනුම්පතක් හොරට හදලා පාස්පෝට් ලබාගැනීම දැන් ප්‍රසිද්ධ රහසක්නේ. (නි)
දැන් මේක ලිවුවහම කට්ටිය මට බනීවි. නමුත් මෙය දන්නෝ දනිති. ලංකාවෙ මඟුල් තුලා වලදී වැඩියෙන්ම බොරු කරන්නේ නුවර උදවිය. කට ඇරියොත් කියන්නේ බොරුවක්. ඒ නිසා මේ කාන්තාවගේ වැඩ ගැන පුදුමයක් නැහැ මට. (නි)
හැමදාම හැමතැනම බොරුව බැහැ. (බ)
පිටරටවලට යන හුගදෙනේක්ගේ වයස වෙනස්කරලා තියෙන්නේ. මම දන්නා කීපදෙනෙක්ම ඉන්නවා එහෙම වෙනස්කරගන ඇවිත් තරුණ වෙලා ඉන්න අය (බ)
එයාට මොකටද හැඳුනුම්පත් දෙකක්? (නි)