හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ හඳුනා නොගත් වස්තුවක් නාවුක හමුදාව බාරයට ගෙන ඇත. 19 වැනිදා පෙරවරුවේ ප්‍රදේශයේ ධීවරයෙකු මෙය දැක පොලිසියට කියා ඇත. තවමත් ශක්‍රීය මට්ටමේ ඇති මෙය ඇතැම් විට ගුවන් යානකය කොටසක් හෝ කාලගුණය මැණීම සදහා මුහුදේ ගිල්වා තබන ලද උපකරණයක් වීමට ඉඩ ඇති බව නාවුක හමුදා නිලධාරීන් සදහන් කළේය. සිලින්ඩරාකාර හැඩයේ ඇති මෙය එක්සත් රාජධානියේ නිෂ්පාදනයක් බවට එහි සඳහන් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑමක්වද්ද? (නි)
මල කෙළියයි (ම)
මේක භයානක දෙයක් වෙන්නත් බැරි නැහැ (නි)
පුපුරන දෙයක්ද දන්නේ නැහැ. (නි)
මේක එක්සත් රාජධානියේ ද නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිතයක්ද ? (ම)
සමහරවිට මේක අපිට කවුරුහරි පණිවුඩයක් අන්තර්ගත කරලා එවුව එකක්ද දන්නෙ නැහැ (නි)
බයවෙන්න දෙයක් නැති හැඩයි (නි)
මෙහි ඇතුළත යමක් අන්තර්ගතව තිබෙන්න පුළුවන් (නි)
සොයන්නාට හම්බ වේ (නි)
දැන්නම් මේක හඳුනාගෙන ඇති (නි)
අපේ අය නම් දැනටමත් හොයාගෙන අදහසුත් පළකරලානේ (නි)
මේ තෙල් ගවේෂණ කටයුතු සඳහා උපකරණයකට සම්බන්ධ කරන අනු උපකරණයක් කියායි සිතෙන්නේ (නි)
ඔත්තු බලන්න එවලාවද්ද? (නි)
දියුණු තාක්ෂණික උපක්‍රමයක් සහිත උපකරණයක් වගෙයි (නි)
අන්තර්ජාලයේ ඔය ලේබලයේ විස්තරය අනුව සොයා බැලුවම මෙය මුහුදේ දියවැල් පිළිබඳව සොයාබලන නවීන උපකරණයක්. හැමදෙනාම අන්තර්ජාල පහසුකම් සහිත අතිනවීන දුරකථන පාවිච්චි කළත් ඒවායින් ෆේස්බූක් අඩවියට යාමටත්, ඕපාදුප හුවමාරුකර ගැනීමටත්, සෙල්ෆි ෆොටෝ ගැනීමටත් විනා වෙනත් ප්‍රයෝජනවත් යමක් කරගැනීමට නොදනිති.මෙම වර්ගයේම උපකරණයක් 2008 වසරේ ඉන්දියාවේ උඩුපි ගමේ වෙරළට ගොඩගැසීමෙන් එහි ජනයා කලබල වූ බවත් හින්දු පුවත්පත වාර්තාකොට තිබෙනවා. (නි)
හරි හරි. කලබල නොවී ඉන්නකෝ (නි)
අපිට මේක බොහොම ප්‍රයෝජනවත් දෙයක් වෙන්නත් පුළුවන් (නි)
පිටසක්වළින් ආපු එකක්වද්ද? (නි)
වෙරළ නම් බොහොම අපිරිසිදුයි (නි)
අනේ මන්දා ඔක්කොම එන්නේ මේ රටටමයි (නි)
දකිනකොටත් බයයි මට නම් (නි)
අපි දැන් මේකට මොකද කරන්නේ? (නි)
අපේ පොලිසිය මේක හඳුනාගනියි (නි)
ඕක ස්ට්‍රීමර් නැව් වල පාවිච්චි කරන උපකරණයක්. මෙය සම්බන්ධ කළ වස්තුවක්. වෙන්වුවහොත් එය ගිලීම නැවත්වීමට මෙහි බැලූනයෙන් කාබන්ඩයොක්සයිඩ් පිරී එය පාවීමට සළස්වයි. (නි)
තවම හඳුනාගන්න බැහැ කියන්නේ මේක අබිරහස් එකක්ද? (නි)
හලාවත වෙරළට මේ වස්තුව නිසාවත් බලධාරීන්ගේ අවධානය යොමුවෙනවා නම් හොඳයි (නි)
ඕකෙ තියෙන විස්තර වලින් මේ ගැන හොයාගන්න අමාරුවෙන එකක් නම් නැහැ (නි)
මේ ගැන දැනගන්න පුළුවන් වෙයි ඉක්මණින්ම (නි)
අපි මේක මේ ගැන පරීක්ෂණ කරන්න පුළුවන් තැනකට බාරදෙමුද? (නි)
අපි හොයලා බලමු තව ටිකක් (නි)
නාවික හමුදාව මේක හඳුනන්නෙ නැද්ද? (නි)
වෙන රටකින් ආ නිසයි සැක (නි)
අපේ අයගේ අදහස් ටිකනේ නියම (නි)
ඇත්තටම හරිම දුකයි මෙහි අදහස් දාන බොහෝ දෙනා ගැන. ගොඩක් අය දන්නේ මුහුණු පොත හා ගොසිප් විතරයි. පොඩ්ඩක් සොයා බලන්න ඊට වඩා බොහෝ වැදගත් දේවල් මෙහි තිබෙනවා. පොඩ්ඩක් ගූගල් වෙබ් අඩවියට ගිහිල්ලා මෙහි තිබෙන මාදිලි අංකය ගැන සොයාබලන්න. ඔබට මේ පිළිබඳ බොහෝ තොරතුරු ලැබේවි.අන්තර්ජාලය දැනුම වැඩි කිරීමටයි භාවිතා කරන්න ඕනෑ (නි)
මේක නම් ස්ථිරවම නැවක කොටසක් (නි)
රොකට්ටුවක කෑල්ලක් වගෙයි (නි)
අපි මේක හඳුනාගත්තට පස්සේ මේකට මොකද කරන්නේ? (නි)
පිවිතුරු යහපාල මොකුත් කියන්නේ නැද්ද? (නි)
මට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)
බලන්නකෝ හලාවත වෙරළේ හැටි (නි)
පිටසල්වලින් ආ පණිවුඩයක්වත් මේකේ තියෙනවද දන්නෙ නැහැ (නි)
මේ උපකරණය මොකක්ද දන්නෙ නැහැ. මට නම් බයයි (නි)
කලබල නොවී හෙමිහිට බලමු (නි)
මේකේ නම ,හදපු තැන ඔක්කොම මේකේ තියනවනේ (නි)
මේ වෙරළ පිරිසිදු කරලා දාන්න කාටවත් හිතෙන්නේ නැද්ද? (නි)
මේක ගෑස් පිරවූ යම් සිලින්ඩරාකාර දෙයක් වගෙයි (නි)
මම නම් හිතන්නේ මේක ගුවන් යානාවක කොටසක් (නි)
පිටසක්වල යානාවක කොටසක් වැටිලද දන්නෙ නැහැ (නි)
කාලයක් අද්භූත එළි. දැන් උපකරණ... (නි)
අනේ මන්දා එක එක කාලෙට එක එක දේවල් (නි)
මේක පණිවුඩ හුවමාරු උපකරණයක්වද්ද? (නි)
මේක ඇතුළේ යම් පණිවුඩයක් තිබෙන්න පුළුවන් (නි)
මේකේ විස්තර ටිකත් පැහැදිලිවම සටහන්වෙලා තියෙන එකේ හොයාගන්න බැරිවෙන එකක් නැහැ (නි)
පොඩ්ඩක් හොයල බැලුවා නම් ඉක්මණින්ම දැනගන්න පුළුවන් (නි)
මේක චන්ද්‍රිකාවක් මුහුදට ගොඩබස්වන්න උදවු කරන කොටසක් වෙන්න පුළුවන් (නි)
ළඟක හිටියා නම් මමත් බලන්න යනවා (නි)
බලන්නකෝ කට්ටියගේ අදහස් ගොඩ (නි)
අපේ ඔත්තු බලන්න එවපු එකක්ද දන්නෙ නැහැ (නි)
මෙය මුහුද යට භුමිය පර්යේෂණයට භාවිතා කරන නැවකින් ගැලවුණු කොටසක් වගෙයි (නි)
ඉන්දියාවෙත් මේ වගේ උපකරණයක් 2008 දී ගොඩගහලා තිබුනා (නි)
දුරකථන ඇමතුමක් දීලා බැලුවේ නැද්ද දන්නෙ නැහැ තවම? (නි)
මේක බයවෙන්න තරම් හේතුවක් නම් වෙන්න බැහැ (නි)
මේකට කියන්නේ ස්ටීමර් රිකවරි ඩිවයිස් කියලා නේද? (නි)
වෙරළේ හැටි දැක්කහම ඔක්කොම එපාවෙනවා (නි)
මේක ගැන පරීක්ෂණ කරලා ඉක්මණින්ම දැනගනීවි (නි)
ඔය වස්තුව මුහුදු පතුලේ භූ කම්පන පරීක්ෂා කරන උපකරණයක්.මීටර් 300 ක් මුහුද යටදි ඔය උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ (නි)
මේක විදේශීය කුමන්ත්‍රණයක ඇරඹුමක්ද? (නි)
මට නම් එච්චර අල්ලන්නේ නැත්තේ මේකේ සඳහන් රට (නි)
මම නම් හිතන්නේ මේක කිමිදුම් ආම්පන්නයක කොටසක් (නි)
http://www.mitchamindustries.com/products-for-lease/marine-seismic/streamer-peripheral-systems/concord-srd-streamer-retrieval-devices/ මෙම වෙබ් ලිපිනයෙන් මෙම උපකරණය ගැන විස්තර සොයාගන්න පුළුවන්. (නි)
නැවක කොටසක්ද දන්නෙ නැහැ (නි)
හඳුනාගන්න අමාරුවෙන එකක් නැහැ (නි)
මේක ගුවන් යානයක කොටසක්ද දන්නෙ නැහැ (නි)
මොකක්ද මේ වස්තුව? (නි)
මේකෙන් අපිට හානියක් නම් වෙන එකක් නැහැ (නි)
මේකේ මොඩ්ල් අංකයෙන් විස්තර දැනගන්න පුළුවන් වෙයි. (නි)
මේක ගැන බයවෙන්න හේතුවක් නැහැ (නි)
කපිල ඔබ හරියටම හරි මටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි (ම)
ඔය තියෙන්නේ මොඩ්ල් එකේ විස්තර. හොයලා බලමු (නි)
අන්තර්ජාලයේ මේ උපකරණය ගැන තොරතුරු තිබෙනවා නේද? මෙය නාවුක කටයුතුවලට අදාළ උපකරණයක්. (නි)
බලන්නකෝ මේ වෙරළේ හැටි (නි)
ඉවසීමෙන් හොයලා බලමු (නි)
අපිව බයකරන්න හිතාගෙන කවුරුහරි කළාද දන්නෙ නැහැ (නි)
ඔය වස්තුවේ ලේබලයේ තිබෙන සමාගම ගැන අන්තර්ජාලයේ හොයලා බලන්න. ඕක බෝට්ටුවක හෝ නැවක කොටසක් වෙන්න පුළුවන්.
මේ වෙරළ මේ වස්තුව නිසාවත් පිරිසිදු වුණොත් කොච්චර හොඳද? මෙහි ඡායාරූප බලධාරීන්ගේ අවධානයට යොමුවේවා! (නි)
අපේ අදහස් දාන කට්ටිය මේ පොඩ්ඩට මේක ගැන හොයාගෙනත් ඉවරයි වගේ (නි)
මට නම් කියන්න තියෙන්නේ මේ ගැන කලබල වෙන්න එපා කියලයි (නි)
අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටසක් විය නොහැකිද? (නි)
අපේ රටටමයි මෙහෙම එක එක දේවල් එන්නේ (නි)
මේ නාවුක කටයුතුවලට සම්බන්ධ උපකරණයක් වෙන්න ඇති (නි)
පුපුරන එකක්ද දන්නෙ නැහැ. ප්‍රවේශමෙන් (නි)
මේක මුහුදේ යම් යාත්‍රාවක් හෝ පාවෙන යමක් ඇදගෙන යනවිට ඇදගෙන යන යාත්‍රාවේ හෝ පාවෙන යමක සවිකරන උපකරණයක්. යම් හේතුවකින් එම යාත්‍රාව හෝ පාවෙන යම් දෙය ගිලුනොත් ගිලෙනවිට ඇතිවන ද්‍රව පීඩනයෙන් සක්‍රීයවෙන කොටසක් මඟින් යාත්‍රාවෙන් වෙන්වී කාබන්ඩයොක්සයිඩ් මඟින් පිම්බීමට ඇති බැලුනයක් පිම්බී වතුරෙන් උඩට විත් දීප්තිමත් ආලෝකයක් විහිදුවන උපකරණයක්. සාමාන්‍යයෙන් මෙහි බැටරි ආයු කාලය අවරුදු 8ක් විතර වෙනවා (නි)
මෙය ඉතා මිල අධික මුහුදේ ගිල්වා පරීක්ෂණ සඳහා යොදාගන්නා උපකරණයක්. (නි)
මේකේ ලයිට් එකක් තවමත් පත්තුවෙනවලු නේද? (නි)
අපිට මේක මොකක්ද කියලා දැනගන්න වැඩි දවසක් යන එකක් නැහැ (නි)
මේක ලෙහෙසියෙන්ම හොයාගන්න පුලුවන් (නි)
වැඩි වෙලාවක් යන එකක් නැහැ මේක මොකක්ද කියලා දැනගන්න (නි)
අපි හොයමු. එතකොට දැනගන්න ලැබෙයි (නි)
කලබලනොවී බලමුකෝ මොකක්ද කියලා (නි)
මේ ආයතනයට මේ සීරියල් අංකය දුන්නොත් එයාලා හොයලා දෙයි (නි)
හරිම ලස්සනයි වෙරළ. පිරිසිදුයි නේද? (නි)
පුපුරන ද්‍රව්‍යයක් නම් වෙන්න බැහැ (නි)
ප්‍රවේශම කෝකටත් හොඳයි (නි)
බයවෙන්න දෙයක් නැහැ මේකේ (නි)
අපි මේ ගැන පොඩ්ඩක් ඉවසීමෙන් බලමුකෝ (නි)
අපි මේක ගැන එච්චර කලබල වෙන්න දෙයක් නැහැ (නි)
මෙය හඳුනා ගැනීමට එතරම් අපහසුවෙන එකක් නැහැ (නි)
මෙය නැවකින් ගැලවුණ කොටසක් වෙන්න පුළුවන් (නි)
බෝම්බයක් නම් වෙන්න බැහැ (නි)
ඕකෙ තියෙන මොඩල් අංකයෙනුයි, සමාගමේ නමිනුයි මේක ගැන විස්තර ටික දැනගන්න පුළුවන් වෙයි (නි)
මේ උපකරණයේ ගහලා තිබෙන එක ගූගල් එකේ බැලුවා නම් ඒක මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි (නි)
මට නම් බයයි ඇත්තටම (නි)
අපේ රටේ අය බයකරන්න කවුරුහරි කරපු වැඩක්ද දන්නෙ නැහැ (නි)
එක්සත් ජනපදයේ හූස්ටන් ටෙක්සාස්හි නිෂ්පාදනයක් (නි)
අපි බලමු මොකක්ද කියලා (නි)
ඇත්ත තමයි. බලන්නකෝ වෙරළේ හැටි (නි)
මේක මුහුදු ගවේෂණ වල පාවිච්චි කරන උපකරණයක කොටසක්. (නි)
හරි හරි. ඉවසලා බලමුකෝ (නි)
මෙය පුපුරන ද්‍රව්‍යයක් නම් වෙන්න බැහැ (නි)
අපේ රාවණා රජතුමා පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධකම් පැවැත්වුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ පිටසක්වල මිනිසුන් ආයේ ලංකාව එක්ක සම්බන්ධ වෙන්න දරපු උත්සහයකුත් වෙන්න පුළුවන්. (නි)
මේ ඡායාරූප වලින්ම බලන්න මේ වෙරළ කොච්චර නම් අපිරිසිදුද කියලා (නි)
ඒ දුරකථන අංකයෙන් කතාකරලා අහලා බැලුවා නම් හරිනේ (නි)
මම නම් මෙහෙම එකක් දැක්කමයි (නි)
අපේ පොලිසිය මේක බොහොම ටික වෙලාවකින් හොයාගනීවි මොකක්ද කියලා (නි)
මේක නැව් වල පාවිච්චි කරන උපකරණයක් වෙන්න පුළුවන් (නි)
අපි බලමු පොලිසිය මොකද කියන්නේ කියලා (නි)
මේක කවුරුහරි අපිව බයකරන්න එවුවද දන්නෙ නැහැ (නි)
ලයිට් එකකුත් පත්තුවෙනවලු නේද? අනේ මන්දා... (නි)
එක්සත් රාජධානියෙන් අපිට එවපු තෑග්ගක්ද දන්නෙ නැහැ. (නි)
කොයි එකටත් ප්‍රවේශමෙන් ළංවෙන්න (නි)
අම්මෝ! බෝම්බයක්වද්ද දන්නෙ නැහැ (නි)
මට නම් මේක එච්චර භයානක දෙයක් කියලා නම් හිතෙන්නෙ නැහැ (නි)
මොකක් වෙන්න පුළුවන්ද? අනේ මන්දා! (නි)
අපෝ! අපේ අය මේක බොහොම ඉක්මණට හොයාගනී (නි)
එහි ඇති මොඩලය ගූගල් සෙවුම් යන්ත්‍රයේ යොදා සෙවූවිට එහි සම්පූර්ණ විස්තරය මෙසේ සොයාගන්නට පුලුවන් වුණා. http://www.geospace.com/tag/streamer-recovery-device-srd/ (නි)
හරි විස්තරයම ඒකේ තියෙනවා නේද? (නි)
කෝ මේ අපේ අහවල් හිටපු ඇමතිතුමා? මේක අධිරාජ්‍යවාදීන්ගේ ඊනියා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක අතුරු ඵලයක් වෙන්නත් බැරි නැහැ (නි)
මේක මේ එච්චර ලොකු වස්තුවක් නෙමෙයිනේ. යම් උපකරණයක කැඩීගිය කොටසක් වෙන්න ඇති (නි)
මේකේ ලේබලේ තිබෙන මොඩ්ල් අංකය පරීක්ෂා කළා නම් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි (නි)
මේ ගැන ඉක්මණින්ම දැනගන්න පුළුවන් වෙයි (නි)
මම නම් මේ වස්තුව දැකලා කලබල වුණේ නැහැ (නි)
මේක හඳුනාගන්න එක එච්චරම අමාරු වෙන එකක් නැහැ (නි)
හඳුනානොගත් කියලා කිවුවහම මම මුලින් හිතුවෙම ස්ත්‍රී පරානයක් කියලා. මොකද ජීවිත කාලයක් එකට හිටියත් ගැහැණු හඳුනාගන්න එක ලෙහෙසි නොවන නිසා (නි)
මොකක්ද මන්දා? (නි)
මෙය මුහුදු පත්ලේ ස්වභාවය මැනීමට ගන්නා උපකරණයක් යැයි සිතේ.නාරා ආයතනයට අයත් විය හැකිය. (නි)
හදලා තියෙන්නේ එක්සත් ජනපදයේ නේද? ඔය දුරකථන අංකයකුත් තියෙන්නේ. (නි)
මේ නාවික යාත්‍රාවක කොටසක් වෙන්න පුළුවන් (නි)
ඕක ගැන ඒ හැටි කලබල වෙන්න දෙයක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
මේ ගැන ඉක්මණටම දැනගන්න පුළුවන් වෙයි (නි)
අපි බලමු මොකක්ද කියලා (නි)
මම නම් හිතන්නේ මේක නාවුක කටයුතු සඳහා යොදාගන්නා යම් වස්තුවක කොටසක් (නි)
ඇත්තටම මේ මොකක් වෙන්න පුළුවන්ද? (නි)
මේක කියවලා බලන්න (නි) http://www.geospace.com/heading-sensor-recovery-device-hsrd/
කලබල වෙන්න එපා. මම හිතන්නේ මේක මේ මුහුදේ මැනුම් කටයුතු වලට යොදාගන්නා ආම්පන්නයක්. මුහුදේ ගිලීම වැළැක්වීමට යොදාගන්නා උපකරණයක්. මැරීන් ස්ට්‍රීමර් කියන උපකරණය මුහුදු මට්ටමේ නියමිත ප්‍රමාණයට වඩා පහළට ගියොත් මේ උපකරණයේ කොටසක් පිපිරී වායු බෑග් එකක් පිම්බී ගිලෙන එක වළක්වා උඩට ගෙනෙනවා. (නි)
මෙය නාවික උපකරණයකි. (ම)
අදාල නිෂ්පාදන සමාගම මඟින් මේ ගැන විමසුවොත් හොඳයි නේද? (නි)
මෙහි මොඩ්ල් අංකය මඟින් සියලු විස්තර දැනගන්න පුළුවන් වෙයි (නි)
අපේ රටට මේකෙන් මොකක්හරි බලපෑමක් වෙයිද? (නි)
මුහුදට කඩාවැටුණු ගුවන් යානයක කොටසක් වෙන්නත් පුළුවන් (නි)
මේක නැවක කොටසක් (ම)
මේක මුහුදේ ගැඹුර මැන ගන්න උපකරණයක්.....ජිඕ ස්පසේ තාක්ෂණය (ම)
හොඳින්ම හඳුනාගත හැක (ම)
වස්තුව මොකක් වුණත් අවට වෙරළ නම් බොහෝම අපූරුවට අපිරිසුදු කරලා තියෙයි...(ම)
මුහුදට යටින් තියන පොළවේ හරස්කඩ ගවේෂණය කරන්න කම්පන තරංග භාවිතා කරනවා. එවැනි නවීන උපකරණ පද්ධතියක කොටසක්.(ම)