මාතර දිස්ත්‍රික්ක් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
හඳුන්නෙත්ති මහතා පරාජිත අපේක්ෂකයකු ලෙස පිළිගත නොහැකි බවත්, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවුනේ පක්ෂ අපේක්ෂකයන් අතර තරගයකින් මනාප අඩිවී නොව පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය මදක් අඩුවීම නිසා බවත් ඔහු පවසයි.
ඇතැම් දිස්ත්‍රික්කවල තම පක්ෂයට මන්ත්‍රී ධුරයක් නොලැබුණේ ඡන්ද 700ක් අඩුව බවත් ඔහු සඳහන් කරයි.
එවැනි දිස්ත්‍රික්වලින් තේරී පත් නොවූ මන්ත්‍රීන් පරාජිත අපේක්ෂකයන් ලෙස හැඳින්වීම සුදුසු නොවන බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුන්නෙත්ති පර්ලීමේන්තුව තුළ සිටිය යුතුයි . රටට ආදරය කරන කවරෙකු වුවත් මේ පත් කිරීම අනුමත කරනු ඇත. (ම)
හොඳ වැඩක්. හොඳ දේශපාලකයෙක්. ලංකාවට අවශ්‍ය නායකයෙක් (නි)
මේ අය ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි (නි)
ඕවා ඔහොම වෙනවා සහෝදරයා. බෙදා හදාගන්න ගියාම අවුල් වියවුල් ඇතිවෙනවා. සුනිල් හඳුන්නෙත්ති, ඔබට අපේ සුබ පැතුම්! (නි)
කවුද ඒ ජනතාව? (නි)
අනෙක් පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් පත්වුණ අය දිහා බැලුවම මෙතුමා ඒ අයටත් වඩා වටිනවා රටට. (නි)
නියමයි ටිල්වින් සහොදරයා! ඔහොම යමු (නි)
මම ඔබත් සමග එකඟයි. ඒත් ඒකෙන් ජාතික ලැයිස්තුවේ හිටපු අයට යම් ආකාරයක අසාධාරණයක් වෙලා තියෙනවා.ඒ වගේම මාතර ඡන්ද පදනමක් ගොඩනඟා ගැනීම සඳහා සමන්ත විද්‍යාරත්න වගේ කෙනෙක් යොදවා ඊළඟ ඡන්දයට මීට වඩා හොඳින් සූදානම් වෙන්න ඕනෑ. (නි)
ජනතාව වෙනුවෙන් වගේම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්ද අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළයුතු චරිතයක් බවට විවාදයක් නැත. (නි)
හඳුන්නෙත්ති මහත්මයා, ඔබම තේරුම් ගන්න මේ වැඩේ හරිද කියලා. ඇයි ඡන්දයක් තියන්නේ? නොතියා මේ වැඩේ කරගන්න බැරිද? (නි)
විශිෂ්ටයි! (නි)
හඳුන්නෙත්ති මහත්මයා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්. ප්‍රශ්නය තියෙන්නේ ඡන්දදායකයෝ වන අපි පුරුදුවෙලා ඉන්නේ දිනන පැත්තට මුක්කු ගහලා තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් ජේ වී පී එක වගේ පක්ෂ නිකන්ම නැතිවෙනවා. ඒක අපේ අවාසනාව. (නි)
ජවිපෙ මන්ත්‍රීකම් ගැන වෙනත් පක්ෂ වල අය කතා කරන්නේ ඒ අය මන්ත්‍රීවරු පත්කරන දෘෂ්ටි කෝණයේ ඉඳලා.පුද්ගලිකව කිසිදු මුදලක් වැය නොකරන පොදු උවමනාව වෙනුවෙන් පුද්ගලිකව මනාප නොඉල්ලන , ඕනෑම වෙලාවක පක්ෂයේ අවශ්‍යතාවය මත මන්ත්‍රීකම හෝ වෙනත් තනතුරක් අත්හැරිය හැකි නියෝජිතයෝයි ජවිපෙ ලැයිස්තු වලින් තරඟ කරන්නේ.ජවිපෙට තනතුරු යනු වඩාත් කැපවීම හා වැඩියෙන් වැඩ කිරීමයි.පක්ෂය ගන්නා තීරණය පක්ෂයේ වැඩිදෙනා අනුමත කරන තීරණයයි.ඒ පවතින තත්වයට ගැළපෙන වඩාම හොඳ තීරණයයි. සැබෑ ජවිපෙ සාමාජිකයා තනතුරු ගැන නොසිතයි.වැඩියෙන් වැඩ කරයි.කැපකරයි. තනතුරු ඔහු පසුපස්සේ එයි.... (නි)
එක එක නායකයන්ගේ න්‍යාය පත්‍රයට වෙන දේශපාලනය තේරුම් ගන්න බැරි නිසා කිසිවක් කිව නොහැක. (නි)
හඳුන්නේත්ති පැරදුණේ ඔහුට මනාප මදිවීම එනම් ඔහු ජනතාවට එපාවීම නිසා පමණක් නෙමෙයි. පක්ෂයට ලැබුණු ඡන්ද මදිවීම එනම් ඔහුගේ පක්ෂයම ජනතාවට එපාවීමත් නිසයි! ඇත්තටම පැරණි පක්ෂයක් වෙලත් මෙහෙම අඩුවෙන් ඡන්ද ලබන්නේ ජනතාවට පක්ෂය එපාවුණු නිසා නේද? එවැනි පක්ෂ වලට ජාතික ලැයිස්තුවෙනුත් අනවශ්‍ය ලෙස වාසි ලැබෙන ලෙසටයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන තීරණය කෙරෙන සුත්‍රය සැකසී තිබෙන්නේ. මොවුන්ට ප්‍රධාන පක්ෂ සමග සැසඳූ විට ජනතා කැමැත්ත ඉක්මවන පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමක් ජාතික ලැයිස්තුවෙහි ආසන නිසා සිදුවීම කොපමණ අසාධාරණද? මොවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු රටටත් අහිතකර තීරණ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටිද්දී ජනතාවට වෙන්නේ අසාධාරණයක් නොවෙයිද? ජනතාව එපා කියපු හඳුන්නෙත්තිලා වගේම ජනතාවට එපා වූ 'අප්පච්චි මළෝ' සෙට් එකත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීම ජනතා පරමාධිපත්‍යයට අතුල් පහරක් නෙමෙයිද? (නි)
ඔබතුමන්ලා කෙසේ අර්ථකතන ගෙනහැරපෑවත් ඡන්ද අඩුවීමට හේතුව බහුතරයකගේ කැමැත්තක් ඔබතුමන්ලා කෙරෙහි නැතිවීමයි (නි)
මම ජවිපෙ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කෙනෙක් මිස ඕනෑම දේකට හා කියන වර්ගයේ කෙනෙක් නෙමෙයි. මම හිතන්නේ මම වගේ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ජවිපෙ ට ඡන්දය දෙන. නමුත් මෙම කාරණයේදී ඔවුන් ගැන මට විවේචනයක් තිබෙන්නේ සුනිල්ව පත්කිරීමටත් වඩා [ඔහු පමණක් නොව තවත් අය සිටිය යුතුයි] ජාතික ලැයිස්තුවට උගතුන් තේරීමේදී මේ වගේ තනතුරු බලාසිටින අය තෝරන්නේ ඇයි? මේක ලෝකේ හොඳම ජාතික ලැයිස්තුව කිව්වා නේද?? (නි)
ඉස්සර අනුර කුමාර නේද බෙරිහන් දුන්නේ ජනතා මනාපය නැතුව ඡන්දෙන් පරාජය වූ මිනිස්සු ආයෙත් පාර්ලිමේන්තු යවන්න නෙමෙයි ජාතික ලැයිස්තුව තියෙන්නේ කියලා.දැන් මොනවද මේ කියන කතා? ජනතාව එයාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි (නි)
සුමුදු හේවා වලිගය පාගගෙන.රටේ ඡන්දය දුන් ජනතාවගෙන් සියයට 5ක් ජනතා විමුක්ති පෙරමුණට කැමතියි.ඉතින් ඒ සංයුතිය පාර්ලිමේන්තුවේ නියෝජනය වීම අසාධාරණයක් වෙන්නෙ කොහොමද? (නි)
දැන් බලනකොට ඔක්කොම අපරාජිතනේ. ඡන්දෙ දුන් අපි පරාජිතයි වගේ. (නි)
ජනතාව කැමති නම් ඡන්දෙන් පත්කරගන්නවා නේද? පරාද වුණේ ජනතා ඉල්ලීම නැති නිසා. එතකොට ලැයිස්තුවෙන් දීලා හරියනවද? (නි)
ඕවා තේරුම් කර දිදී ඉන්න ඕනෑ නැහැ. තමන්ට හරියි කියලා හිතනවා නම් කරන එකයි තියෙන්නේ. හඳුන්නෙත්ති මාතරෙන් ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ මුළු රටෙන්ම ප්‍රතික්ෂේප වෙනවා කියන එක නොවෙයිනේ. (නි)
මේ පාර ජවිපෙට ඡන්ද අඩුවෙන්න හේතුව මිනිසුන්ට යූඑන්පී එක දිනවන්න තිබුණ උවමනාව. මිනිස්සු බයවුණා මහින්ද ආයෙත් ඇවිල්ලා අගමැති වෙයි කියලා.මේක අපේ පවුලෙත් සිදුවුණා (නි)
කවුද අප්පේ ඔය තරමට ඉල්ලන්නේ පරාද අයව? අර හිටපු ජනාධිපතිවත් ඉල්ලුවේ මිනිස්සුනේ නේද? (නි)
"හඳුන්නෙත්තිට ජාතික ලැයිස්තුව දුන්නේ ජනතා ඉල්ලීම නිසයි " .ඔය කියන "ජනතාවට" තිබුනේ එතුමාට ඡන්දේ දීලා දිනවන්න නේද ? (බ)
අැත්තටම මොකද වුනේ කියල අපි හැම දෙනාටම හිතා ගන්න බෑ, අපි ජවිපෙ අඩුම තරමේ ආසන 15ක් ගනී කියා හිතුව. සුනිල් විතරක් නොවෙයි සමන්ත ඇතළු පරාද වුණු අනිත් අය පත් කර ගන්න ක්‍රමයක් තියෙනවානම් නම් අපි දොස් කියන්නේ නෑ, අපි ඉදිරයට යමු සහෝදරයා ජයවේවා....(බ)
කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි සහෝදරයා.වේදිකාවල කෑගහන්නේ සංදර්ශනයට විතරයි. (බ)
මේක හඳුන්නෙත්ති ජනතාවට එපා වීම නෙමෙයි වෙලා තියෙන්නේ මොකද එය ජනතාවට එපා වෙන්න මොකක් ද කරලා තියන වරද?. මේකට හේතුව මේ රටේ තියන පක්ෂ දේශපාලනයට මිනිස්සු හිරවෙලා ඇත්ත මොකක් වුනත් තම පක්ෂය ට තියන දැඩි ලැදි කම නිසා හරි මිනිස්සුට තැනක් නැති කම. (බ)
ලාල්කාන්ත තමයි සුදුසු කෙනා (බ)
අනුන්ට බනින එක නවත්වලා හරි දේ කළා නම් ප්‍රතිඵල හොඳට ලැබෙනවා. (නි)
පැරදුනානම් ගෙදර ඉන්න ඕනි කියන කතාව එයාලට වලංගු නැද්ද.මහින්දත් අාවේ ජනතාවගේ ඉල්ලීම් නිසානේ. (බ)
කවුද දන්නේ නැහැ ජනතාව? දැන් ඔය කොයි පැත්තේ ජනතාවද ඉල්ලුවේ පරාජයවුණ අය පස්ස දොරෙන් ඇතුළට ගන්න කියලා? (නි)
ලංකාවේ ඉන්නේ පුදුම ජනතාවක් තමයි. ඡන්දෙන් ප්‍රතික්ෂේප කරලා,ජාතික ලැයිස්තුවෙන් පත්කරන්න ඉල්ලනවා. (නි)
හදුන්නෙත්තිගේ පරාජය පිළිගන්න බෑ..., මහින්දගේ පුළුවන් ! (ම)
ප්‍රතිපත්තියක් නැතුව , මහින්ද හොරා කිවුවට ජවිපෙට මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ (නි)
මාතර ඡන්දෙ දෙද්දී මිනිස්සු ගොඩක් දේවල් සළකළයි දුන්නේ (නි)
ජාතික ලැයිස්තුවට ආසන 2ක් ලැබුනේ ලංකාවෙන්ම ගත්ත ඡන්ද වලට. සන්ධානෙට, අලියට කඩේ ගිහින් ඡන්දෙ දීපු අයගේ අදහස් වැඩක් නැහැ.ජවිපෙට ඡන්දෙ දීපු මිනිස්සු මේකට කැමති නම් ඒ ඇති. (නි)
ඔය ඡන්දෙදි කියන දේවල් කවුද ගණන් ගන්නේ ටිල්වින් මහත්තයෝ? ලාල්කාන්ත සහෝදරයා ඔබතුමාලට වටින්නේ නැද්ද? දෙන්නවම දාන්න.ගන්නකො අර යහපාලන ආදර්ශය. (නි)
හඳුන්නෙත්ති වගේ අය රටට වටිනවා (නි)
හඳුන්නෙත්තිට ජාතික ලැයිස්තුව දුන්නේ ජනතා ඉල්ලීම් නිසයි. හරියට හරි එ්ක විය යුත්තක් (නදී)
ඡන්ද අඩුවීමට හේතුව බහුතරයකගේ කැමැත්තක් ඔබතුමන්ලා කෙරෙහි නැතිවීමයි. එ්ක නොවෙයි බහුතරකට ඔවුන් කියන දේ තේරෙන්නේ නැති කමයි (නදී)
ඒ ජ ප ජනතාවගෙන් ලැබුණු ඉල්ලීමක් වෙන්න ඇති (ම)
තමන්ගේ මන්ත්‍රීකම නිසිලෙස පාවිච්චි කරමින් රටට විශාල මෙහෙවරක් සිදුකළ හදුන්නෙන්ති මහතා නැවත පාර්ලිමේන්තුවට පත්කිරිම ඉතාමත් කාලෝචිත ක්‍රියාවකි. මන්ත්‍රිකම යනු කුමක්දැයි භාවිතාවෙන් ඔප්පු කළ එතුමාට මාගේ ප්‍රණාමය.... (ම)