අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අපහාසවන අයුරින් මහනුවර ඩී.ඇස්.සේනානායක වීදියේ පෝස්ටර් මුද්‍රණය කළ ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

‘හොඳ හිත‘ නමැති එම මුද්‍රණාලයේ සිටි සැකකරුවන් 7 දෙනකු අත් අඩංගුවට ගත් බවත් එහි තිබූ පෝස්ටර් 800ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.